Home Sinhala චන්දිමාල්ගේ සටන්කාමී ඉනිම නිසා ශ්‍රී ලංකාවේ ජාමේ බේරයි

චන්දිමාල්ගේ සටන්කාමී ඉනිම නිසා ශ්‍රී ලංකාවේ ජාමේ බේරයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

378

සංචාරක දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ලකුණු 28කින් ජය ගත් දකුණු අප්‍රිකාව, 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ලබා ගන්නට සමත් වුනා.

ශ්‍රී ලංකාව තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමට සාපේක්ෂව වෙනස්කම් දෙකක් මේ තරගයේ දී සිදු කර තිබුණා.ඒ අනුව කමිඳු මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම වෙනුවට භානුක රාජපක්ෂ සහ අකිල දනංජය නැවතත් කණ්ඩායමට කැඳවා තිබුණා.

මහීෂ් තීක්ෂණ අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකාවේ 90 වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිත්‍ය නායක Temba Bavuma නොමැති නිසාවෙන් එහි වගකීම දරනු ලබන්නේ Keshav Maharaj විසිනි. ඔහු ක්‍රීඩා කරනු ලබන මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය මෙය වීම සුවිශේෂී වෙනවා.

එසේම ඔවුන්ගේ කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදුව තිබෙන අතර Quinton de Kock, Dwaine Pretorius, David Miller සහ Bjorn Fortuin නැවතත් කණ්ඩායමට පැමිණියා.

පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Avishska Fernando, Dinesh Chandimal (wk), Bhanuka Rajapaksa, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka (capt), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Maheesh Theekshana, Akila Dananjaya

දකුණු අප්‍රිකාව – Reeza Hendricks, Quinton de Kock (wk), Aiden Markram, Heinrich Klaasen, David Miller, Dwaine Pretorius, Keshav Maharaj (capt), Kagiso Rabada, Bjorn Fortuin, Anrich Nortje, Tabraiz Shamsi.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් වුනු අතර Aiden Markram ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 48ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කරමින් de Kock සහ Hendricks පිටියට පැමිණි අතර ඔවුන් දෙදෙනා ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වුනා. තරගයේ පළමු පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී de Kock දවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබුණු නමුත් එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට අපොහොසත් වුනා.

පළමු Powerplay අවස්ථාව අවසානයේ දී ඔවුන් කිසිවෙක් නොදැවී ලකුණු 47ක් ලබාගෙන මේ තරගයට සහ තරගාවලිය සඳහා ඉතාමත් හොඳ සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. ඒ වන විට ඔවුන්ගෙන් නිලකුණු පන්දු 14ක් උඳුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණා.

දකුණු අප්‍රිකානුවන් ආරම්භක පන්දුවාර 9 තුල පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 7 බැගින් ලබාගෙන තිබූ අතර දකුණු අප්‍රිකානු ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී de Kockගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමඟ, එම වේගය තරමක් මට්ටමකට අඩාල කිරීමට ඔවුන්ට හැකි වුනා.

වනිඳු යොමු කළ පන්දුවක් හමුවේ ස්ලොග් ස්වීප් පහරක් එල්ල කළ de Kock ලකුණු 36කට දැවී ගියේ, deep midwicket කලාපයේ සිට අසලංක රැක ගත් දක්ෂ උඩ පන්දුව නිසයි. ඒ නිසාවෙන් de Kock සහ Hendricks ගොඩනැංවූ ලකුණු 73 සුපිරි සබඳතාවයට තිත තැබුණා. පන්දු 32ක දී වාර්තා වුනු de Kockගේ එම ඉනිමට 4 පහර 3ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

ඉන්පසුව Hendricks සහ Klaasenගේ කඩුලු ඉතාමත් ඉක්මනින් දවා ගත් ශ්‍රී ලංකාව තරගයේ මැද පන්දුවාර තුල යම් ප්‍රමාණයකින් දකුණු අප්‍රිකානුවන් පාලනය කරන්නට සමත් වුනා. de Kockගෙන් පසුව ශ්‍රී ලංකාවට හිසරදයක් වුනු Hendricks පන්දු 30ක දී ලකුණු 38ක් ලබා ගත්තේ 4 පහර 3ක් සහ එක් 6 පහරක් එල්ල කරමිනි. 

පන්දුවාර 13ක් අවසානයේ 87/3ක් ලෙස සටහන්ව තිබූ දකුණු අප්‍රිකානු ඉනිම යම් තරගකාරී මට්ටමකට ඔසවා තැබු Markram පන්දු 33ක දී වේගවත් ලකුණු 48ක් ලබා ගත්තේ ඉතාමත් හොඳින් කඩුලු අතර දිවයමිනි.

ඒ සඳහා අනෙක් අන්තයෙන් සහය වුනු Miller ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනු අතර ඔවුන් දෙදෙනා 4 වැනි කඩුල්ල සඳහා පන්දු 35ක දී ලකුණු 65ක සබඳතාවයක් ගොඩනංවමින් ඉනිමේ වාර්තා වුනු දෙවැනි හොඳම සබඳතාවය ගොඩනැංවූවා.

වනිඳු ලකුණු 23කට කඩුලු 2ක් දවා ගන්නා විට චමීර, ශානක, මහීෂ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. තවද දකුණු අප්‍රිකානු ඉනිම පුරාවට නිලකුණු පන්දු 31ක් වාර්තා වුවත්, අවසන් පන්දුවාර 5 තුල කඩුලු 2ක් දැවී ලකුණු 56ක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකාව අවසන් පන්දුවාර (death overs) ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා මීට වඩා හොඳ සැලැස්මක් සහිතව පන්දු යවන්නන් යොදාගැනීම සිදු කළ යුතු වෙනවා.

ලකුණු 164ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි අවිශ්ක සහ චන්දිමාල් හට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. අවිශ්ක ලකුණු 11කට දැවී ගිය අතර Powerplay අවස්ථාව තුල නිලකුණු පන්දු 16ක් සමඟ කඩුල්ලක් දැවී ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 37ක් පමණයි. 

පිතිකරුවන්ගේ කඩුලු අතර දිවයාම ඉහළ මට්ටමක නොතිබුණු නිසා සහ නිලකුණු පන්දු වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කිරීම නිසා ශ්‍රී ලංකාවේ දල ලකුණු ලබා ගැනීමේ වේගය සඳහා විශාල බලපෑමක් එල්ල වුනා.

ඉන් ගොඩනැගුණු පීඩනයට එරෙහිව හෙමින් සීරුවේ සිය ඉනිම සඳහා ආරම්භය ලබා ගත් චන්දිමාල් සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 6 වැනි අර්ධ ශතකය සහ නොකඩවා ලබා ගත් දෙවැනි අර්ධ ශතකය ලබාගෙන සිය හොඳම විස්සයි විස්ස ඉනිම වාර්තා කරගත්තේ, කණ්ඩායමේ අනෙක් පිතිකරුවන් සඳහා ද ඉතාමත් හොඳ ආදර්ශයක් වෙමිනි.

චන්දිමාල් හට අනෙක් අන්තයෙන් නිසි සහයක් නොලැබුණු අතර භානුක නැවතත් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වන විට අසලංක, දසුන්, වනිඳු සහ ධනංජය හට පිතිකරණයෙන් නිසි සාධාරණයක් කණ්ඩායම වෙනුවෙන් ඉටු කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

එපමණක් නොව ඔවුන්ගේ බහුතරයක් මුහුණ දුන් පන්දු ප්‍රමාණයට සාපේක්ෂව වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් එක පෙළට ක්‍රීඩාගාරය වෙත පියමන් කරද්දී, සිය අන්තයෙන් හැකි උපරිමය ඉටු කළ චාමික පන්දු 14ක දී නොදැවී ලකුණු 22*ක් ලබා ගැනීමට සමත් වුනේ 4 පහරක් සහ 6 පහර දෙකක් එල්ල කරමිනි.

ශ්‍රී ලංකා ඉනිම පුරාවට නොදැවී කඩුල්ලේ රැඳී සිටි චන්දිමාල් 4 පහර 5ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 54ක දී ලකුණු 66*ක් ලබා ගත්තා. අවසානයේ දී ශ්‍රී ලංකාව සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත්තේ ලකුණු 135ක් පමණයි.

Rabada හැරෙන්නට අනෙක් සියලුම පන්දු යවන්නන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගිය අතර සිය මංගල විස්සයි විස්ස තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් Maharaj ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ එවැනි දස්කමක් දැක්වූ තෙවැනි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත් වුනා.

එසේම ශ්‍රී ලංකා ඉනිම තුල නිලකුණු පන්දු 49ක් වාර්තා වීම මේ තරග පරාජය සඳහා විශාල සාධකයක් වුනා. 

Result


Sri Lanka
135/6 (20)

South Africa
163/5 (20)

Batsmen R B 4s 6s SR
Quinton de Kock c Charith Asalanka b Wanindu Hasaranga 36 32 3 1 112.50
Reeza Hendricks c Maheesh Theekshana b Wanindu Hasaranga 38 30 3 1 126.67
Aiden Markram c Dushmantha Chameera b Dasun Shanaka 48 33 1 2 145.45
Heinrich Klaasen lbw b Maheesh Theekshana 2 4 0 0 50.00
David Miller c Avishka Fernando b Dushmantha Chameera 26 15 2 1 173.33
Dwaine Pretorius not out 10 6 1 0 166.67
Kagiso Rabada not out 0 0 0 0 0.00


Extras 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0)
Total 163/5 (20 Overs, RR: 8.15)
Fall of Wickets 1-73 (9.5) Quinton de Kock, 2-79 (11.1) Reeza Hendricks, 3-87 (12.6) Heinrich Klaasen, 4-152 (18.5) Aiden Markram,

Bowling O M R W Econ
Dushmantha Chameera 4 0 35 1 8.75
Dhananjaya de Silva 2 0 12 0 6.00
Maheesh Theekshana 4 0 35 1 8.75
Akila Dananjaya 3 0 28 0 9.33
Wanindu Hasaranga 4 0 22 2 5.50
Chamika Karunaratne 2 0 24 0 12.00
Dasun Shanaka 1 0 6 1 6.00


Batsmen R B 4s 6s SR
Avishka Fernando run out (Anrich Nortje) 11 14 0 0 78.57
Dinesh Chandimal not out 66 54 5 2 122.22
Bhanuka Rajapaksa lbw b Keshav Maharaj 0 1 0 0 0.00
Charith Asalanka c Dwaine Pretorius b Tabraiz Shamsi 6 19 0 0 31.58
Dasun Shanaka b Bjorn Fortuin 16 14 1 0 114.29
Wanindu Hasaranga c Reeza Hendricks b Dwaine Pretorius 0 2 0 0 0.00
Dhananjaya de Silva b Anrich Nortje 1 2 0 0 50.00
Chamika Karunaratne not out 22 14 1 2 157.14


Extras 13 (b 0 , lb 1 , nb 0, w 12, pen 0)
Total 135/6 (20 Overs, RR: 6.75)
Fall of Wickets 1-34 (5.5) Avishka Fernando, 2-34 (6.1) Bhanuka Rajapaksa, 3-68 (11.1) Charith Asalanka, 4-95 (14.6) Dasun Shanaka, 5-102 (15.5) Wanindu Hasaranga, 6-104 (16.1) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Bjorn Fortuin 4 0 24 1 6.00
Anrich Nortje 4 0 29 1 7.25
Kagiso Rabada 3 0 21 0 7.00
Keshav Maharaj 4 0 19 1 4.75
Tabraiz Shamsi 2 0 20 1 10.00
Dwaine Pretorius 3 0 21 1 7.00



  • තරගයේ වීරයා – Aiden Markram

එළඹෙන මාසයේ දී පැවැත්වීමට නියමිත ICC T20 ලෝක කුසලානයට ඉතාමත් හොඳ සූදානමක් ලබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම මේ තරගාවලියේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් වෙනවා. දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය අනිද්දා (12) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

<script