ලෝක කුසලානය ඇතුළු තරගාවලි 3කට නවසීලන්තයෙන් සංචිත

382

ඉදිරියේ දී නවසීලන්තය සහභාගී වීමට නියමිත තරග සංචාර දෙකක් සහ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන සංචිත නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ලෝක කුසලානයේ අනුශූරයින් වන නවසීලන්තය මෙවර ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නිවේදනය කර තිබෙන අතර Kane Williamson විසින් කණ්ඩායමට නායකත්වය ලබා දීමට නියමිතයි.

මෙම සංචිතය සඳහා සුපිරි පන්දු යවන්නන් වන Ish Sodhi, Mitchell Santner සහ Tim Southee යන විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් හි ඉහළින්ම පසුවන ක්‍රීඩකයින් නම් කර තිබෙනවා. ඔවුන්ට අමතරව Trent Boult, Lockie Ferguson, Kyle Jamieson සහ Todd Astle යන ක්‍රීඩකයින් ද ලෝක කුසලාන සංචිතය සඳහා ඇතුළත්.

එමෙන්ම පිතිකරණය සවිමත් කිරීම වෙනුවෙන් විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථම 10 දෙනා අතර සිටින ක්‍රීඩකයින් වන Martin Guptill සහ Devon Conway දෙදෙනා ද මේ සංචිතය සඳහා ඇතුළත්.

ඊට අමතරව කඩුලු රකින්නන් ලෙස Tim Seifert සහ Glenn Phillips කටයුතු කිරීමට නියමිත අතර තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස Daryl Mitchell, Jimmy Neesham සහ Mark Chapman සංචිතයට ඇතුළත්.   

Seamer Adam Milne අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර සිටින අතර ලෝක කුසලාන සංචිතය සඳහා නම් කළ කණ්ඩායම ම ඉදිරියේ දී ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සංචාරය සඳහා ද සහභාගී කරවීමට නවසීලන්තය අපේක්ෂා කරයි.       

නවසීලන්ත ලෝක කුසලාන සහ ඉන්දීය විස්සයි විස්ස සංචිතය: Kane Williamson (c), Todd Astle, Trent Boult, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Martin Guptill, Kyle Jamieson, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Mitchell Santner, Tim Seifert (wk), Ish Sodhi, Tim Southee, Adam Milne* (අතිරේක)

ලෝක කුසලානයට පෙර නවසීලන්තය බංග්ලාදේශයේ සහ පාකිස්තානයේ සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිත අතර ලෝක කුසලානයෙන් පසුව ඔවුන් ඉන්දියාව සමඟ විස්සයි විස්ස සහ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

කෙසේ නමුත් පාකිස්තාන සහ බංග්ලාදේශ සංචාර සඳහා සහභාගී වන නවසීලන්ත සංචිත ලෝක කුසලාන සංචිතයට නම් කර සංචිතය වඩා වෙනස් කිහිපයකට ලක් කර තිබෙනවා. 

කෙසේ නමුත් සියලු තරග සංචාර සඳහා ක්‍රීඩකයින් 32 සමන්විත විශාල සංචිතයක් නවසීලන්තය විසින් තෝරාගෙන තිබෙන අතර ඊට මින් පෙර නවසීලන්ත සංචිතයේ අසුන් හිමි නොවුනු නව ක්‍රීඩකයින් වන Cole McConchie සහ Ben Sears ද ඇතුළත්.

Tom Latham විසින් පාකිස්තාන සහ බංග්ලාදේශ සංචාරවල දී සංචිතය මෙහෙය වීමට නියමිත අතර Kane Williamson සහ පුහුණුකරු Gary Stead ලෝක කුසලානය වෙනුවෙන් අවධානය යොමු කරනු ඇත.

Glenn Pocknall විසින් බංග්ලාදේශ සංචාරයේ දී නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති අතර Shane Jurgenson පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියේ දී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. 

  • බංග්ලාදේශ විස්සයි විස්ස සහ පාකිස්තාන එක්දින සංචාර සඳහා සහභාගී වන සංචිතය: Tom Latham (c) (wk), Finn Allen, Hamish Bennett, Tom Blundell (wk), Doug Bracewell, Colin de Grandhomme, Jacob Duffy, Matt Henry (ODI only), Scott Kuggeleijn, Cole McConchie, Henry Nicholls, Ajaz Patel, Rachin Ravindra, Ben Sears (T20 only), Blair Tickner, Will Young

පුහුණු කාර්යමණ්ඩලය: Glenn Pocknall, Graeme Aldridge, Tilan Samaraweera

  • පාකිස්තාන විස්සයි විස්ස සංචාරය සඳහා සහභාගී වන සංචිතය: Tom Latham (c) (wk),Finn Allen, Todd Astle, Hamish Bennett, Tom Blundell (wk), Mark Chapman, Colin de Grandhomme, Martin Guptill, Matt Henry, Daryl Mitchell, Ajaz Patel, Ish Sodhi, Ben Sears, Blair Tickner, Will Young

පුහුණු කාර්යමණ්ඩලය:  Shane Jurgensen, Glenn Pocknall, Graeme Aldridge, Tilan Samaraweera

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<