Home Sinhala කෝඩුකාර සිංහයෝ අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම හඬවති!

කෝඩුකාර සිංහයෝ අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම හඬවති!

189

ආරක්ෂාව පිළිබඳ ගැටලු මැද, ප්‍රවීණයින් සියලු දෙනාම පාහේ නොමැතිව පාකිස්තානය බලා ගිය නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) ප්‍රබල පාකිස්තානු කණ්ඩායමට නොසිතූ විරූ පරාජයක් අත්කර දීමට සමත් විය. 

ඒ ලොව හොඳම විස්සයි විස්ස කණ්ඩායම ලෙසින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම වැජඹෙන ඔවුන්ව තම මව්බිමේ දී ම ලකුණු 64කින් පරාජය කරමිනි.

නව නායකත්වයක් සහිත තරුණයෝ ලොක්කන් මුණගැසෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ පසුව…

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මුල්වරට මෙහෙයවීමේ භාග්‍යය අද ප්‍රහාරාත්මක පිතිකරු දසුන් ශානකට හිමිවූ අතර මංගල කාසියේ වාසිය තමන් සතුකර ගන්නට නම් ඔහු සමත් වූයේ නැත. 

ඒ අනුව පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් තීරණය කළේ මුලින් පන්දු යැවීම තම කණ්ඩායමට වඩාත් වාසි ගෙන දෙනු ඇති බවයි. ඒ රාත්‍රිය උදාවීමත් සමඟ ඇතිවිය හැකි පින්න නිසා පන්දුව ග්‍රහණය කර ගැනීමේ අපහසුතා ද ඇතිවිය හැකි බව සැලකිල්ලට ගනිමිනි.

අද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙකු මංගල විස්සයි විස්ස වරම් දිනා ගත් අතර එම වාසනාවන්තයින් අතරට එක්වූයේ මිනෝද් භානුක සහ භානුක රාජපක්ෂයි. 

පාකිස්තානය සමඟ තෙවැනි එක්දින තරගයේ දී එක්දින වරම් ලද 24 වියැති මිනෝද් එහි දී පෙන්නුම් කළ විශ්වසනීය පිතිහරඹය විස්සයි විස්ස කණ්ඩායමට ද ඔහුව ඇතුළත් කිරීමට හේතු වන්නට ඇත. තවත් ප්‍රහාරාත්මක වමත් පිතිකරුවෙකු වන 27 හැවිරිදි භානුක රාජපක්ෂ පාසල් වියේ සිටම ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගත් දක්ෂ ක්‍රීඩකයෙකි.

මේ වන විට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන පාකිස්තානු කණ්ඩායම එම ස්ථාවරය බිඳකින්වත් ගිලිහෙන්නට නොදීමේ අරමුණින් තම සම්පූර්ණ කණ්ඩායම අද තරගය වෙනුවෙන් නම් කර තිබුණි.

ඒ හේතුවෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ නවක ශ්‍රී ලංකා පිළට ඔවුන්ගෙන් දැවැන්ත තර්ජනයක් එල්ල වනු ඇති බවයි. නමුත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු තම ප්‍රතිවාදීන්ව තුට්ටුවකට මායිම් නොකරමින් දරුණු ප්‍රහාරයකට යොමු වූහ.

මෙම මල්වෙඩි සන්දර්ශන පන්දුවාර 9.4ක් අවසානයේ නිමා වන්නේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 84ක් දක්වා ඉහළට ගෙන එමිනි. පාකිස්තානය සමඟ අවසන් එක්දින තරගයේ දී විශිෂ්ට ශතකයක් වාර්තා කළ ධනුෂ්ක ගුණතිලක අද තම රිද්මය අඛණ්ඩව පවත්වා ගනිමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 57කි. 

දිනෙන් දිනම තම හැකියාවන් වර්ධනය කරගන්නා බව පැහැදිලිව පෙන්නුම් කරන ධනුෂ්ක අද කල් යල් බලා එල්ල කරන ලද හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේය.

පැතුම්ගේ 85ත් සමඟ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ…

අවිශ්ක ප්‍රනාන්දුගෙන් මීට පෙර ප්‍රේක්ෂකයින්ට දැකගන්නට ලැබුණු මනරම් දැවැන්ත පහරවල් අද දිනයේ දකින්නට නොලැබුණු අතර ඔහු පන්දු 34කට මුහුණ දෙමින් ලකුණු 33ක් ලබා ගත්තේය. 

මීට අමතරව වසර ගණනාවක් තිස්සේ ක්‍රීඩාලෝලීන් අතර දැඩි ලෙස කතාබහට ලක්වුවද ජාත්‍යන්තර දොරටු විවර නොවූ භානුක රාජපක්ෂ අද තමන් ලද පළමු අවස්ථාවෙන්ම උපරිම ඵල නෙලා ගනිමින් පන්දු 22ක දී ලකුණු 32ක් රැස් කළේය. මුල් පන්දු කිහිපයේ දී ඔහු තරමක් නිරුත්තර වුවද පසුව හොඳින් පන්දු තෝරා බේරා ගනිමින් හතරේ පහර සහ හයේ පහර ද්විත්වය බැගින් එල්ල කළේය.

දසුන් ශානක අද තම මංගල නායකත්වයේ ඉනිම දැවැන්ත හයේ පහර දෙකක් සමඟින් ඇරඹුව ද තෙවැනි හයේ පහර කරා යොමු වීමේ දී දැවී ගියේය. ඒ වන විට ඔහු පන්දු 10කට පමණක් මුහුණ දී ලකුණු 17ක් ලබා සිටියේය. 

ඊළඟ පන්දුවේ දී ශෙහාන් ජයසූරිය දැවී ගියේ පන්දු 6කට මුහුණ දී ලකුණු 2ක් පමණක් රැස් කරමිනි. පන්දු යැවූ මොහොමඩ් හස්නයින් මෙම කඩුල්ල දවා ගැනීමත් සමඟින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කියූවේ ඔහු ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට භානුක රාජපක්ෂව දවාගෙන තිබූ බැවිනි.

මේ ආකාරයෙන් එකපිට කඩුලු බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකා මුල්පෙළ ලබා දුන් ආරම්භයෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වූ අතර පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ඉනිම දැක්වුනේ ලකුණු 165කට කඩුලු 5ක් ලෙසයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුවෙන්ම ළඟා වීමට තිබූ ලකුණු 180කට වැඩි ඉලක්කය වළක්වාලීමට වඩාත්ම හේතු වූයේ අවසන් තීරණාත්මක පන්දුවාර කිහිපය යැවූ මොහොමඩ් ආමීර් සහ මොහොමඩ් හස්නයින්ගේ දක්ෂ පන්දුකරණයයි.

ඒ අනුව තණතිල්ලේ ඇති සහයෝගයත්, පන්දුව ඉතාමත් වේගයෙන් හතරේ සීමාව කරා යන ආකාරයත් පන්දු රකින අතරවාරයේ දුටු පාකිස්තානු පිතිකරුවන් ඉනිම ආරම්භ කළේ ධනාත්මක මානසිකත්වයකින් යුතුවයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියානුවන් යම් මට්ටමකට මෙල්ල කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම…

නමුත් එම සුබ සිහින වැඩි කල් දකින්නට නුවන් ප්‍රදීප් ඉඩක් නොතැබූ අතර ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී ම බාබර් අසාම් සහ උමාර් අක්මාල් පිටියෙන් ඉවත් කරන්නට ඔහු සමත් විය. ඉන් අනතුරුව කසුන් රාජිත ද කඩුලු දඩයම ඇරඹීමට උත්සාහ ගත්ත ද විනිසුරුවරුන් ශ්‍රී ලංකාවට එතරම් සහයෝගයක් නොදැක්වීම නිසා ඔහුගේ වෑයම සාර්ථක වූයේ නැත.

ඒ අනුව අවස්ථා දෙකක දී කඩුල්ල බේරා ගැනීමට සමත් වූ අහමඩ් ශෙසාඩ් අවසානයේ දැවී යන්නේ ඉසුරු උදානගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි. 

ළඟ එන අනතුර වටහා ගත් පාකිස්තානය වහාම ගියර මාරු කරමින් ආරක්ෂිත පිතිකරණ රටාවකට යොමු වුවද ඔවුන්ගේ සිව්වැනි කඩුල්ල ද බිඳ වැටෙන්නේ නායක දසුන් ශානකගේ සුපිරි පන්දු රැකීමක් නිසාවෙනි. 

එහි දී තම කඩුල්ල බේරා ගැනීමට ඉෆ්තිකාර් අහමඩ් සහ සෆ්රාස් අහමඩ් යන දෙදෙනාම එකම අන්තයට දුව ගිය නිසා අවසානයේ දැවී ගිය ක්‍රීඩකයා තෝරා ගැනීමට තෙවැනි විනිසුරුගේ සහය පැතීමට ද සිදු විය.

ඉන් අනතුරුව අවශ්‍ය කරන ලකුණු වේගය ළඟා කර ගැනීමේ අටියෙන් දැවැන්ත පහරක් කරා යාමට උත්සාහ කළ සෆ්රාස් අහමඩ්ගේ කඩුල්ල බිඳ දමන්නේ වනිඳු හසරංගයි. 

පාකිස්තානු කණ්ඩායම මෙවන් බිඳ වැටීම් වලට ලක්වූ අවස්ථා බොහෝමයක දී කණ්ඩායම බේරාගෙන ඇති සෆ්රාස්ගේ මෙම දැවී යාම ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණය වෙනුවෙන් ලැබුණු නියත විවරණයක් බඳු විය. එතැන් පටන් තව තවත් උද්‍යෝගිමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පාකිස්තානු පසුපෙළ සම්පූර්ණයෙන් බිඳ දමන විට ඔවුන් රැස් කරගෙන සිටියේ ලකුණු 101ක් පමණි.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන කඩුලු 3 බැගින් බිඳ හෙළමින් විශිෂ්ට දස්කම් පෙන්වද්දී, වනිඳු හසරංග කඩුලු 2කට හිමිකම් කීවේය. 2013 වසරෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගයක දී පාකිස්තානය පරාජය කළ මෙම අවස්ථාව, වැඩිම ලකුණු පරතරයකින් යුතුව පාකිස්තානය පරාජය කළ අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක්විය. 

වැදගත්ම කරුණ වන්නේ පසුගිය කාලයේ ප්‍රවීණයින් සහිතව ද අන්ත පරාජයන්ට ලක්වූ ශ්‍රී ලංකා පිළ අද යොවුන් කණ්ඩායමක් සමඟින් මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්පත් කර ගැනීමට සමත් වීමයි.

තරගයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ප්‍රබල පාකිස්තානය ආරම්භයේ දී ම පසුපසට ඇද දැමූ ධනුෂ්ක ගුණතිලකට හිමි විය. දෙරට අතර අතිශයින්ම තීරණාත්මක දෙවැනි විස්සයි විස්ස තරගය අනිද්දා (07) මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතව ඇත. එම සියලු තොරතුරු එසැණින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com මග බලා සිටියි.

Result


Sri Lanka
165/5 (20)

Pakistan
101/10 (17.4)

Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka lbw b Shadab Khan 57 38 8 1 150.00
Avishka Fernando run out (Shadab Khan) 33 34 3 0 97.06
Bhanuka Rajapaksha lbw b Mohammad Hasnain 32 22 2 2 145.45
Dasun Shanaka c Babar Azam b Mohammad Hasnain 17 10 0 2 170.00
Shehan Jayasuriya c Shadab Khan b Mohammad Hasnain 2 6 0 0 33.33
Isuru Udana not out 5 4 0 0 125.00
Wanindu Hasaranga not out 7 6 1 0 116.67


Extras 12 (b 0 , lb 6 , nb 0, w 6, pen 0)
Total 165/5 (20 Overs, RR: 8.25)
Fall of Wickets 1-84 (9.4) Danushka Gunathilaka, 2-120 (14.4) Avishka Fernando, 3-135 (15.6) Bhanuka Rajapaksha, 4-153 (18.1) Dasun Shanaka, 5-153 (18.2) Shehan Jayasuriya,

Bowling O M R W Econ
Imad Wasim 4 0 24 0 6.00
Faheem Ashraf 3 0 31 0 10.33
Mohammad Hasnain 4 0 37 3 9.25
Mohammad Amir 4 0 25 0 6.25
Shadab Khan 4 0 35 1 8.75
Iftikhar Ahmed 1 0 7 0 7.00


Batsmen R B 4s 6s SR
Babar Azam c Minod Bhanuka b Nuwan Pradeep 13 10 2 0 130.00
Ahmed Shehzad b Isuru Udana 4 9 0 0 44.44
Umar Akmal lbw b Nuwan Pradeep 0 0 0 0 0.00
Sarfaraz Ahmed b Wanindu Hasaranga 24 30 1 0 80.00
Iftikhar Ahmed run out (Lakshan Sandakan) 25 24 2 0 104.17
Asif Ali c Danushka Gunathilaka b Wanindu Hasaranga 6 10 0 0 60.00
Imad Wasim c Wanindu Hasaranga b Kasun Rajitha 7 5 1 0 140.00
Faheem Ashraf c Danushka Gunathilaka b Nuwan Pradeep 8 8 1 0 100.00
Shadab Khan c Avishka Fernando b Isuru Udana 6 7 1 0 85.71
Mohammad Amir c Danushka Gunathilaka b Isuru Udana 1 2 0 0 50.00
Mohammad Hasnain not out 0 0 0 0 0.00


Extras 7 (b 0 , lb 5 , nb 0, w 2, pen 0)
Total 101/10 (17.4 Overs, RR: 5.72)
Fall of Wickets 1-13 (1.5) Babar Azam, 2-13 (1.6) Umar Akmal, 3-22 (4.2) Ahmed Shehzad, 4-68 (11.4) Iftikhar Ahmed, 5-76 (13.2) Sarfaraz Ahmed, 6-85 (14.4) Imad Wasim, 7-87 (15.2) Asif Ali, 8-96 (16.4) Faheem Ashraf, 9-101 (17.3) Shadab Khan, 10-101 (17.4) Mohammad Amir,

Bowling O M R W Econ
Kasun Rajitha 4 0 20 1 5.00
Nuwan Pradeep 3 0 21 3 7.00
Isuru Udana 2.4 0 11 3 4.58
Wanindu Hasaranga 4 0 20 2 5.00
Lakshan Sandakan 4 0 24 0 6.00




>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<