බංග්ලාදේශය ආඩම්බරකාර ජයක් ලබයි

233
@AFP

බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ආරම්භ වූ තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දින තුනකින් නිමා කරමින් අද (24) චිතගොං හී ෂාහුර් අහම්ඩ් චෞද්රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ ලකුණු 64ක ආඩම්බරකාරී ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වෙමිනි.

මාර්කස් ස්ටොනිස් ඉන්දීය සිහිනය බිඳ දමයි

බ්‍රිස්බන් ක්‍රිකට් පිටියේ දී අද (21) ආරම්භ වූ එංගලන්ත – ඉන්දියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක් ජයග්‍රහණයක්…

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට බාර ගත්ත ද ඔවුන්ගේ ඉනිමේ ආරම්භය කොහෙත්තම සාර්ථක වූයේ නැත. පළමු පන්දු වාරයේ දී ම ඔවුන්ගේ පළමු කඩුල්ල අහිමි විය. එසේ වූවත් ඔවුන් තම පළමු ඉනිම අවසන් කළේ ලකුණු 324ක් ලබා ගනිමිනි.

බංගලි ඉනිම ගොඩ නැගීමේ ගෞරවය හිමි වෙන්නේ ඉම්රුල් කයිස් සහ මොමිනුල් හක් වෙත ය. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 104ක සබඳතාවක් එක් කළහ. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව විය.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වූයේ මොමිනුල් හක් ය. ඔහු පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 120ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 8 වැනි ශතකය වන අතර බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ඊට අමතරව ඉම්රුල් කයිස් පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේ ය. නායක සකීබ් අල් හසන් (34) සහ තයිජුල් ඉස්ලාම්  (39*) ද ලකුණු අතරට පිවිසෙමින් බංග්ලාදේශ ඉනිමේ ලකුණු පුවරුව පෝෂණය කළහ.

එංගලන්ත තුරුම්පුවෙන් දෙවන කඩුල්ලේ සාර්ථකත්වය බිඳ වැ‍ටේ

දිනයේ පළමු කාර්තු දෙකේ දී ශ්‍රී ලංකාවට වැඩි වාසි හිමිවූත්, අවසන් කාර්තුවේ දී එම වාසිය එංගලන්තය දෙසට නතුවූත් අපූරු හා තීරණාත්මක තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ…

එම ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී ෂැනොන් ගබ්‍රියෙල් සහ ජොමෙල් වරිකන් කඩුලු 4 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව්වෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 246ක් පමණි. එම ඉනිමේ දී ෂිම්රොන් හෙට්මයර් සහ ශේන් ඩොව්රිච් ලකුණු 63 බැගින් ලබා ගත්තේ ය. හෙට්මයර්ගේ ඉනිමට පන්දු 47ක් වැය වූ අතර හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් එම ඉනිමේ තිබුණි. ඩොව්රිච්ගේ ඉනිම පන්දු 101කින් සමන්විත වූ අතර එහි හතරේ පහර දෙකක් සහ හයේ පහර 3ක් ඇතුලත්ව තිබුණි.

කඩුලු ලබා ගැනීමේ දී නයීම් හසන් ලකුණු 61කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේය.

ලකුණු 78ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයන්ට එවර ලබා ගත් හැකි වූයේ ලකුණු 125ක් පමණි. ඔවුන්ගේ ඉනිමේ ලකුණු 100 ලකුණු පුවරුවට පිවිසෙද්දී පිතිකරුවෝ 6 දෙනෙක්ම තම ඉනිම් අතහැර ගොස් තිබුණි.

සත්කාරකයෝ ලකුණු 194කට දැවී යයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ B කාණ්ඩයේ තරගයක් අද (23) සහිරා විද්‍යාලයීය පිටියේ දී ආරම්භ වූ අතර එහි දී…

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ මහමුදුල්ලා ය. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 31ක් ලබා ගත්තේ ය. ඊට පසුව යම් තරමින් හිස ඔසවා ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් වූයේ මුෂ්ෆිකර් රහීම් (19), මෙහිදි හසන් (18) සහ මොහොමඩ් මිතුන් (17) ය.

බංග්ලාදේශ ඉනිම විනාශ කිරීමේ දී දේවේන්ද්‍ර බිෂූ කඩුලු 4ක් ද, රොස්ටන් කේස් කඩුලු 3ක් ද සහ ජොමෙල් වරිකන් කඩුලු 2ක් ද ලබා ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 204ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව්වෝ ලකුණු 139කට සීමා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. එම ඉනිමේ දී පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූයේ තයිජුල් ඉස්ලාම් ය. ඔහු ලකුණු 33කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

එම ඉනිමේ ආරම්භක කඩුලු 4 ලකුණු 11ක් වෙද්දී දවා ගැනීම ඔවුන් ගේ විනාශය විය. කෙසේ වෙතත් පරාජිත ඉනිම වෙනුවෙන් සුනිල් ඇම්බ්‍රිස් පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ද අංක 10 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ජොමෙල් වරිකන් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ද ලබා ගත්හ. කඩුලු ලබා ගැනීමේ දී ශකීබ් අල් හසන් සහ මෙහිදි හසන් කඩුලු 2 බැගින් දවා ගත්හ.  

මෙම තරගයේ දී බංග්ලාදේශය වෙනුවෙන් මංගල ටෙස්ට් වරම් දිනා ගැනීමට නයීම් හසන් සමත් විය.

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 324 (92.4) ඉම්රුල් කයිස් 44, මොමිනුල් හක් 120, මොහොමඩ් මිතුන් 20, සකිබ් අල් හසන් 34, මෙහෙදි හසන් 22, නයීම් හසන් 26, තයිජුල් ඉස්ලාම් නොදැවී 39, ෂැනොන් ගබ්‍රියෙල් 4/70, ජොමෙල් වරිකන් 4/62

බටහිර ඉන්දීය කොදෙව්; සියලුම දෙනා දැවී 246 (64) රොස්ටන් කේස් 31, ෂිම්රොන් හෙට්මයර් 63, ශේන් ඩොව්රිච් 63, ශකීබ් අල් හසන් 3/43, නයීම් හසන් 5/61

බංග්ලාදේශය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 125 (35.5) මහමුදුල්ලා 31, මුෂ්ෆිකුර් රහීම් 19, දේවේන්ද්‍ර බිෂූ 4/26, රොස්ටන් කේස් 3/18, ජොමෙල් වරිකන් 2/43

බටහිර ඉන්දීය කොදෙව්; සියලුම දෙනා දැවී 139 (35.2) සුනිල් ඇම්බ්‍රිස් 43, ෂිම්රොන් හෙට්මයර් 27, ජොමෙල් වරිකන් 41, ශකීබ් අල් හසන් 2/30, තයිජුල් ඉස්ලාම් 6/33, මෙහිදි හසන් 2/27

තරගයේ වීරයා ලෙසින් තරගයේ එකම ශතකලාභියා වූ මොමිනුල් හක් නම් කෙරුණි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 30 වැනිදා ඩකා හිදී ආරම්භ වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<