Home Sinhala ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී

දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

998
දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟම දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලිය 1-0ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව අද (22) සමත් වුනා.

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 230ක් ලබාගෙන සිටියා. ඒ වන විට මිනෝද් භානුක සහ පසිඳු සූරියබණ්ඩාර තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 157ක සබඳතාවයක් ගොඩනංවා තිබූ අතර ඔවුන් දෙදෙනා එම සුපිරි සබඳතාවය ලකුණු 257ක් දක්වා රැගෙන යමින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට විශාල පීඩනයක් ගෙන දුන්නා.

4 පහර 10ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණි මිනෝද් සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබාගත් 16 වැනි ශතකය ලබා ගත්තා. ලකුණු 130ක් ලබාගෙන සිටිය දී Lizaad Williams විසින් යොමු කළ පන්දුවක් හමුවේ මිනෝද් දැවී යාමත් සමඟම දකුණු අප්‍රිකාවට යම් සැනසුම් සුසුමක් හෙළීමට අවස්ථාව ලැබුණේ වැඩි වේලාවක් තිස්සේ ඔවුන්ට බිඳ දැමීමට නොහැකි වුනු මිනෝද් – සූරියබණ්ඩාර පෙරළිකාර සබඳතාවයට තිත තබමිනි.

ඒ වන විට සූරියබණ්ඩාර සිය 6 වැනි පළමු පෙළ ශතකය ලබාගෙන තිබුණු නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 327/3ක් ලෙස සිය ලකුණු සටහන දැක්වෙද්දී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පන්දු 147ක් තුල නොදැවී ලකුණු 113*ක් ලබා ගත් සූරියබණ්ඩාරගේ ඉනිමට 4 පහර 12ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

ඒ අනුව තරගය ජයගෙන තරගාවලිය සම කිරීම වෙනුවෙන් ලකුණු 324ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවීමට Tony de Zorzi සහ Matthew Breetzke සමත් වුනා.

අවසානයේ දී ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 156ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කිරීමත් සමඟම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2ක් දවා ගත්තා.

Result

Match drawn

Sri Lanka A Team
290/10 (75.1) & 327/3 (83.1)

South Africa A Team
294/10 (84.3) & 156/4 (60)

Batsmen R B 4s 6s SR
Nishan Madushka lbw b Senuran Muthusamy 33 41 6 0 80.49
Lasith Croospulle st Kyle Verreynne b Senuran Muthusamy 27 42 3 1 64.29
Minod Bhanuka c Kyle Verreynne b Senuran Muthusamy 32 42 4 1 76.19
Pasindu Sooriyabandara b Lutho Sipamla 41 52 6 0 78.85
Kamindu Mendis c Kyle Verreynne b Lizaad Williams 1 13 0 0 7.69
Lahiru Udara c Zubayr Hamza b Senuran Muthusamy 33 54 5 1 61.11
Ramesh Mendis c Tshepo Moreki b Lutho Sipamla 62 123 5 2 50.41
Lakshitha Manasinghe c Zubayr Hamza b Senuran Muthusamy 13 20 3 0 65.00
Milan Rathnayake c Kyle Verreynne b Beyers Swanepoel 35 58 5 1 60.34
Praveen Jayawickrama c Beyers Swanepoel b Senuran Muthusamy 0 8 0 0 0.00
Vishwa Fernando not out 0 5 0 0 0.00


Extras 13 (b 1 , lb 3 , nb 7, w 2, pen 0)
Total 290/10 (75.1 Overs, RR: 3.86)
Bowling O M R W Econ
Lutho Sipamla 11 1 36 2 3.27
Lizaad Williams 6 0 26 1 4.33
Beyers Swanepoel 13 1 67 1 5.15
Tshepo Moreki 16 3 45 0 2.81
Senuran Muthusamy 26.1 4 101 6 3.87
Tristan Stubbs 2 0 9 0 4.50
Tony de Zorzi 1 0 2 0 2.00
Batsmen R B 4s 6s SR
Tony de Zorzi lbw b Vishwa Fernando 0 1 0 0 0.00
Matthew Breetzke lbw b Vishwa Fernando 10 14 2 0 71.43
Tristan Stubbs lbw b Vishwa Fernando 117 181 15 1 64.64
Keegan Petersen b Lakshitha Manasinghe 50 143 4 0 34.97
Zubayr Hamza b Lakshitha Manasinghe 46 76 6 0 60.53
Kyle Verreynne not out 38 50 2 2 76.00
Senuran Muthusamy lbw b Lakshitha Manasinghe 10 23 1 0 43.48
Beyers Swanepoel c Pasindu Sooriyabandara b Praveen Jayawickrama 4 12 1 0 33.33
Lizaad Williams c Milan Rathnayake b Praveen Jayawickrama 2 5 0 0 40.00
Lutho Sipamla c & b Lakshitha Manasinghe 1 5 0 0 20.00
Tshepo Moreki lbw b Lakshitha Manasinghe 0 1 0 0 0.00


Extras 16 (b 5 , lb 6 , nb 4, w 1, pen 0)
Total 294/10 (84.3 Overs, RR: 3.48)
Bowling O M R W Econ
Vishwa Fernando 13.4 2 45 3 3.36
Milan Rathnayake 11.2 1 30 0 2.68
Praveen Jayawickrama 29 3 102 2 3.52
Ramesh Mendis 14 0 58 0 4.14
Lakshitha Manasinghe 16.3 2 48 5 2.94
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Beyers Swanepoel b Tristan Stubbs 40 76 3 2 52.63
Lasith Croospulle c Keegan Petersen b Tshepo Moreki 30 72 3 1 41.67
Minod Bhanuka c Tony de Zorzi b Lizaad Williams 130 207 10 5 62.80
Pasindu Sooriyabandara not out 113 147 12 2 76.87


Extras 14 (b 4 , lb 3 , nb 3, w 4, pen 0)
Total 327/3 (83.1 Overs, RR: 3.93)
Bowling O M R W Econ
Beyers Swanepoel 11 2 28 0 2.55
Lizaad Williams 10.1 1 52 1 5.15
Senuran Muthusamy 30 5 121 0 4.03
Lutho Sipamla 5 0 18 0 3.60
Tshepo Moreki 13 2 33 1 2.54
Tristan Stubbs 14 0 68 1 4.86


Batsmen R B 4s 6s SR
Tony de Zorzi run out (Pasindu Sooriyabandara) 35 49 6 0 71.43
Matthew Breetzke c Milan Rathnayake b Praveen Jayawickrama 38 108 4 0 35.19
Tristan Stubbs lbw b Ramesh Mendis 12 20 0 1 60.00
Keegan Petersen c Nishan Madushka b Praveen Jayawickrama 29 97 1 0 29.90
Zubayr Hamza not out 24 75 1 0 32.00
Kyle Verreynne not out 8 12 1 0 66.67


Extras 10 (b 9 , lb 0 , nb 1, w 0, pen 0)
Total 156/4 (60 Overs, RR: 2.6)
Bowling O M R W Econ
Vishwa Fernando 7 0 26 0 3.71
Lakshitha Manasinghe 16 3 51 0 3.19
Milan Rathnayake 5 2 6 0 1.20
Praveen Jayawickrama 18 3 43 2 2.39
Ramesh Mendis 14 5 21 1 1.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<