Steven Smithව සිය පිත්තෙන් වෙන්කළ ‘Corona’

159
Steven Smith

‘Coronavirus’ වසංගත තත්වය ලොව පුරා පැතිර යාම හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලි දින නියමයකින් තොරව කල් යාමත් සමඟ මෙම කාලය පුරාවට තම ක්‍රිකට් පිත්තට විවේකයක් ලබා දුන් බව ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු Steven Smith පසුගිය දා හෙළිකරනු ලැබීය. 

ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙමින් තිබූ එක්දින තරගාවලියේ පළමු තරගය පසුගිය මාර්තු මස 13 වැනි දින ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ‘Coronavirus’ වසංගතය හේතුවෙන් එම තරගාවලියේ ඉතිරි තරග අත්හැර දැමීමට සිදුවීමත් සමඟ එතැන් පටන් මේ දක්වාම කිසිදු තරගයකට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හෝ Smithට අවස්ථාවක් ලැබුණේ නැත. 

අද දින සිය 31 වැනි උපන් දිනය සමරන Smith ටෙස්ට් ලකුණු 7000කට අධික සංඛ්‍යාවක් වාර්තා කර ගනිමින් මේ වන විට ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළවන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටින අතර ඊයේ (01) දිනයේ දී ඔහුට සිය New South Wales ක්‍රිකට් කණ්ඩායමත් සමඟ පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට ද අවස්ථාව හිමි විය. 

මේ දක්වා නැවතත් තරග ආරම්භ වන දිනයක් ප්‍රකාශයට පත්කර නොමැති නමුත් එළඹෙන අගෝස්තු මාසයේ දී ඕස්ට්‍රේලියාවේ දීම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට හැකි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. 

“පසුගිය මාස 2ක වගේ කාලය මට දැනුණේ හරියට ‘pre-season’ එකක් වගේ. ගොඩක් දුවලා, ‘gym’ ගිහින් අවුරුදු ගාණකින් මම කායිකව ඉඳපු හොඳම තත්වෙට එන්න මේ කාලෙදී මට පුළුවන් වුනා. 

ඉතින් මාස 2ක විතර කාලයක් ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා මේ වෙන කොට නැවතත් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයෝ එක්ක පුහුණුවීම් ආරම්භ කරලා තියෙනවා. ඒක ගැන ගොඩක් සතුටුයි.”

කෙසේ නමුත් තරග අවලංගු වීම සහ දැල් තුළ පිතිකරණ පුහුණුවීම් කටයුතු නොපැවැත්වීම හේතුවෙන් ඔහුට මෙම කාලය සිය ක්‍රිකට් පිත්තෙන් දුරස්ව ගතකිරීමට සිදුව ඇත. 

“ඇත්තටම මේ කාලේ පුරාවට මම ‘bat’ එක ඇල්ලුවේ වත් නැහැ. ගෙදරට වෙලා ‘drills’ 2-3ක් කළා මිසක් ඒ ඇරෙන්න වෙන දෙයක් කෙරුණේ නැහැ. මේ කාලේ මම ටිකක් මගේ සුපුරුදු පිතිකරණයෙන් ඈත්වෙලා ඉන්න කටයුතු කළා. මම එහෙම කරන්නේ ගොඩක් කලාතුරකින්. ඉතින් මේ කාලය තුළ මම මගේ අවධානය ගොඩක්ම යොමු කළේ කායික වශයෙන් ශක්තිමත් වෙන්න වගේම මානසිකව නැවුම් බවක් ඇතිකරගන්න.

ඒක ටිකක් වෙනසක් වුනත් අවුරුදු එකහමාරක විතර වගේ කාලයක් පුරාවට තිබුණ ලෝක කුසලානයක්, අළුබඳුන තරගාවලියක් වගේම ඉන් අනතුරුවත් තිබ්බ තරගාවලිවලින් පස්සේ මම හිතනවා මේ වගේ විවේකයක් එක්ක නැවුම් බවක් ලබාගන්න එක ඉස්සරහට යද්දී ගොඩක් වැදගත් වෙයි කියලා. 

ඉතින් මං දැන් අලුත් වෙලා නැවතත් ක්‍රීඩා කරන්න හොඳ සූදානමකින් ඉන්නේ.”

‘Coronavirus’ වසංගතය පැතිර ගොස් තරග අවලංගු නොවන්නට මේ වන විට Smith ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මෙම මාසයේ දී බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට එරටට පිටත්ව යන්නට නියමිතව තිබුණි. 

තවත් කියවන්න;

Wales ක්‍රිකට් කණ්ඩායමේ Cricket Australia (CA) ගිවිසුම්ගත ක්‍රීඩකයින් හය දෙනාගෙන් එක් අයෙක් වන Smith සමඟ ඊයේ දිනයේ දී ආරම්භ වූ පුහුණුවීම් කටයුතුවලට David Warner, Mitchell Starc සහ Nathan Lyon යන ක්‍රීඩකයින් ද එක්වන්නට විය.

COVID-19 වයිරසය හේතුවෙන් ඉදිරිපත් කර ඇති නැවත පුහුණුවීම් ආරම්භ කිරීමේ නියාමවලට අනුව පුහුණුවීම් කටයුතු සිදුකෙරෙන උදෑසන සහ සවස් වරුවල ‘indoor gym’ සහ ‘skills sessions’ වලට මුළු සංචිතය ම කණ්ඩායම් 4කට බෙදා දක්වා එම පුහුණුවීම් කටයුතු සිදුකරගෙන යනු ලබයි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<