උමාර් අක්මාල්ගේ ඉල්ලීමට කන් දෙන්න PCBය සූදානමින්!

104

තරග පාවාදීම සඳහා තැත් කිරීමේ චෝදනාව යටතේ වසර තුනක කාලයක් අන්තර්ජාතික තරග තහනමකට ලක්වූ පාකිස්තාන සුපිරි පිතිකරු උමාර් අක්මාල් තමන්ට එල්ල වන දෝෂාරෝපණයන්ට එරෙහිව අභියාචනාවක් ගොනු කිරීමට කටයුතු කොට තිබුණේ යලි නඩු විභාගයක් කැඳවීමේ අවශ්‍යතාව ඉස්මතු කරමිනි.

එංගලන්ත පුහුණු සංචිතයෙන් ප්‍රබලයින් හැලෙයි

අක්මාල්ගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ සඳහා ස්වාධීන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මුහම්මද් කෝකහාර් මහතාගේ සේවය ලබා ගැනීමට සූදානමින් පසුවන බව වාර්තා වේ. කෙසේ නමුත් නඩු විභාගය පැවැත්වෙන දිනයක් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට එළඹ නොමැති බව ක්‍රිකට් ආයතනය සඳහන් කොට තිබුණි.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට පෙරාතුව අවස්ථා දෙකක දී බූකී ඒජන්තවරුන් යැයි හඳුනා ගත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සබඳතා පැවැත්වීම අක්මාල්ට විරුද්ධව එල්ල වන ප්‍රධානතම චෝදනාව වන අතර ඔහු ඒ පිළිබඳ අධිකරණය ඉදිරියේ හෙළි කිරීමට දැක්වූ මැලිකම නිසාවෙන් එරට ක්‍රිකට් දූෂණ විරෝධී නීති සංග්‍රහයට ප්‍රාකාරව වසර තුනක තරග තහනමක් පැනවීමට පියවර ගැනිණි.

පෙබරවාරි 17 වැනිදා පැවති අවසන් නඩු විභාගයෙන් අනතුරුව අක්මාල්ගේ දඬුවම් කාල සීමාව ආරම්භ වූ අතර 2020 PSL තරග වාරය සඳහා ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව ද අහුරාලමින්  අක්මාල්ගේ නම ක්‍රීඩක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සුපර් ලීග් තරගාවලි සංවිධායක කමිටුව කටයුතු කරන ලදි. 

ශ්‍රී ලංකා සිංහයින් නැවතත් ක්‍රීඩා පිටියට

තමන්ට එරෙහිව කරුණු ගොනු වූ පළමු අවස්ථාවේ දී ම ඊට එරෙහිව කිසිදු හඬක් නොනැඟූ අක්මාල් තරග තහනම පැනවීමෙන් අනතුරුව පමණක් ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන්නේ ඇයි දැයි යන්න තමන්ට ගැටලුවක් බව නඩු තීන්දුව ලබා දුන් විනිසුරු චහුහාන් මහතා අවධාරණය කර සිටියේය.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් අසීෆ් මහමුද් මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ක්‍රීඩකයින් මෙවැනි ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන්නේ එයින් තම ක්‍රීඩා දිවියට එල්ල විය හැකි බලපෑම පිළිබඳව දැනුවත්ව වීම කනගාටුවට කරුණක් බවයි.

“අපි ක්‍රීඩකයින්ව මේ උවදුරෙන් ගලවා ගන්න ගොඩක් උත්සහ කරනවා. ඒ සඳහා වැඩපිළිවෙළ කිහිපයක්ම අපි ක්‍රියාවට නංවලයි තියෙන්නේ. ඒ මොනවා කළත් වැඩක් නැහැ ඔවුන්ට තමන් ගන්න තීන්දු තීරණවල බැරෑරුම්කම අවබෝධ කරගන්න බැරි නම්. තාවකාලික මුදලකට තමන් මහන්සියෙන් ගොඩ නගපු ක්‍රීඩා ජීවිතය බිල්ලට දෙන එක කිසිසේත්ම අනුමත කරන්න බැහැ.”

“මම සියලුම ක්‍රීඩකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ වෙනත් කෙනෙකුට තමන්ගේ අනාගතය විනාශ කරන්න ඉඩදෙන්න එපා. පුළුවන් තරම් ඒ වගේ පිරිස් වලින් ඈත් වෙලා කටයුතු කරන්න. බැරි වෙලා හරි එහෙම දිගින් දිගටම තමන්ට බාහිර පාර්ශවයක් බලපෑම් එල්ල කරනවා නම් අදාළ බළධාරීන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<