“පරණ කෝන්තර අමතක කරන්න” – හිටපු ප්‍රබලයෙකුගෙන් ඉල්ලීමක්

242
former cricketers

දෙපාර්ශවය අතර පවතින්නා වූ මත ගැටුම් අවසන් කොට සාමකාමීව එම ගැටලු විසඳා ගන්නා මෙන් ගාම්බීර් සහ අෆ්‍රිඩි දෙදෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් මහතා ඊයේ (01) පැවති වැඩසටහනකට සහභාගී වෙමින් සඳහන් කර සිටියේය.

ඉන්දු-පාකිස්තාන මත ගැටුම් යළි ඇවිලෙයි

පළුදු වී ඇති ඉන්දු-පාකිස්තාන මිත්‍රත්වය යලි ගොඩනැඟීමට ක්‍රිකට් ක්‍රීඩාව පිළියමක් සේ යොදාගැනීම ඉතාමත් කාලෝචිත උපක්‍රමයක් බවත්, ඇතැම් ක්‍රීඩකයින් තම පෞද්ගලික එදිරිවාදිකම් පසෙකලා අදාළ  වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය දැක්වීම වැදගත් ඉදිරි පියවරක් විය හැකි බවත් වකාර් අවධාරණය කර සිටියේය.

කාශ්මීර දේශ සීමාව සහ එම ප්‍රදේශයන්ගේ අයිතිය සම්බන්ධයෙන් දෙරටේම රාජතාන්ත්‍රිකයින් ඉතිහාසය පුරාවටම ගැටීම් රැසකටම මුලපුරා ඇති අතර තමන් නියෝජනය කරන පාර්ශවයට සහය දක්වමින් අෆ්රිඩි සහ ගාම්බීර් දෙදෙනා වසර ගණනක සිට ප්‍රසිද්ධියේම විරුද්ධ පාර්ශවය විවේචනය කිරීමට කටයුතු කරමින් සිටිති.

ගෞතම් ගාම්භීර් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියේ සමාජ ක්‍රියාකාරකම් සඳහා ඔහු දැක්වූ උනන්දුව නිසාවෙන් බව සඳහන් වේ. ජනතා නියෝජිතයෙකු ලෙස එරට පාර්ලිමේන්තුවට තේරී පත් වීමේ භාග්‍ය උදා කර ගත් ඔහු මේ වන විට මෙම දේශ සීමා ගැටලුව සම්බන්ධයෙන් පෙරමුණ ගෙන ක්‍රියා කරන ප්‍රබල ඉන්දීය නියෝජිතවරයෙකු ලෙස කටයුතු කරයි.

ශහීඩ් අෆ්‍රිඩි ද තමන්ගේ සහෝදර පාකිස්තාන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට ඕනෑම මොහොතක සූදානම් බව ප්‍රකාශ කොට තිබුණේ ඉන්දියානුවන්ගේ ඇතැම් අත්තනෝමතික ක්‍රියා කලාපයන් තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සඳහන් කරමිනි. 

ඔහු තම නමින් පිහිටුවා ඇති අරමුදල ඔස්සේ එරට ජනතාව වෙනුවෙන් නොයෙකුත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන අතර එමඟින් සහෝදර රටවැසියන්ගේ ජීවන තත්වය උසස් කිරීම ඔහුගේ අරමුණ බව සඳහන් වේ.

උමාර් අක්මාල්ගේ ඉල්ලීමට කන් දෙන්න PCBය සූදානමින්!

කෙසේ නමුත් වකාර් සඳහන් කර සිටි අන්දමින් මොවුන් දෙදෙනාගේ කඹ ඇඳිල්ලේ තරගය නිමා කරන්නේ නම් එය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ධනාත්මක බලපෑමක් එල්ල කිරීමට උපකාරී වනු ඇති බවයි. මන්දයත් 2012-13 වසරෙන් අනතුරුව දෙරට අතර එකදු ක්‍රිකට් තරගාවලියක් හෝ පැවැත්වීමට අපොහසත් වී ඇති හෙයින් ඉදිරියේ දී හෝ එම බලාපොරොත්තුව යථාර්ථයක් බවට කර ගැනීමට නම් මෙම ගැටුම සමථයකට පත්වීම ඊට උපකාරී වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි.

“මේ ප්‍රශ්නය අද ඊයේ එකක් නෙමේ. අවුරුදූ ගානක ඉදන් පෑරෙන තුවාලයක්. දැන් නම් මේ ගැටලුව අවසානයක් දකින්න ඕනෑ කාලේ හරි කියලයි මම හිතන්නේ. ඔවුන් දෙදෙනා මීට වඩා කල්පනාකාරීව සහ බුද්ධිමත්ව කටයුතු කරොත් හොඳයි කියලයි මම විශ්වාස කරන්නේ. එහෙමත් විසඳ ගන්න බැරි නම් හොඳම දේ තමයි දෙන්නා කොහේදී හරි මුණ ගැහිලා මූණට මූණ මේ පිළිබඳ සාකච්ඡා කරලා එකඟතාවකට එන එක.”

දෙරට අතර හොඳ හිත නැවත වරක් වර්ධනය කරගැනීමට ක්‍රිකට් ක්‍රීඩාව උපකාරී කර ගත හැකි බව වකාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒ සඳහා පුරෝගාමීත්වය ගෙන කටයුතු කිරීමට අෆ්‍රිඩි සහ ගාම්බීර් දෙදෙනාට ආරාධනයක් ද කරමිනි. 

“මට හැඟෙනවා ඒ සැලසුම යම් විදියකින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුනොත් විශාල ප්‍රසිද්ධියක් අත්පත් කරගන්න හැකි වෙයි කියලා. මම නම් කියන්නේ ඉන්දු පාකිස්තාන තරගාවලි දිගටම පැවැත්වුනොත් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් වඩාත් සතුටු වෙයි කියලා. මොකද ක්‍රිකට් කියන්නේ කොච්චර ප්‍රශ්න තිබ්බත් මොහොතකට ඒ ඔක්කොම අමතක කරලා මනස සුවපත් කරන්න හොඳ ඖෂධයක්”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<