ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (07) උදෑසන නිමාවට පත් වුනා.
තරගයේ පළමු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් කඩුලු 9ක් දැවී ලකුණු 549ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒ සඳහා පිළිතුරු ඉනිම දියත් කළ කොදෙව්වන් විසින් සියලු දෙනා දැවී යමින් ලකුණු 499ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට අවතීර්ණ වූ Jhon Campbell විසින් ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, ඔහු ඇතුළු පිතිකරුවන් සිව් දෙනෙකු ඉනිමේ ලකුණු 144ක් සටහන් වන විට පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
කෙසේ වෙතත් කොදෙව් ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එකතු වූ Shai Hope සහ Justin Greaves අතරේ 242ක දැවැන්ත සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා.
- ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි
- 19න් පහළ යොවුන් තරගාවලියට අදත් වර්ෂාවෙන් බාධා
- වාර්තා පොත් අලුතින් ලියැවුණ 2026 මංගල තරගය
- ගියවර ශූරියන් සහ අනුශූරියන් පරාජය වෙයි
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මෙහි දී Shai Hopeගේ පිත්තෙන් ලකුණු 112ක් වාර්තා වූ අතර, ඒ සඳහා හතරේ පහර 10ක් අඩංගු වුනා. Hopeගේ දැවී යාමෙන් පසුව ද Justin Greaves විසින් ඉනිමේ පසු පෙළ පිතිකරුවන් සමඟ එක් ව සිය ඉනිම තවත් ඉදිරියට රැගෙන යාමට සමත් වූ අතර, ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට කොදෙව් ඉනිම ලකුණු 499ක් ලෙස සටහන් වී තිබුණා.
මේ සඳහා Gravesගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 180ක් වූ අතර, එම ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වී තිබුණා.
කොදෙව් පළමු ඉනිම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 50ක් පිටුපසින් රැඳී තිබුණු අතර, මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 130කට කඩුලු 5ක් බිඳ හෙළනා අතරේ, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.
මේ සමඟින් තරගයේ සිව්වැනි දිනය තුළ කොදෙව් පළමු ඉනිම නිමාවට පත් වූ අතර, ඉන් පසුව ශ්‍රී ලංකාව විසින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළා.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භයේ දීම පළමු ඉනිමේ විශිෂ්ට ශතකයක් වාර්තා කළ ලහිරු උදාර ලකුණු 2ක්ට දැවී ගිය අතර, ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 32ක් සටහන් වන විට අනෙක් ආරම්භක පිතිකරු වූ නිශාන් මදුශ්ක ද ලකුණු 20ක් ලබමින් පිටියෙන් ඉවත් වී ගියා.
මින් අනතුරුව දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් විසින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වෙමින් සිව්වැනි දිනය නිමා වන තෙක් නොදැවී පිතිකරණයේ යෙදීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා එකතුව ඉනිමට ලකුණු 60ක් එක් කිරීමට සමත් වුනා.
මෙහි දී චන්දිමාල් ලකුණු 40ක් සහ කමිඳු ලකුණු 30ක් වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ සිව්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 142ක් පෙරමුණේ පසු වනවා.
තරගයේ පස්වැනි සහ අවසාන දිනය අද රාත්‍රියේ ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















