Home Sinhala නිශාන් අගනා ශතකයක් රැස් කරද්දී උදාරගෙන් අර්ධ ශතකයක්

නිශාන් අගනා ශතකයක් රැස් කරද්දී උදාරගෙන් අර්ධ ශතකයක්

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

582

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේ දෙවැනි දිනය අද (26) නිමාවට පත්වුනා.

සටන්කාමී ඉනිම් කිහිපයක් දැක ගැනීමට හැකි වූ අද දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු අටක් දැවී ලකුණු 164ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 222ක් ලබා සිටියා.

ඊයේ දිනයට තරගය අවසන් කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 93ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා කඩුලු අටක් දැවී ලකුණු 355ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට ද තීරණය කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි කඩුල්ල සඳහා නිශාන් මධුශ්ක සමඟ එක්ව ලකුණු 170ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව සිය ශතකයට ආසන්නයේ දී ලහිරු උදාර දැවී යන විට ලකුණු 93ක් ලබාගෙන සිටියා.

ඉන්පසුව පිටියට පැමිණි ශ්‍රී ලංකා නායක සහන් ආරච්චිගේ ලකුණු 25කට සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 13කට දවා ගැනීමට Patterson-White සහ Tongueට හැකි වූ අතර ජනිත් ලියනගේ ලකුණු නොලබාම දැවී ගියේ Tongueගේ පන්දුවක් හමුවේයි.

ඊයේ දිනයේ සිටම එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයින්ට දැඩි හිසරදයක් වූ නිශාන් මධුශ්ක අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 158ක් තුළ නොදැවී ලකුණු 150ක් රැස් කරමින් ශ්‍රී ලංකා සභාපති කණ්ඩායමේ ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී එංගලන්ත ලයන්ස් වෙනුවෙන් Patterson-White සහ Tongue කඩුලු තුන බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 13 දී දවා ගැනීමට කවිඳු පතිරත්නට හැකි වූ අතර පෙර ඉනිමේ ශතකයක් ලැබූ AZ Lees ලකුණු 27ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වුනා.

TJ Haines සහ W James පිළිවෙළින් ලකුණු 13කට සහ 17කට දවා ගනිමින් එංගලන්ත ලයන්ස් ලකුණු පුවරුව 63/4ක් බවට පත් කිරීමට සහන් ආරච්චිගේට හැකි වෙද්දී, ලකුණු 26ක් ලබා සිටි Patterson-White දැවී ගියේ නිමේෂ් විමුක්තිගේ පන්දුවක් හමුවේයි.

L Smith ලකුණු 13කට දවා ගනිමින් සිය දෙවැනි කඩුල්ල ලබා ගැනීමට විමුක්තිට හැකි වෙද්දී, Tom Abell ලකුණු ලබා ගැනීමට පෙරම ක්‍රීඩාගාරයට හරවා යැවීමට දුෂාන් හේමන්තට හැකි වුනා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සහන් ආරච්චිගේ සහ නිමේෂ් විමුක්ති කඩුලු දෙක බැගින් දවා ගත්තා.

Result


Sri Lanka Board President’s XI
355/9 (72) & 309/6 (50.4)

England Lions
413/8 (67) & 250/10 (47.4)

Batsmen R B 4s 6s SR
Alex Lees st Lahiru Udara b Tharindu Ratnayake 103 97 12 2 106.19
Haseeb Hameed c Dushan Hemantha b Kavindu Pathirathna 0 1 0 0 0.00
Tom Haines lbw b Kavindu Pathirathna 6 5 1 0 120.00
Tom Abell b Tharindu Ratnayake 57 58 11 0 98.28
Josh Bohannon b Nimesh Vimukthi 58 75 7 0 77.33
Lyndon James lbw b Nimesh Vimukthi 24 44 2 0 54.55
Jack Haynes not out 63 56 4 1 112.50
Jamie Smith c Lahiru Udara b Kavindu Nadeeshan 50 34 7 1 147.06
Ollie Robinson b Tharindu Ratnayake 25 24 1 0 104.17


Extras 27 (b 4 , lb 10 , nb 12, w 1, pen 0)
Total 413/8 (67 Overs, RR: 6.16)
Bowling O M R W Econ
Kavindu Pathirathna 7 0 40 2 5.71
Isitha Wijesundera 7 2 14 1 2.00
Nimsara Atharagalla 1.3 0 13 0 10.00
Nimesh Vimukthi 9 0 59 0 6.56
Kalana Perera 7.3 0 30 0 4.11
Sahan Arachchige 2 0 31 0 15.50
Tharindu Ratnayake 15 0 85 2 5.67
Janith Liyanage  8 0 47 2 5.88
Dushan Hemantha 7 0 62 0 8.86
Kavindu Nadeeshan 3 0 18 1 6.00
Batsmen R B 4s 6s SR
Nishan Madushka retired 150 158 24 1 94.94
Lasith Croospulle c Jack Carson b Liam Patterson-White 19 36 2 0 52.78
Nimesh Vimukthi b Jack Carson 17 28 2 1 60.71
Lahiru Udara c Nathan Gilchrist b Jack Carson 93 85 13 2 109.41
Sahan Arachchige c Tom Haines b Liam Patterson-White 25 51 4 0 49.02
Dunith wellalage b Josh Tongue 13 25 3 0 52.00
Janith Liyanage  lbw b Josh Tongue 0 2 0 0 0.00
Pasindu Sooriyabandara lbw b Liam Patterson-White 1 6 0 0 16.67
Avishka Tharindu b Josh Tongue 6 8 1 0 75.00
Nimsara Atharagalla not out 6 24 1 0 25.00
Kavindu Pathirathna not out 4 17 1 0 23.53


Extras 21 (b 8 , lb 0 , nb 8, w 5, pen 0)
Total 355/9 (72 Overs, RR: 4.93)
Bowling O M R W Econ
Sam Cook 11 0 52 0 4.73
Matt Fisher 9.4 2 28 0 2.98
Liam Patterson-White 16 4 80 3 5.00
Jack Carson 14 1 73 2 5.21
Tom Hartley 8 2 40 0 5.00
Josh Tongue 8 2 22 3 2.75
Nathan Gilchrist 5 2 48 0 9.60
Tom Abell 0.2 0 4 0 20.00
Batsmen R B 4s 6s SR
AZ Lees retired 27 22 3 0 122.73
Haseeb Hameed c Isitha Wijesundera b Kavindu Pathirathna 2 10 0 0 20.00
Tom Haines b Sahan Arachchige 13 30 1 0 43.33
Lyndon James b Sahan Arachchige 17 22 2 0 77.27
Liam Patterson-White c & b Nimesh Vimukthi 26 34 3 1 76.47
Ollie Robinson c Isitha Wijesundera b Janith Liyanage  39 25 6 0 156.00
Jamie Smith b Nimesh Vimukthi 13 8 2 0 162.50
Jack Haynes c Dushan Hemantha b Isitha Wijesundera 51 70 5 0 72.86
Tom Abell c Sahan Arachchige b Dushan Hemantha 0 2 0 0 0.00
Josh Bohannon c Lasith Croospulle b Isitha Wijesundera 50 64 4 0 78.12
Tom Hartley not out 1 1 0 0 100.00


Extras 11 (b 2 , lb 5 , nb 3, w 1, pen 0)
Total 250/10 (47.4 Overs, RR: 5.24)
Bowling O M R W Econ
Kavindu Pathirathna 8 0 45 1 5.62
Isitha Wijesundera 4.4 0 16 2 3.64
Sahan Arachchige 7 0 50 2 7.14
Kalana Perera 3 0 10 0 3.33
Janith Liyanage  8 0 45 1 5.62
Nimesh Vimukthi 11 0 46 2 4.18
Dushan Hemantha 5 0 16 1 3.20
Tharindu Ratnayake 1 0 15 0 15.00


Batsmen R B 4s 6s SR
Lasith Croospulle b Tom Hartley 116 84 15 5 138.10
Lahiru Udara b Sam Cook 25 22 4 1 113.64
Avishka Tharindu c Jack Carson b Liam Patterson-White 0 10 0 0 0.00
Sahan Arachchige c & b Jack Carson 22 46 3 0 47.83
Janith Liyanage  c Jack Haynes b Josh Tongue 42 59 7 0 71.19
Dunith wellalage c Sam Cook b Jack Carson 19 35 2 1 54.29
Pasindu Sooriyabandara not out 52 38 7 2 136.84
Dushan Hemantha not out 23 14 2 1 164.29


Extras 10 (b 0 , lb 4 , nb 4, w 2, pen 0)
Total 309/6 (50.4 Overs, RR: 6.1)
Bowling O M R W Econ
Sam Cook 12 2 61 1 5.08
Josh Tongue 9 2 46 1 5.11
Liam Patterson-White 9 1 55 1 6.11
Jack Carson 11 2 72 2 6.55
Tom Hartley 7.4 0 60 1 8.11
Nathan Gilchrist 2 0 11 0 5.50



තරගයේ තෙවැනි දිනය හෙට (26) ක්‍රියාත්මක වන අතර තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<