ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් සිය ධුරය හැර යයි!

ICC Cricket World Cup 2023

808
Mohan De Silva

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ධුරය දැරූ මොහාන් ද සිල්වා මහතා පෞද්ගලික සහ සෞඛ්‍ය හේතූන් මත අද (04) දිනයේ සිය ධුරයෙන් ඉල්ල අස් වීමට තීරණය කර තිබෙනවා. 

මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දුර්වල තරග රටාව සහ විශේෂයෙන්ම ඉන්දියාව සමඟ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාමාන්‍ය දුර්වල වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) වෙත දැඩි විවේචන එල්ල වීමට පටන් ගත්තා.

පසුව මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් SLC විධායක කමිටුවට තම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ද ඉල්ලීම් කර ඇති පසුබිමක මොහාන් ද සිල්වා මහතා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ තමන් සිය පෞද්ගලික සහ සෞඛ්‍ය හේතූන් මත මෙම තීරණය ගත් බවයි. 

කල්පනාකාරී ව සලකා බැලීමෙන් පසුව, මගේ වර්තමාන සීමා කිරීම් පාලක මණ්ඩලයේ ක්‍රියාකාරකම්වලට බලපෑමක් ඇති නොකරන බව සහතික කර ගනිමින්, මගේ ඉවත් වීම අධ්‍යක්ෂක මණ්ඩලයට සහ මට ද ප්‍රයෝජනවත් වනු ඇති බව නිගමනය කළෙමි.” 

එමෙන්ම මේ වන විටත් මොහාන් ද සිල්වා මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<