රිටි පැනීමේ ජාතික වාර්තාව බිඳ හෙලයි

314
95th National athletics championship Anith broke a record

එළඹෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට හා පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා තරග සඳහා දක්ෂයින් සොයාගෙන යන 95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඊයේ (31) ආරම්භ වූ අතර එහි දෙවන දිනය අද (1) දිනය පුරාවටම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ. අද දිනයේ දහවල් විවේකය අවසන් වීමට පෙර රිටි පැනීමේ ක්‍රීඩිකා අනීතා ජෙගතීශ්වරන් එම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.

යුද, ගුවන් දක්ෂතා මැද ප්‍රථම දිනය නිමා වෙයි

මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන 95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද (31) ආරම්භ වූ අතර …

යාපනය මහජන විද්‍යාලයේ ආදී ශිෂ්‍ය ක්‍රීඩිකාවක් වන අනීතා 2017 වර්ෂයේ ජුනි මාසයේ දී දියගම පිටියේ දී පැවැත්වූ රිටි පැනීමේ කාන්තා ඉසව්වේ දී ඇය විසින්ම තැබූ වාර්තාව වන මීටර 3.46ක වාර්තාව මීට පෙර ශ්‍රී ලංකා ජාතික රිටි පැනීමේ කාන්තා වාර්තාව වූ අතර අද (1) දිනය තුල ඇය විසින් තබා තිබූ වාර්තාව බිඳ හෙලමින් මීටර 3.47ක් ලෙස ඇයගේම වාර්තාව අලුත් කර එය ජාතික වාර්තාවක් ලෙස පිහිටුවාලන ලදි.

ඇය එම ඉසව්ව අවසන් වූ පසුව ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඇය ඉතාමත් දුෂ්කර ක්‍රීඩා ජීවිතයක් ගත කරමින් මෙවන් තත්ත්වයක් දක්වා සිය දක්ෂතා වර්ධනය කර ගත් බවයි. ඒ පිළිබඳව ඇය ඉතාමත් සතුටට පත්වන බව ද එහි දී පැවසීය. එසේම ඇය ඇයගේ පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ඇයගේ දෙමව්පියන්ට ද ඇය සිය ස්තුතිය පුද කළ අතර, ඇයගේ පුහුණුකරුට ද ඇය සිය ස්තුතිය පුද කළේය.

ඇය ඉදිරියේ දී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා කෙසේ හෝ සුදුසුකම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කරන ලදි. ඒ සඳහා මීටර 3.80ක දක්ෂතාවක් පෙන්නුම් කළ යුතු බව ද ඇය ප්‍රකාශ කළාය.

ඇයගේ පුහුණුකරු වන සී. බාස්කරන් මහතා 2013 වර්ෂයේ සිට අනීතාගේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන අතර, ඒ මහතා ඇයගේ දක්ෂතා පිළිබඳව සතුටට පත්වන බවත්, ඇයගේ දක්ෂතා තව දුරටත් ඉහළට නැංවිය හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙම වාර්තාව බිඳ වැටීමත් සමඟින් ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසය තුල රිටි පැනීමේ ඉසව්ව තුලින් තබා තිබූ වාර්තාවක් වන මීටර 3.33ක වාර්තාව ද මේ සමඟින් අලුත් විය. මීට පෙර එම වාර්තාව තබා තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවක් වන අනෝමා කරුණාවංස විසින් වන අතර එම වාර්තාව 2015 වර්ෂයේ දී පිහිටුවා තිබුණි.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට