ආසියානු 20න් පහල රග්බි තරගාවලිය අගෝස්තුවේ

355

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි කණ්ඩායම නැවත වරක් ශූරයින් වීමේ බලාපොරොත්තුවෙන් එළඹෙන අගෝස්තු 10දා සිට 2018 ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලියට එක්වනු ඇත.

මරීජාගේ නායකත්වයෙන් 20න් පහල කණ්ඩායම අධීක්ෂණයට නව කමිටුවක්

ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා…

ආසියානු රග්බි පිටියේ වාර්ෂික තරගාවලියක් වන වයස අවුරුදු 20න් පහල තරගාවලිය, ආසියානු කලාපයේ නැගී එන රග්බි ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පෙන්වීම සඳහා මනා වේදිකාවකි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 2016 තරගාවලියේ ශූරයින් ලෙස අභිෂේක ලැබූ අතර 2017 තරගාවලියේ අනුශූරයින් බවට පත්විය.

2016 දී කෙවින් ඩික්සන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුසලානය තමන් සතුකර ගැනීමට සමත්වූ අතර 2017 දී අවසන් මහා තරගයෙන් හොං කොං හමුවේ පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

2016 දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ ශුරයින් ලෙස අභිෂේක ලැබූ අතර දෙවන වටයේ දී අනුශූරයින් ලෙස අභිෂේක ලැබූවේ තරගාවලිය සමස්ත ශූරතාව දිනා ගනිමිනි.රග්බි

2016 දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ ශුරයින් ලෙස අභිෂේක ලැබූ අතර දෙවන වටයේ දී අනුශූරයින් ලෙස අභිෂේක ලැබූවේ තරගාවලිය සමස්ත ශූරතාව දිනා ගනිමිනි.

පසුගිය වසරවල දී වට දෙකකින් සමන්විත වූ තරගාවලිය මේ වසරේ දී එක් වටයකින් පමණක් ක්‍රියාත්මක වන අතර තරගාවලිය අගෝස්තු 10දා හා 11දා හොං කොං හි කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ සතියේ සිය පුහුණුවීම් ඇරඹු අතර මේ වසරේ පාසල් රග්බි පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩා තරු ද පසුගිය වසරේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ද ඇතුළු 36 දෙනෙකුගෙන් යුතු සංචිතයක්, අභිනවයෙන් පත්වූ පුහුණුකරුවෙක් හා අභිනවයෙන් පත්වූ අධීක්ෂණ කමිටුවක් යටතේ මාසයක කාලයක් පුරා තරගාවලියට සූදානම් වනු ඇත.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රග්බි පාලක මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රහිම් මහතාට සහය ලබා දීම සඳහායි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<