2023 LPL ටිකට්වල ගණන් හිලව් නිවේදනය කරයි

Lanka Premier League 2023

1618

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි ආකාරය සහ ඒවායේ මිල ගණන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (23) නිවේදනය කර තිබුණා. 

ඒ අනුව ඊයේ සිට තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරුණු අතර  www.srilankacricket.lk ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකි. 

මෙවර තරගාවලියේ ලීග් වටයේ තරගය ජූලි 30 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් පහතින්. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය 

  PRICE PER TICKET 
C & D Lower (Week days)  Rs. 150 
C& D Lower (Weekend)  Rs. 300 
C&D Upper Stands  Rs. 500 
A&B Lower Stands  Rs. 1000 
A&B Upper Stands  Rs. 2000 
Grandstand  Rs. 3000 
Corporate Boxes  Rs. 6500 

මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය 

  PRICE PER TICKET 
Grass Embankment  Rs. 150 
A&B Lower Stands  Rs. 1000 
Grandstand  Rs. 3000 
Corporate Boxes  Rs. 5000 

 

2023 LPL තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<