ලෝක කුසලාන ඉතිහාසය 3- ඉන්දියානු වික්‍රමය (1983)

212

සමහර විට එවකට ඉන්දියානුවන් වත් නොසිතුවා ඇති ඔවුන්ට දෙවරක් ජයග්‍රහණය කල බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පරාජය කිරීමට හැකි වේවි යැයි කියා.

 

ඉන්දියාවට පසුගිය ලෝක කුසලාන තරඟ වලදී ජයග්‍රහණය කර ගත හැකි වූයේ නැගෙනහිර අප්‍රිකාවට එරෙහිව පමණි. ඔවුන් එවකට ටෙස්ට් තරඟ තත්වයට පැමිණ නැති ශ්‍රි ලංකාවට පවා පරාජය විය. ආරම්භයේ සිටම ලෝක කුසලාන තරඟාවලිය බලාපොරොත්තු නොවූ ආකාරයෙන් සිත්ගන්නා සුළු විය. කොදෙව්වන් ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට පරාජයවූ අතර සිම්බාබ්වේ කණ්ඩායම අතින් ඔස්ට්‍රේලියාවද පරාජයට පත් විය. මෙවැනිම ජයග්‍රහණයක් නැවතත් අත් කරගත්තේ මෙම මොහොතෙන් වසර 31කට පසුය. තවද කිසිවෙකුත් නොසිතූ රොජර් බිනී, මධන් ලාල් හා අශාන්ත ද මෙල් යන් අ ක්‍රීඩකයන් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඉහලටම පැම්ණියේද මෙම ලෝක කුසලාන තරඟාවලියේදී ය.

පසුගිය දසවසර පුරාවට තම ආධිපත්‍යය පතුරාගෙන සිටි කොදෙව්වන් 1983 තරගාවලියට පිවිසියේ එම කිරුළ තෙවන වරටත් ජයග්‍රහණය කර ගැනීමටය. ඉන්දියාව බලාපොරොත්තු නොවූ විජයග්‍රහණයක් කරා ගෙන ගියේ; එවකට කණ්ඩායම් නායක කපිල් දේවිගේ තුන් ඉරියව් ක්‍රිඩා කෞශල්‍යයයි.

පසුගිය තරඟ වලට වඩා තරඟ ආකෘතිය වෙනස් වුවත්, ඕවර සංඛ්‍යාව(60) හා එක් පන්දු යවන්නෙකුට ක්‍රීඩා කල හැකි පන්දු වාර ගණන ඕවර 12ක් ලෙස නොවෙනස්ව පැවතිනි. ආරම්භක තරඟ, තරඟ 24කින් සමන්විතවූ අතර, එක් කණ්ඩායම් තම ප්‍රතිවාදීන්ට එරෙහිව තරඟ දෙකකට මුහුණ දිය යුතුව්ය. මෙසේ කරන ලද්දේ යම් කිසි හේතුවක් නිසාවෙන් එක් කණ්ඩායමකට කාලගුණය හේතුවෙන් හෝ වෙනත් හෙතුවක් නිසා අපහසුතාවක් සිදුවුවහොත් එවැනි අවස්ථාවක සිදුවන අසාධාරණය මඟ හරවා ගැනීමටය. තරඟ විනිසුරුවරුන් බවුන්සර් හා පසුගිය තරඟ වලට වඩා තරඟ ආකෘතිය වෙනස් වුවත්, ඕවර සංඛ්‍යාව(60) හා එක් පන්දු යවන්නෙකුට ක්‍රීඩා කල හැකි පන්දු වාර ගණන ඕවර 12ක් ලෙස නොවෙනස්ව පැවතිනි. ආරම්භක තරඟ, තරඟ 24කින් සමන්විතවූ අතර, එක් කණ්ඩායම් තම ප්‍රතිවාදීන්ට එරෙහිව තරඟ දෙකකට මුහුණ දිය යුතුව්ය. මෙසේ කරන ලද්දේ යම් කිසි හේතුවක් නිසාවෙන් එක් කණ්ඩායමකට කාලගුණය හේතුවෙන් හෝ වෙනත් හෙතුවක් නිසා අපහසුතාවක් සිදුවුවහොත් එවැනි අවස්ථාවක සිදුවන අසාධාරණය මඟ හරවා ගැනීමටය. තරඟ විනිසුරුවරුන් බවුන්සර් හා වයිඩ් පන්දු පිලිබඳව තදබල තීරණ ගත් අතර එම හේතුව නිසාවෙන් මෙවර තරඟයේදී 1979 තරඟයට වඩා වයිඩ් පන්දු ප්‍රමාණයක් දැක ගත හැකිවිය. යාර 30ක පන්දු රැකිමේ සීමාවක් හඳුන්වාදුන් අතර සෑම ව්ටම එම සීමාව තුල පන්දු රකින්නන් සිවිදෙනෙකු රැදී සිටිය යුතු විය. පෘඩෙන්ඩෙන්ශල් සමාඟම අවසන් වරට තම අනුග්‍රාහකත්වය දැක්වූ මෙම තරඟාවලිය කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් ස්ථාන 15ක පැවැත්විණි.

සත්කාරකයෝ “ඒ” කණ්ඩායමේ ඉදිරියට…

ජූනි නවවෙනිදා ඕවල් පිටියේ පැවති සමාරම්ඹක තරඟය නවසීලන්තයට එරෙහිව ලකුණු 106ක පරතරයකින් එංගලන්තය ජයග්‍රහණය කළෝය. ඇලන් ලෑම්බ්ගේ ශතකය එංගලන්තයේ ලකුණු මට්ටමට විශාල තෝතැන්නක් විය. තරඟය අවසානයේ හයදෙනෙකු දැවී ලකුණු 322ක් රැස්කරගෙන සිටි එංගලන්තයට පිලිතුරු ඉණිමේ ඕවර 59ක් අවසානයේ නවසීලන්තයට රැස් කරගත හැකි වූයේ ලකුණු 216ක් පමණි

සමාරම්ඹක තරඟයේ සිදු වූ අවමානය මඟ හරවාගනිමින් දෙවන තරඟයේදී නවසීලන්තය කඩුළු 2කකින් ජයග්‍රහණය කළෝය. පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයේ ඉණිම ලකුණු 234කට අවසන් විය. වමත් පිතිකරු ඩේවිඩ් ගොවර් ලකුණු 92ක් සහ ග්‍රරෙයෑම් ෆව්ලර් ලකුණු 69ක් ද රැස්කර ගත්තේය. රිචර්ඩ් හැඩ්ලි සහ ලාර්න්ස් කෙයර්න්ස් කඩුළු තුන බැඟින් දවාගත්තේය. නවසීලන්තය අට දෙනෙකු දැවී ලකුණු 238ක් සත්කාරකයන්ට එරෙහිව ලබාගෙන දෙවැනි තරගය ජයග්‍රහණය කළෝය.

කෙසේ වෙතත් එංගලන්තය තරඟයක් පමණක් පරාජය වී “ඒ” කාණ්ඩායේ පළමු තැනට පත්වූ අතර දෙවැනි හා තුන්වෙනි ස්ථාන වලට පකිස්තානය හා නවසීලන්තය පිළිවෙලින් පත් විය.

ලංකාව අතින් නවසීලන්තය පරාජයට….

පකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති තරඟය ලකුණු 11කින් පරාජයවූ ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් කිරුළ හිමි කරගැනීමට හැකියාවක් තිබුනේය. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම දැඩි අසීරුතාවයට පත් වූයේ අශාන්ත ද මෙල්ගේ හා රුමේශ් රත්නායකගේ පන්දු යැවීම මධ්‍යයේ කඩුළු 9ක් අවසානයේ ලකුණු 116ක් රැස්කර ගනිමිනි . කෙසේ නමුත් ඉන් පසු පැමිණ් රිදී ඉණිමක් ක්‍රීඩා කල මාර්ටීන් ස්නෙඩන් හා එවන් චැට්ෆීල්ඩ් හට නවසීලන්ත ලකුණු 181ක් දක්වා වර්ධනය කරගත හැකිවිය. ස්නෙඩන් ලකුණු 40කද චැට්ෆීල්ඩ් ලකුණු 19කද සම්බධතාවක් ගොඩ නැගුවේය. නවසීලන්තයට එරෙහිව ද මෙල් ලකුණු 32ක්දී කඩුළු 32ක් හා රත්නායක ලකුණු 18ක් තුල කඩුළු 3ක්ද බිඳ හෙළුවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කල රෝයි ඩයස් හා බ්‍රෙන්ඩන් කුරුප්පු ලකුණු 80ක සබදතාවක් ගොඩනැඟුවේ ය. ලකුණු 32කදී නොසිතූ ලෙස කඩුළු 5ක් දැවී ගිය පසු ශ්‍රී ලංකාව ලබාගෙන් තිබුණේ ලකුණු 131ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 3ක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ ඩයස්ගේ මනා පිතිහරඹය යි.

“බී” කාණ්ඩයේ වික්‍රමය….

ජූනි 9වැනිදා පැරණි ට්‍රෆර්ඩ් පිටියේ පැවති කොදෙව්වන් හා ඉන්දියානුවන් අතර පැවති තරඟය අයහපත් කාළගුණය නිසා තරඟය ආරම්භ කිරීම ප්‍රමාද විය. යශ්පාල් ශර්මාගේ ලකුණු 89, එවිට තිදෙනෙකු දැවී ලකුණු 79ක් ලබාගෙන සිටි ඉන්දියානුවන්ගේ ලකුණු තත්වය 262ක් දක්වා උසස් කලේ; එය ඒ වනතුරු ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව කරවමිනි. 

ලැරී ගෝමස්, හෝල්ඩින් සහ ගාර්නර් කඩුළු 2ක බැඟින් දවා ගත්තේය. ඉන්දියානුවන්ගේ ජයග්‍රහණය තීරණය වූයේ ඔවුන් තරඟයේ 22වැනි ඕවරයේදී කොදෙව්වන්ගේ කඩුළු 2ක් බිඳ හෙලීමෙනි; මේ වන විට කොදෙව්වෝ ලකුණු 67ක් ලබාගෙන සිටියේය. පසු තරඟය නැවත පටන් ගැනුනි. රොජර් බින්නී සහ රවි ශාස්ත්‍රි කොදෙව් ඉණිම ලකුණු 157කට සීමා කරවූයේ ඉතිරි කඩුළු 7 දවා ගනිමිනි. ඇන්ඩ් රොබර්ට් සහ ජෝයෙල් ගාර්නර්ගේ ලකුණු 71ක සබධතාව ඉන්දියානුවන් මදකට බියගැන්වුවද රවී ශාස්ත්‍රි එල්ල කල පන්දුව රැකගෙන කඩුල්ල බිම හෙලූ සයිඩ් කිර්මානි නිසාවෙන් ඉන්දියාව එම තරඟය ජයග්‍රහණය කලේ ය. 

එදිනම සිම්බාබ්වේ කණ්ඩායම තම ප්‍රථම ලෝක කුසලාන තරඟයේදීම ඔස්ට්‍රේලියව පරාජයට පත් කලේ ය. සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 239ක් රැස් කරගත්තේ ඔස්ට්‍රේලියනුවන් ලකුණු 13කින් පරාජයට පත් කරවමිනි.

ඉන්දියාව හමුවේ කොදෙවිවන්ගේ පරාජයෙන් දින දෙකකට පසුව, ඔස්ට්‍රේලියානු කණ්ඩායම කොදෙව් කණ්ඩායම හමුවේ ලකුණු 101ක පරජයක් ලැබීය. කොදෙව් කණ්ඩයම නවදෙනෙකු දැවී ලකුණු 252ක් රැස් කර ගත්තේ ලැරී ගෝමස්ගෙන් ලැබුනු ලකුණු 78ත් සමඟය. ඔස්ට්‍රේලියානු පිතිකරුවන් 7දෙනෙකු ලකුණු 51ක් තුල දවා ගනිමින් වින්ස්ටන් ඩේවිස් ලෝක ඉතිහාසයට එකතුවූයේ, ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

කපිල් දෙව් ක්‍රීඩාපිටිය වර්ණවත් කරයි….

කොදෙව්වන් “ඒ” කාණ්ඩයේ පෙරමුණ ගත් අතර ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ලකුණු 118ක ජයක් ලබා අර්ධ අවසන් පුර්ව තරගයේ තම ස්ථානය ඉන්දියාව ලබා ගත්තෙය. ජූනි 18 වන දින දෙවන වරටත් සිම්බාබ්වේ කණ්ඩායම හා තරගවැදිමට ඉන්දියාවට සිදුවිය. ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ගත් තීරණය හොද තීරණයක් නොවන  බව ඉන්දියාවට වැටහුණේ ඔවුන්ගෙ පළමු පෙල කඩුළු 5ක් ලකුණු 17කට බිද වැටිමත් සමගය. තරගය සම්පුර්ණයෙන්ම වෙනස් කිරිමට කපිල් දෙව් සමත් විය. බින්නි, මධන් ලාල් හා දෙව් ඉන්දියාව ලකුණු 140/8 වැනි ස්ථානයකට ගෙනයාමට සමත් විය. කිර්මනී සමග එක් වී ලකුණු 126ක සම්බන්ධතාවයක් ගොඩනැගිමට දෙව් සමත් විය. තවද දෙව්ගේ ලකුණු 175 අතරට හතරේ පහරවල් 14ක්ද හයේ පහරවල් 6ක්ද  එක් විය. 49 වන ඕවරයෙදි ලබාගත් ශතකයෙන් පසු අනෙක් ලකුණු 75 ඕවර 11ක් තුලදි රැස් කිරිමට ඔහු සමත් විය. කපිල් දෙව් තම පිල ලකුණු 266ක ඉතා ශක්තිමත් ස්ථානයකට ගෙනගියේය. ඔහුගෙ දැවැන්ත ඉනිම එතෙක් ලෝක කුසලානයක රැස් කර තිබු වැඩිම ලකුණු සංඛ්‍යාවෙ වාර්තාව බිද දැමුවෙය. ඉන්දියානු ක්‍රීඩක මධන් ලාල් ලකුණු 42කට කඩුළු 3 දවාගනිමින් තම ප්‍රතිවාදි කණ්ඩායම ලකුණු 235කට දවා ගැනිමට සමත් විය.

ඉන්දියාව හා කොදෙව්වන් අවසන් තරගයට……

පළමු අර්ධ අවසන් පුර්ව තරගය “ඔල්ඩ් ට්‍රෑෆොර්ඩ්”හිදි ජූනි 22වන දින එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්විය. එංගලන්තය හොදින් පන්දුවට පහර දුන්නද ඉන්දියානු පිලේ පන්දුයැවිම නිසා එංගලන්තය යම් පසුබෑමකට ලක්විය. දෙව්, බින්නි හා අමරනාත්ගේ පන්දු යැවිම නිසා එංගලන්ත පිතිකරුවන් දුවද්දි දැවියාම් 2කට හසුවිය. ඉතා අපහසුවෙන් ලකුණු 200ක් රැස් කරගත් එංගලන්තය ලකුණු 213කට දවා ගැනිමට ඉන්දියාව සමත් විය. ඉන්දියාව එම ඉලක්කය කඩුළු 4ක් පමණක් දැවී සපුරා ගත් අතර, යාෂ්පාල් ශර්මා හා සන්දීප් පටිල් පිළිවෙලින් ලකුණු 61ක්ද 51ක්ද ලබාගත්තේය.

ඕවල් ක්‍රීඩාංගනයේදි දෙවන අර්ධ අවසන් පුර්ව තරගය පැවැත්වුනේ පකිස්තානය හා කොදෙව්වන් අතරය. පකිස්තානය ඕවර 60කටම රැස් කලේ ලකුණු 184ක් පමණියි. මැල්කොම් මාර්ශල් ලකුණු 28කට කඩුළු 3ක් දවා ගත්තේය. කොදෙව්වන් ලකුණු 188ක් රැස් කල අතර විව් රිචඩ්ස් ලකුණු 80ක් රැස් කලේය. තුන්වන කඩුල්ල සදහා ගෝමස් හා රිචඩ්ස් ලකුණු 132ක් එක් කලේය. කොදෙව්වන් තම තුන්වන ලෝක කුසලාන ජය අත්කර ගැනිමට ඉතා ආසන්න විය.

කොදෙව්වන් මවිතයට පත්කල ඉන්දියානුවන්…..

කණ්ඩායම් දෙක ලෝඩ්ස් පිටියට ජුනී 25 වන දින ලෝක කුසලාන අවසන් මහා තරගය සදහා සහභාගි විමට පැමිණි අතර මෙහිදි ඉන්දියානු පිලට වඩා කොදෙව් පිල කෙරෙහි වැඩිදෙන බලපොරොත්තු තැබුහ. කොදෙව්වන් තම 3න් වන ලෝක කුසලාන කිරුළද ලබා ගනියයි සියළුදෙනා කිවෙය. කාසියේ වාසිය ජයගත් කොදෙව් නායක ලෝයිඩ් ප්‍රථමයෙන් පන්දු යැවිමට තීරණය කලෙ තම වේග පන්දු බලඇණිය ලවා තර්ජනයක් එක් කිරිමටය. තම තුන්වන ඕවරයෙදි සුනිල් ගවස්කාර් පිටියෙන් ඉවත් කිරිමට රොබට්ස් සමත් වුවද, ක්‍රිස් ශ්‍රිකාන්ත් පන්දුයවන්නන් හට දැඩි සේ පහර දුන්නෙ හතරේ පහරවල් 7ක් හා හයේ පහරක්ද සමගින්ය. ලකුණු 38කට ශ්‍රිකාන්ත් දැවී ගියපසු මොහින්දර් අමර්නාත් ලකුණු 26ක් ලබා ගත්තේය. දිවා ආහරය සදහ තරගය නවත්වන විටදි ඉන්දියාව ලකුණු 100 කට කඩුළු 4 දැවි සිටියෙය. අවසානයේ ඉන්දියාව ලකුණු 183ක් ලබා ගත්තෙය. ඇන්ඩි රොබ්ට්ස් ලකුණු 32කට කඩුළු 3 ලබා ගත් අතර මැල්කම් මාර්ශල්, මයිකල් හොල්ඩින් හා ලැරි ගෝමස් කඩුළු 2ක බැගින් ලබා ගත්තේය.  

මෙම ඉලක්කය කොදෙව්වන් හට අපහසු නොවිය. විව් රිච්ඩ්ස් හා ඩෙස්මන්ඩ් හේයන්ස් තම පිලට ලකුණු 50ක් රැස් කලේය. කොදෙව්වන් තම ප්‍රිතිඝොෂා ආරම්භ කර තිබිනි. නමුත් මධාන් ලාල් විසින් රිචඩ්ස් ලකුණු 33කට දවාගැනිමත් පසුව සියල්ල වෙනස් විය. රිචඩ්ස්ගෙ උඩ පන්දුව රැකගැනිමට කපිල් දෙව් යාර 20ක් පමණ පිටුපසට දිව ගියෙය. මධාන් ලාල් තවත් කඩුළු 2ක් ලබා ගත් අතර ඒ කඩුළු 2ක හෙයන්ස්ගෙ හා ගෝමස්ගෙ කඩුළු විය.  ලොයිඩ් හා බැකුස් ද පිටියෙන් ඉවත් කිරිමට ඉන්දියනුවන් සමත් වුනේ කොදෙව්වන්ගෙ කඩුළු 6ක් ලකුණු 76ක් තුලදි ලබා ගනිමින්ය. මාර්ෂල්ගෙද කඩුල්ල ලකුණු 18කට දවාගැනිමට අමර්නාත් සමත්විය. කොදෙව්වන් එකින් එක පිටියෙන් ඉවත්වුණු අතර ඔවුන්ගෙ ඉනිම ලකුණු 140කට සීමාවිය. කොදෙව්වන්ගේ අවසන් කඩුළු 9 ලකුණු 80කට බිදවැටිණි. මාධන් ලාල් ලකුණු 31කට කඩුළු 3ක් ලබා ගත් අතර අමර්නාත් ලකුණු 12කට කඩුළු 3ක් ලබා ගනිමින් තරගයේ වීරයා විය.

ලකුණු 43ක ඉන්දියානු ජයග්‍රහණයෙන් පසු කොදෙව්වන්ගේ ක්‍රිකට් ආධිපත්‍යද අවසන් වුයේය.