බාධා හමුවේ නොසැලුණු චානක ශතකයකට

223

වර්ෂාවෙන් එල්ල වන බාධා හමුවේ නොසැලෙමින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කොටසේ දෙවන සතියේ තරග කිහිපයක්ම අද (21) පළමු දිනයට ක්‍රියාත්මක  විය.

දුලාශ්ගේ ශතකය ගුවනට ජය ගෙන එයි

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පූර්ණ තරග ජයග්‍රහණ ලබාගත් අද (17) දිනය තුල “ශ්‍රී ලංකා…

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය

මග්ගොන දී කාසියේ වාසිය දිනූ ගුවන් හමුදා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

එහි දී ලංකන් කණ්ඩායම වෙනුවෙන් එක් ශතකයක් හා අර්ධ  ශතක දෙකක් ලබා ගැනීමට පිළිවෙළින් චානක රුවන්සිරි, මදුරංග සොයිසා හා ලක්ෂාන් රොද්‍රිගෝ සමත් විය. ඒ අතරින් ආරම්භක පිතිකරු මදුරංග 4 පහර 10ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 74ක් ලබා ගන්නා ලදි.

දකුණත් පිතිකරු චානක නොදැවී ලකුණු 120*ක් ලබාගෙන ලංකන් ඉනිම අවසන් වනතෙක් පිටියේ ‍රැඳී සිටියේය. ලක්ෂාන් ලකුණු 53යි. පන්දු යැවීමේ දී කඩුලු 3 බැගින් දවා ගැනීමට ලක්ෂාන් ප්‍රනාන්දු හා බුද්ධික සඳරුවන් සමත් විය.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 349/10 (70): චානක රුවන්සිරි 120*, මදුරංග සොයිසා 74, ලක්ෂාන් රොද්‍රිගෝ 53, ගීත කුමාර 43, ලක්ෂාන් ප්‍රනාන්දු 3/69, බුද්ධික සඳරුවන් 3/81.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 8/0 (1.1):


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පළමු දිනය තුල නිසියාකාරව දස්කම් දැක්වීමට කණ්ඩායම් දෙකටම නොහැකි විය. මොරටුව ද සොයිසා පිටියේ දී කාසියේ වාසිය දිනාගත්  නාවික හමුදා නායක අසිත් වීරසූරිය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම  (පළමු දිනය අවසානයේ) – 77/4 (33):


මීගමුව ක්‍රිකට් සමාජය හා ගාලු ක්‍රීඩා සමාජය

පළමු දිනයට තරගය නවතා දමන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 97ක් ලබා ගන්නට ගාලු කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ගාලු ක්‍රීඩා සමාජයේ නායක දමිත හුණුකුඹුර පළමුව පන්දු යැවීමට තීරණය කළේය. නමුත් තරගය ක්‍රියාත්මක වී පන්දුවාර 30යි එක් පන්දුවක් ක්‍රියාත්මක වූ පසු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

දිනය අවසානයේ නොදැවී ක්‍රීඩා කරමින් සිටින ශ්‍රියාන්  අනුරුද්ධික හා අකීල් ඉන්හාම් පිළිවෙළින් ලකුණු 38*ක් හා ලකුණු 27*ක් ලබාගෙන තිබුණි.

තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම  (පළමු දිනය අවසානයේ) – 97/1 (30.1): ශ්‍රියාන් අනුරුද්ධික 38*, ප්‍රවීන් ප්‍රනාන්දු 30,  අකීල්  ඉන්හාම්  27*.

ඉතිහාසය අලුත් කළ තරගයක්; අජන්ත මෙන්ඩිස් නැවතත් ක්‍රිකට් පිටියට

තවදුරටත් SSC සහ NCC කණ්ඩායම් පිළිවෙළින් Saracens සහ Tamil Union කණ්ඩායම් පරාජයට පත්කරමින්…


කළුතර නගර ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය

කශිෆ් නවීඩ් හට යළිත් අර්ධ ශතකයක් ලබා ගන්නට හැකි වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පානදුර කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ බණ්ඩාරගම මහජන ක්‍රීඩා පිටියේ දී පළමුව පන්දුවට පහර දීමට වඩා උචිත වන නිසාවෙනි.

පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් යලිත් සිය වගකීම ඉටු කළ  නවීඩ් දිනය අවසන් වන විට නොදැවී ලකුණු 54*ක් ලබා ගන්නා ලදි. විශ්ව චතුරංග ලකුණු 30යි. මෙම තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර තරගය පළමු දිනයට නවතා දමන විට කඩුලු 4ක් දැවී ලකුණු 161ක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජයට හැකි විය.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 161/4 (65.2): කශිෆ් නවීඩ් 54*, විශ්ව චතුරංග 30.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<