සචිත්‍ර සහ ලහිරු දිනය වර්ණවත් කරයි

76

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අද (15) පැවති තරගවල දී මුවර්ස් ක්‍රීඩා සමාජයේ සචිත්‍ර සේරසිංහ සහ සී. සී. සී. කණ්ඩායමේ ලහිරු ගමගේ කැපි පෙණෙන දක්ෂතා දැක්වීමට සමත් වූහ. 

ආකාශ් සේනාරත්න කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A…

මුවර්ස් සහ එස් .එස්. සී.

මුවර්ස් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

තරගයේ අවසන් දිනයේ දී මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක පබසර වඩුගේ සහ සචිත්‍ර සේරසිංහ 3 වැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 121ක සබඳතාවක් ගොඩ නැගීම කැපී පෙණුණි. 

එහි දී සචිත්‍ර සේරසිංහ පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේය. පළමු ඉනිමේ දී ශතයක් ලබා ගත් පබසර වඩුගේ ට දෙවැනි ඉනිමේ ශතකය අහිමි වූයේ ලකුණු 4ක අඩුවකිනි. ඔහු පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 96ක් ලබා ගත්තේය. 

එස්. එස්. සී. ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (62.1) සඳුන් වීරක්කොඩි 53, නුවනිඳු ප්‍රනාන්දු 43, චරිත් අසලංක 60, සම්මු අශාන් 24, ආකාශ් සේනාරත්න 37, තරිඳු රත්නායක 24, කවිශ්ක අංජුල 2/56, සචිත්‍ර සේරසිංහ 2/57, අයන සිරිවර්ධන 3/51, ප්‍රවීන් ජයවික්‍රම 3/47 සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට නතර කරන විට පන්දුවාර 57කදී කඩුලු 8ක් දැවී 292) කඩුලු 9ක් දැවී 238 (66) චරිත් අසලංක 77, සම්මු අශාන් 144, ක්‍රිශාන් සංජුල නොදැවී 71, සචිත්‍ර  සේරසිංහ 2/60, ප්‍රවීන් ජයවික්‍රම 4/89

මුවර්ස් ක්‍රීඩා සමාජය ; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 27කදී කඩුලු 2ක් දැවී 119) සියලුම දෙනා දැවී 231 (57.3)  දිනුක ඩිල්ශාන් 36, පබසර වඩුගේ 132, අදීශ තිලාංචන 29, ජෙෆ්රි වැන්ඩර්සේ 3/76, ආකාශ් සේනාරත්න 4/15, හිමේෂ් රාමනායක 2/21 සහ දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 333 (79) දිනුක ඩිල්ශාන් 31, පබසර වඩුගේ 96, සචිත්‍ර සේරසිංහ 104,කවිශ්ක අංජුල නොදැවී 33, තරිඳු රත්නායක 3/83, ජෙෆ්රි වැන්ඩර්සේ 2/80 


යුද හමුදාව සහ සී. සී. සී.

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් සංචාරක සී. සී. සී. ක්‍රීඩකයෝ ඉනිමකින් සහ ලකුණු 8ක ජයග්‍රහණයක් වාර්තා කළහ.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (69.2) අශාන් රන්දික 27, ලක්ෂාන් එදිරිසිංහ 69, දුශාන් විමුක්ති 33, අසේල ගුණරත්න 37, ගිහාන් කෝරළගේ 29, මාලින්ද පුෂ්පකුමාර 6/85, අශාන් ප්‍රියංජන් 3/43 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 169 (57.1) අසේල ගුණරත්න 70, දුශාන් විමුක්ති 25, යශෝධ මෙන්ඩිස් 21, ලහිරු ගමගේ 7/47, ලහිරු මධුශංක 2/30 

සී. සී. සී. ; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 18කදී කඩුලු 3ක් දැවී 60) කඩුලු 8ක් දැවී 405 (108) සියලුම දෙනා දැවී 410 (110.2) සොනාල් දිනූෂ 23, අශාන් ප්‍රියංජන් 50, කවිඳු නදීශාන් 122, ලහිරු මධුශංක 53, මනෙල්ක ද සිල්වා 33, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 39, යශෝධ මෙන්ඩිස් 2/57, දුෂාන් විමුක්ති 5/123

නිල් මහ සටන විසඳුමකින් තොරව අවසන් වේ

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 141 වැනි……


කෝල්ට්ස් සහ මීගමුව 

කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එහි දී කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිමේ වාසිය ලබා ගත්හ. තරගයේ ජයග්‍රහණය කෝල්ට්ස් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමේ දී ලකුණු 134ක ඉලක්කයක් කරා ගිය අතර එහි දී ඔවුන්ට තරගය නතර කරන විට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 81ක් පමණි. 

මීගමුව ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 294 (82.1) පසිඳු ලක්ෂාන් 22, මාධව වර්ණපුර 73, රොස්කෝ තට්ටිල් 26, ලක්ෂිත මනසිංහ 65, උපුල් ඉන්ද්‍රසිරි 29, නිසල තාරක 3/56, ඩිල්ශාන් මධුශංක 2/30, අකිල ධනංජය 2/87 සහ දෙවැනි ඉනිමකඩුලු 8ක් දැවී 238 (41.3) පසිඳු ලක්ශංක 69, සයිඩ් නිශාම් 79, මාධව වර්ණපුර 42, ඩිල්ශාන් මධුශංක 6/33, 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම (දෙවැනි දිනට තරගය නතර කරන විට පන්දුවාරයක දී කඩුල්ලක් දැවී 4) (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 91කදී කඩුලු 6ක් දැවී 340) සියලුම දෙනා දැවී 399 (108.4) සංගීත් කුරේ 40, සංතුශ් ගුණතිලක 130, විශාද් රන්දික 68, ප්‍රියමාල් පෙරේරා 42, නිසල තාරක 29, අකිල ධනංජය 26, නලින් ප්‍රියදර්ශන 23, රොෂේන් ප්‍රනාන්දු 2/67,  සහන් අදීශ 2/82, ඩිල්ශාන් මුණවීර 3/48 සහ දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 81 (28) සංතුශ් ගුණතිලක 37, අසිත ප්‍රනාන්දු 2/11, උපුල් ඉන්ද්‍රසිරි 2/16, සියිඩ් නසීම් 2/30


ලංකන් සහ හලාවත මේරියන්ස්

සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දෙවැනි දිනය වන විට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 150ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූහ. 

ලංකන් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 .(43.1) කසුන් අබේරත්න 43, අසිත ප්‍රනාන්දු 2/35, සාගර් උදේශි 6/58 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 156 (34.3) ප්‍රිමෝෂ් පෙරේරා 51, ගීත් කුමාර 28, සාගර් උදේශි 6/42, නිමේෂ් විමුක්ති 2/28

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 41ක දී කඩුලු 3ක් දැවී 216) කඩුලු 8ක් දැවී 432 (86) ලසිත් කෘaස්පුල්ලේ 26, ඔෂද ප්‍රනාන්දු 84, සුමිත් ගඩිගොන්කර් 149, කමිඳු මෙන්ඩිස් 88, චතුරංග කුමාර නොදැවී 21, නදීර බාලසූරිය 3/69, චානක රුවන්සිරි 3/96

මාලින්දගෙන් අමුතු දක්ෂතාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A……


සැරසන්ස් සහ එන්. සී. සී.

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 421ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සැරසන්ස් ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 150ක් පමණි. ලකුණු 271ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමටත් පිට පිට පන්දුවට පහර දීමට පැමිණි සැරසන්ස් ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 84ක් ලබා සිටියහ. 

එන්. සී. සී. ; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 88කදී කඩුලු 7ක් දැවී 361) සියලුම දෙනා දැවී 421 (105.1) ලහිරු උදාර 70, මහේල උඩවත්ත 54, ඇන්ජලෝ පෙරේරා 148, සහන් ආරච්චිගේ 77, සාලිය සමන් 4/81, සචින්ත පීරිස් 2/135

සැරසන්ස් ක්‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 150 (41.1) සිතාර ගිම්හාන් 22, අශේන් බණ්ඩාර 45, සචින්ත පීරිස් 27, ඩිලේශ් ගුණරත්න 2/21, ලහිරු කුමාර 2/26, චතුරංග ද සිල්වා 4/51 සහ දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 84 (26) අශේන් බණ්ඩාර 32, ලසිත් ඇඹුල්දෙණිය 3/30

මෙම තරග හෙට (1) තෙවැනි දිනයට පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<