ආකාශ් සේනාරත්න කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී

110

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ මේ වසරේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට එස්. එස්. සී. කණ්ඩායමේ 23 හැවිරිදි වමතින් දඟ පන්දු යවන ආකාශ් සේනාරත්න අද (14) සමත් විය.

මාලින්දගෙන් අමුතු දක්ෂතාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ඊයේ (13) B කාණ්ඩයේ තරග 3ක්……

මුවර්ස් සහ එස් .එස්. සී.

මුවර්ස් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී අකාශ් සේනාරත්න මුවර්ස් කණ්ඩායමේ අවසන් කඩුලු ත්‍රිත්වය පිට පිට පන්දු තුනකින් දවා ගැනීම කැපී පෙණුනි. ඔහුට ගොදුරු වූයේ කවිශ්ක අංජුල, ප්‍රවීන් ජයවික්‍රම සහ ධනුශ්ක රණසිංහ ය. 

මීට අමතරව මෙම තරගයේ දී මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නායක පබසර වඩුගේ පන්දු 164කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 132ක් ද  එස්. එස්. සී. වෙනුවෙන් සම්මු අශාන් පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 144ක් ලබා ගත්හ.  

එස්. එස්. සී. ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (62.1) සඳුන් වීරක්කොඩි 53, නුවනිඳු ප්‍රනාන්දු 43, චරිත් අසලංක 60, සම්මු අශාන් 24, ආකාශ් සේනාරත්න 37, තරිඳු රත්නායක 24, කවිශ්ක අංජුල 2/56, සචිත්‍ර සේරසිංහ 2/57, අයන සිරිවර්ධන 3/51, ප්‍රවීන් ජයවික්‍රම 3/47 සහ දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 292 (57) චරිත් අසලංක 77, සම්මු අශාන් 144, ක්‍රිශාන් සංජුල නොදැවී 37, ප්‍රවීන් ජයවික්‍රම 4/76

මුවර්ස් ක්‍රීඩා සමාජය ; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 27කදී කඩුලු 2ක් දැවී 119) සියලුම දෙනා දැවී 231 (57.3)  දිනුක ඩිල්ශාන් 36, පබසර වඩුගේ 132, අදීශ තිලාංචන 29


යුද හමුදාව සහ සී. සී. සී.

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී සංචාරක කණ්ඩායමේ කවිඳු නදීශාන් පන්දු 281කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 122ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (69.2) අශාන් රන්දික 27, ලක්ෂාන් එදිරිසිංහ 69, දුශාන් විමුක්ති 33, අසේල ගුණරත්න 37, ගිහාන් කෝරළගේ 29, මාලින්ද පුෂ්පකුමාර 6/85, අශාන් ප්‍රියංජන් 3/43

සී. සී. සී. ; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 18කදී කඩුලු 3ක් දැවී 60) කඩුලු 8ක් දැවී 405 (108) සොනාල් දිනූෂ 23, අශාන් ප්‍රියංජන් 50, කවිඳු නදීශාන් නොදැවී 122, ලහිරු මධුශංක 53, මනෙල්ක ද සිල්වා 33, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 38, දුෂාන් විමුක්ති 5/123

සංගාගේ පුහුණුවීම් අපතේ යයි?

පසුගිය දින කීපය මෙරට ක්‍රීඩාලෝලීන්ට එතරම් සුබදායි කාලයක් වූයේ නැත. වසංගතයක් ලෙස පැතිර යන නව කොරෝනා වයිරසය……

කෝල්ට්ස් සහ මීගමුව 

හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත් වෙන මෙම තරගයේ දී කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ සංතුශ් ගුණතිලක පන්දු 208කට මුහුණ දෙමින් හතරේ 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 130ක් ලබා ගත්තේය. 

මීගමුව ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 294 (82.1) පසිඳු ලක්ෂාන් 22, මාධව වර්ණපුර 73, රොස්කෝ තට්ටිල් 26, ලක්ෂිත මනසිංහ 65, උපුල් ඉන්ද්‍රසිරි 29, නිසල තාරක 3/56, ඩිල්ශාන් මධුශංක 2/30, අකිල ධනංජය 2/87

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම (දෙවැනි දිනට තරගය නතර කරන විට පන්දුවාරයක දී කඩුල්ලක් දැවී 4) කඩුලු 6ක් දැවී 340 (91) සංගීත් කුරේ 40, සංතුශ් ගුණතිලක 130, විශාද් රන්දික 68, ප්‍රියමාල් පෙරේරා 42, නිසල තාරක නොදැවී 27, සහන් අදීශ 2/70 

මෙම තරග හෙට (15) තෙවැනි දිනයට පැවැත්වීමට නියමිතය.


සැරසන්ස් සහ එන්. සී. සී.

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 361ක් ලබා ගත්හ.

මෙම තරගයේ දී එන්. සී. සී. කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 108ක් ලබා ගත්තේය. 

එන්. සී. සී. ; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 361 (88) ලහිරු උදාර 70, මහේල උඩවත්ත 54, ඇන්ජලෝ පෙරේරා නොදැවී 108, සහන් ආරච්චිගේ 77, සාලිය සමන් 2/54, සචින්ත පීරිස් 2/106

IPL සිහින පස්සට යයි

COVID-19 (නව කොරොනා වයිරසය) පැතිරී යාම යාම පිළිබඳ ගෝලීය අවධානය යොමුවීමෙන් පසුව 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග්……..

ලංකන් සහ හලාවත මේරියන්ස්

සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ලංකන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 126ක් ලබා ගත් දිනය අවසන් වන විට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 216ක් ලබා සිටියහ.

ලංකන් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 .(43.1) කසුන් අබේරත්න 43, අසිත ප්‍රනාන්දු 2/35, සාගර් උදේශි 6/58

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 216 (41) ලසිත් කෘaස්පුල්ලේ 26, ඔෂද ප්‍රනාන්දු 84, සුමිත් ගඩිගොන්කර් නොදැවී 83, නදීර බාලසූරිය 2/43

මෙම තරග හෙට (14) දෙවැනි දිනයට පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<