Home Sinhala නිල් මහ සටන විසඳුමකින් තොරව අවසන් වේ

නිල් මහ සටන විසඳුමකින් තොරව අවසන් වේ

106

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 141 වැනි වරටත් පැවති නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (14) කොළඹ, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමා විය.

තෝමසුවෝ තරගයේ පාලනය අත නොහරී

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 141 වැනි නිල් මහා සටනේ …

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවති මෙම තරගයේ දී පෙර වසරේ ජයග්‍රහණයත් සමඟ හිමිකාරයන් වූ සාන්ත තෝමසුවෝ නැවත වතාවක් එම කුසලානය ගල්කිස්සට රැගෙන ගියහ. තරගයේ විසඳුම කෙසේ වෙතත් මේ වසරේ දි ද තරගයේ වැඩි වාසි ද දිනා ගැනීමට ගල්කිස්ස ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි. 

තරගය දෙවැනි දිනයට බේල්ස් ඉවත් කරන විට රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 127ක් ලබා සිටි අතර අද ඔවුන් තම ඉනිමේ තවත් කඩුලු 4ක් දැවී ගිය තැන කවුරුත් නොසිතූ තීරණයකට පිවිසිණි. ඒ තම ඉනිම අත්හිටුවමින් ප්‍රතිවාදීන්ට නැවත පන්දුවට පහර දීමට ආරාධනා කරමිනි. 

Photos: Royal College vs S. Thomas’ College | 141st Battle of the Blues – Day 03

ඒ වෙද්දී රාජකීය ක්‍රීඩකයන්ගේ ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 282ක්ව තිබූ අතර එය සාන්ත තෝමසුවන් පළමු ඉනිමේ ලබා ගත් ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 87ක් පිටුපස සිටිමිනි. එතැන් සිට තරගය කුමන අතකට දෝලනය වේ දැයි ප්‍රේක්ෂකයෝ විපිලිසර වෙද්දී, තෙවැනි දිනය නිමා වන තෙක් තම ඉනිම ආරක්ෂා කර ගැනීමට තෝමසුවෝ සමත් වූහ.  තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට සාන්ත තෝමසුවෝ තම දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 127ක් ලබා සිටියහ. 

තරගයේ අවසන් දිනය ආරම්භ වූයේ රාජකීයයන් වෙනුවෙන් ඉසිවර දිසානායක (6) සහ කවිඳු පතිරත්න (0) පිටියට පිවිසෙමිනි. ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් එක් කළහ. උමයංග සුවාරිස්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් කවිඳු පතිරත්නගේ ඉනිම ලකුණු 8කට සීමා විය. 

ඉන් අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 8ක් පමණක් එක් වෙද්දී නවක ක්‍රීඩක තෙවිඳු සෙනෙවිරත්න ද උමයංග සුවාරිස්ට ගොදුරු විය. ඒ යසිරු රොද්‍රිගෝ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. මේ වෙද්දී රාජකීය ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 177ක් තිබූ අතර නවක ක්‍රීඩකයා ලෙසින් ඉසිවරට එක් වූයේ දසිස් මංචනායකය. 

37 වැනි ඇතුගල්පුර සටනේ වැඩි ගෞරව මලියදේවයට

කුරුණෑගල ප්‍රමුඛ පෙළේ පාසල් දෙකක් වන මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර …

ඉසිවර සහ දසිස් රාජකීය ඉනිමේ 200 වැනි ලකුණ, ලකුණු පුවරුවට එක් කළ අතර එහි උණුසුම ඊට පසු එක් ලකුණක් ලබා ගන්නා තුරු පමණක් රඳවා ගැනීමට අවස්ථාව දුන් සාන්ත තෝමසුවෝ ඉසිවර දිසානායකගේ ගමන ද නිමා කළේය. ඒ වෙද්දී ඉසිවර පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් ලකුණු 42ක් ලබා සිටියේය.

රාජකීය ඉනිමේ දැවී ගිය 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සබඳතාවක් එක් කරමින් ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට දසිස් මංචනායක සහ ලහිරු මධුශංක සමත් වූහ. ලහිරු මධුශංක පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා දැවී ගියේය. ඉන් අනතුරුව රාජකීය ඉනිමට තවත් ලකුණු 14ක් එක්වෙද්දී ඉනිම අත්හිටුවන තීරණය පණිවුඩයක් ලෙසින් පිටිය මැදට පැමිණියේය. 

ඒ වෙද්දී දසිස් මංචනායක පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 53ක් ලබා සිටියේය. අනෙක් අන්තයේ ප්‍රශාන් කල්හාර ලකුණු 9ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියේය. 

පන්දු යැවීමේ දී යසිරු රොද්‍රිගෝ, කිශාන් මුණසිංහ සහ උමයංග සුවාරිස් කඩුලු 2 බැගින් ලබා ගත්හ.

ප්‍රතිවාදීන්ගේ ඉනිම අත්හිටුවීම බෝනස් එකක් සේ ගත් සාන්ත තෝමසුවෝ තම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසියේ කිසිදු පීඩනයකින් තොරවය. එහෙත් ඔවුන්ට සිතූවක් කිරීමට රාජකීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 26කට සීමා විය. පෙර ඉනිමේ අර්ධ ශතකයක් ලබා ගත් ශලින් ද මෙල්ට එවර ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 5ක් පමණි. ඉන් අනතුරුව යැවුණ පන්දුවාරයේ දී අනෙක් ආරම්භක පිතිකරු ඩිල්මින් රත්නායක (22) ද දවා ගැනීමට රාජකීයයෝ සමත් වූහ. 

සංගාගේ පුහුණුවීම් අපතේ යයි?

පසුගිය දින කීපය මෙරට ක්‍රීඩාලෝලීන්ට එතරම් සුබදායි කාලයක් වූයේ නැත. වසංගතයක් ලෙස පැතිර යන …

පළමු ඉනිමේ දී ද අසාර්ථක වූ රවිඳු ද සිල්වාට දෙවැනි ඉනිමේ දී ද ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 4ක් පමණි. ඔහුගේ දැවී යෑමත් සමඟින් සාන්ත තෝමස් ඉනිම කඩුලු 3කට ලකුණු 31ක් විය. 

මේ අසීරු අවස්ථාවේ දී නැවත වතාවක් පෙරමුණ ගත්තේ පෙර ඉනිමේ අර්ධ ශතකලාභීන් වූ රයන් ප්‍රනාන්දු සහ ගවින් බොතේජු ය. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 45ක සබඳතාවක් එක් කළහ. එම සබඳතාව අවසන් කරමින් රයන් ප්‍රනාන්දු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 34ක් ලබාගෙන දැවී ගියේය. 

දෙවැනි ඉනිමේ දී සාර්ථක පන්දු යැවීමක නිරත වූ ගිශාන් බාලසූරිය තම සිව්වැනි කඩුල්ල ලෙසින් උමයංග සුවාරිස් (5) දවා ගත්තේ තරගයේ හොඳම පන්දු යැවීම තමන් සන්තක කර ගනිමිනි. ඔහු ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලබා දී තිබුනේ ලකුණු 50ක් පමණි. තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ද ගිශාන් බාලසූරියට හිමි විය. 

තරගය අවසන් වන විට ගවින් බොතේජු පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටි අතර කිශාන් මුණසිංහ පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියේය. 

Result

Match drawn

Royal College
282/8 (104.3)

S. Thomas’ College
369/10 (128.2) & 127/5 (48)

Batsmen R B 4s 6s SR
Dilmin Rathnayake lbw b Kavindu Pathirathna 23 36 2 0 63.89
Shalin De Mel c Kaushan Kulasooriya b Thevindu Senarathna 85 135 7 2 62.96
R de Silva st Kavindu Madarasinghe b Gishan Balasuriya 6 9 1 0 66.67
Ryan Fernando lbw b Dasis Manchanayake 70 145 9 0 48.28
Kishan Munasinghe b Kamil Mishara 0 1 0 0 0.00
G Botheju run out () 54 176 1 0 30.68
U Suwaris c Kavindu Pathirathna b L Madusanka 21 42 2 0 50.00
Maneesha Perera Rupasinghe run out () 25 80 1 0 31.25
Yasiru Rodrigo lbw b Kavindu Pathirathna 5 4 1 0 125.00
Thevin Bimsara Eriyagama st b Kamil Mishara 47 91 4 0 51.65
Caniston not out 10 52 0 0 19.23


Extras 23 (b 15 , lb 2 , nb 1, w 5, pen 0)
Total 369/10 (128.2 Overs, RR: 2.88)
Fall of Wickets 1-49 (14.2) Dilmin Rathnayake, 2-56 (17.1) R de Silva, 3-156 (42.6) Shalin De Mel, 4-156 (43.1) Kishan Munasinghe, 5-208 (62.1) Ryan Fernando, 6-244 (74.4) U Suwaris, 7-294 (100.3) Maneesha Perera Rupasinghe, 8-301 (102.1) Yasiru Rodrigo, 9-310 (106.4) G Botheju, 10-369 (128.2) Thevin Bimsara Eriyagama,

Bowling O M R W Econ
Kavindu Pathirathna 32 6 85 1 2.66
L Madusanka 13.2 0 31 1 2.35
Thevindu Senarathna 14.4 1 52 1 3.61
Gishan Balasuriya 23.2 3 68 2 2.93
Prashan kalhara 16 4 34 0 2.12
Kamil Mishara 21 4 55 1 2.62
Dasis Manchanayake 8 0 27 1 3.38
Batsmen R B 4s 6s SR
Kaushan Kulasooriya c Shalin De Mel b Kishan Munasinghe 31 110 3 0 28.18
Kamil Mishara c Shalin De Mel b Kishan Munasinghe 32 106 2 0 30.19
Kavindu Madarasinghe c G Botheju b Thevin Bimsara Eriyagama 23 43 2 0 53.49
Ahan Wickramasinghe c Dilmin Rathnayake b Caniston 24 40 3 0 60.00
Isiwara Dissanayake lbw b Yasiru Rodrigo 42 118 4 0 35.59
Kavindu Pathirathna b U Suwaris 8 37 0 0 21.62
Thevindu Senarathna c Yasiru Rodrigo b U Suwaris 8 9 2 0 88.89
Dasis Manchanayake not out 53 103 6 0 51.46
L Madusanka c G Botheju b Yasiru Rodrigo 29 57 5 0 50.88
Prashan kalhara not out 5 9 0 0 55.56


Extras 27 (b 10 , lb 0 , nb 8, w 4, pen 5)
Total 282/8 (104.3 Overs, RR: 2.7)
Fall of Wickets 1-61 (32.3) Kaushan Kulasooriya, 2-81 (40.3) Kamil Mishara, 3-104 (45.1) Kavindu Madarasinghe, 4-123 (53.3) Ahan Wickramasinghe, 5-169 (68.5) Kavindu Pathirathna, 6-177 (72.2) Thevindu Senarathna, 7-201 (80.4) Isiwara Dissanayake, 8-268 (102) L Madusanka,

Bowling O M R W Econ
Yasiru Rodrigo 26 8 52 2 2.00
Caniston 15 3 35 1 2.33
Thevin Bimsara Eriyagama 13.3 4 44 1 3.31
Kishan Munasinghe 19 6 38 2 2.00
Dilmin Rathnayake 9 0 32 0 3.56
U Suwaris 18 4 55 2 3.06
Shalin De Mel 4 0 11 0 2.75


Batsmen R B 4s 6s SR
Dilmin Rathnayake st Kavindu Madarasinghe b Gishan Balasuriya 22 36 2 1 61.11
Shalin De Mel c L Madusanka b Kamil Mishara 5 23 0 0 21.74
R de Silva lbw b Gishan Balasuriya 4 9 0 0 44.44
Ryan Fernando c L Madusanka b Gishan Balasuriya 34 66 5 0 51.52
G Botheju not out 36 77 5 0 46.75
U Suwaris c Prashan kalhara b Gishan Balasuriya 5 18 1 0 27.78
Kishan Munasinghe not out 16 60 1 0 26.67


Extras 5 (b 2 , lb 2 , nb 1, w 0, pen 0)
Total 127/5 (48 Overs, RR: 2.65)
Fall of Wickets 1-26 (9.1) Shalin De Mel, 2-10 (10.4) Dilmin Rathnayake, 3-31 (12.1) R de Silva, 4-76 (28.2) Ryan Fernando, 5-83 (32.5) U Suwaris,

Bowling O M R W Econ
Kavindu Pathirathna 6 0 22 0 3.67
Kamil Mishara 13 2 23 1 1.77
Gishan Balasuriya 18 5 50 4 2.78
Prashan kalhara 3 0 7 0 2.33
L Madusanka 3 1 6 0 2.00
Dasis Manchanayake 4 1 11 0 2.75
Thevindu Senarathna 1 0 4 0 4.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<