ගාලු ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනී

203

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (16) පෙරවරුවේ පැවති තරග අතරින් පෙර දිනයේ පළඟ සූරයන් පරාජය කළ ගාලු ක්‍රීඩකයෝ සුපිරි කණ්ඩායම් අතර සිටි බදුරලිය ක්‍රීඩකයෝ ද පරාජය කළහ.

පළඟ ශූරයෝ ගාල්ලට පරාජය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට්…..

එන්. සී. සී. සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය (A කාණ්ඩය)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 67ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ බ්ලූම්ෆීල්ඩ් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එන්. සි. සී. ක්‍රීඩකයෝ කඩුලුදෙක ක් දැවී ලකුණු 192ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට මහේල උඩවත්ත සමත් විය. ඔහු පන්දු 35කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර 4 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 57ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව ලහිරු උදාර (45) සහ දිනේෂ් චන්දිමාල් (41*) සහ උපුල් තරංග (33) ද ලකුණු අතර සිටිය හ. මහේල උඩවත්ත සහ දිනේෂ් චන්දිමාල් අතර තෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 100කි.

Photos: NCC vs Bloomfield C & AC – Major T20 Tournament 2018/19

කඩුලු ලබා ගැනීමේ දී දිලීප ජයලත් ලකුණු 43කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

ප්‍රතිවාදී ඉනිමට පිවිසි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේ කඩුලු 5ක් දැවී ලකුණු 125ක් පමණි. එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට අසන්ත සිංගප්පුලිගේ සමත් විය. පන්දු 50කට මුහුණ දුන් ඔහු හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේ ය. ඊට අමතර ව රවිචන්ද්‍රකුමාර් පන්දු 22ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 33ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 67කි.

එන්. සී. සී. කණ්ඩායම; කඩුලු 2ක් දැවී 192 (20) ලහිරු උදාර 45, උපුල් තරංග 33, දිනේෂ් චන්දිමාල් නොදැවී 41, මහේල උඩවත්ත නොදැවී 57, දිලීප ජයලත් 2/43

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 125 (20) අසන්ත සිංගප්පුලිගේ 52, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 33, සචින්ත පීරිස් 2/16,  


සැරසන්ස් සහ පානදුර අතර තරගය (A කාණ්ඩය)

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 18ක ජයක් ලබා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ පානදුර නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබා ගත් හ. එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ නිපුන් කරුණානායක ය. ඔහු පන්දු 41ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී විනෝද් පෙරේරා ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු  128ක් පමණි.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 146 (20) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 32, නිපුන් කරුණානායක 49, සාලිය සමන් 25, තරිඳු මධුරංග 2/21, මිෂේන් සිල්වා 2/18, විනෝද් පෙරේරා 3/38

පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 8ක් දැවී 128 (20) මිෂේන් සිල්වා 22, ෂෙහාන් වීරසිංහ 28, නානායක්කාර 31, රවින් සේයර් 2/11, සාලිය සමන් 3/25

ස්ටේන්ගේ බාධා කිරීම් හමුවේ කුසල් පෙරේරාගෙන් නොපසුබට උත්සාහයක්!

විස්සයි විස්ස තරගයකටත් වඩා උණුසුම් අයුරින් ගලා යන ශ්‍රී ලංකා – දකුණු….


කෝල්ට්ස් සහ මීගමුව අතර තරගය (B කාණ්ඩය)

කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ ලකුණු 53ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 174ක් ලබා ගත් හ. එම ඉනිම වෙනුවෙන් නායක ප්‍රියමාල් පෙරේරා පන්දු 37ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේ ය.

Photos: Colts CC vs Negombo CC | Major T20 Tournament 2018/19

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යැවී සහන් අදීශ කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 121ක් පමණි. එම ඉනිම වෙනුවෙන් ෂෙහාන් ජයසූරිය ලකුණු 33ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී අකිල දනංජය ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.  

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 174 (20) සධීර සමරවික්‍රම 34, ධනංජය ලක්ෂාන් 22, ප්‍රියමාල් පෙරේරා 63, රොෂේන් ප්‍රනාන්දු 2/20, සහන් අදීශ 3/35, සනිත ද මෙල් 2/42

මීගමුව ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 121 (17.3) ලසිත් කෘස්පුල්ලේ 28, ෂෙහාන් ජයසූරිය 33, රොෂේන් ප්‍රනාන්දු 20, ප්‍රභාත් ජයසූරිය 2/27, අකිල දනංජය 4/17, ඩිල්රුවන් පෙරේරා 3/17


යුද හමුදාව සහ නාවික හමුදාව අතර තරගය (C කාණ්ඩය)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 90ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Army SC vs Navy SC | Major T20 Tournament 2018/19

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නාවික හමුදා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 156ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 66ක් පමණි. එම  ඉනිමේ කඩුලු 3ක් ලකුණු 19කට දවා ගැනීමට සීක්කුගේ ප්‍රසන්න සමත් විය. ඊට අමතර ව දුෂාන් විමුක්ති කඩුලු 2ක් දවා ගත්තේ ය.

යුද හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 8ක් දැවී 156 (20) අශාන් රන්දික 33, සංජික රිද්ම 31, දුෂාන් විමුක්ති නොදැවී 22, සතික් නිමල්ෂ 2/18, දුෂාන් හේමන්ත 2/27, ඩිලාන් චන්දිම 2/25

නාවික හමුදා ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 66 (13.2) දුෂාන් විමුක්ති 2/18, සීක්කුගේ ප්‍රසන්න 3/19

කෝල්ට්ස් දිනවන්න සධීරගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට්….


ගුවන් හමුදාව සහ කුරුණෑගල යූත් අතර තරගය (C කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගුවන් හමුදා ක්‍රීඩකයෝ ලකුණු 49ක ජයග්‍රහණයක් වාර්තා කළහ.

කාසියේ වාසිය දිනූ කුරුණෑගල යූත් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 176ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් උදයවංශ පරාක්‍රම පන්දු 36කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තේ ය. ඊට අමතරව දුලාස් උදයංග ලකුණු 43ක් ලබා ගත්තේ ය.

Photos: Air Force SC vs Kurunegala Youth CC | Major T20 Tournament 2018/19

කඩුලු ලබා ගැනීමේ දී අනුරුද්ධ රාජපක්ෂ කඩුලු 3ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 127ක් පමණි. එම ඉනිම වෙනුවෙන් ලකුණු 50ක් ලබා ගැනීමට සමීර සඳමාල් සමත් විය. පන්දු 38ක දී වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 176 (20) රවිඳු සෙම්බකුට්ටිගේ 28, උදයවංශ පරාක්‍රම 46, දුලාෂ් උදයංග 43, සුමින්ද ලක්ෂාන් නොදැවී 31, අනුරුද්ධ රාජපක්ෂ 3/37

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 127 (18.5) සමීර සඳමාල් 50, රන්දීර රණසිංහ 23, නිමේෂ මෙන්ඩිස් 2/29, සුමින්ද ලක්ෂාන් 2/38, චතුරංග 4/10


බදුරලිය සහ ගාල්ල අතර තරගය (D කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 64ක ජයක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනා ගත් බදුරලිය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ තම ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 147ක් ලබා ගත්හ. එම ඉනිමේ දී හර්ෂ විතාන පන්දු 29කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව අනෙක් අන්තයේ නොදැවී සිටි රජීව වීරසිංහ පන්දු 17කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියේ ය. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට නොදැවුණු ලකුණු 66ක සබඳතාවක් එක් විය.

කඩුලු ලබා ගැනීමේ දී නුවන් තුෂාර කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි  බදුරලිය ක්‍රීඩකයන්ගේ කඩුලු 3ක් 12 වැනි පන්දුවාරයේ බිඳ දැමූ ලක්ෂාන් රොද්‍රිගෝ තරගයේ පාලනය සම්පූර්ණයෙන් ම තම කණ්ඩායම සතු කර ගත්තේ ය. ඔහු තරගය නිමා වන විට ලකුණු  12කට කඩුලු 4ක් ලබා සිටියේ ය. බදුරලිය ක්‍රීඩකයන්ගේ ඉනිම ලකුණු 83කට සීමා විය.

ගාල්ල ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 147 (20) හර්ෂ විතාන නොදැවී 42, රජීව වීරසිංහ නොදැවී 35, නුවන් තුෂාර 2/21

බදුරලිය ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 83 (16.3) ඩිල්ශාන් කුරේ 20, රජිත් ප්‍රියාන් 2/28, ලක්ෂාන් රොද්‍රිගෝ 4/12, ගයාන් සිරිසෝම 2/10

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<