සුපිරි වීරයෝ හලාවත මේරියන්ස්ට පරාජය වෙයි

468

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (19) පස්වරුවේ පැවති තරග අතුරින් Major League සුපිරි වටයේ ශූරතාව දිනූ සී. සී. සී. ක්‍රීඩකයෝ හලාවත මේරියන්ස් ක්‍රීඩකයන්ට පරාජය විය.

දිනේෂ් චන්දිමාල්ගෙන් රිදෙන ඉනිමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (19) පෙරවරුවේ දී එන්

මුවර්ස් සහ පානදුර අතර තරගය (A කාණ්ඩය)

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ පානදුර නායකයාගේ තීරණය වූයේ තමන් පළමුවෙන් පන්දුවට පහර දීමයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබා ගත් හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අජිත් කුමාර බස්නායක ය. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේ ය.

Photos: Moors SC vs Panadura SC – Major T20 Tournament 2018/19

කඩුලු ලබා ගැනීමේ දී චනුක ඩිල්ශාන් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ තවත් කඩුලු 3ක් සහ පන්දු 3ක් අතැතිව තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කළහ. එහි දී ආරම්භක පිතිකරු පබසර වඩුගේ පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය.

පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 8ක් දැවී 164 (20) ඉම්රනුල්ලා අස්ලාම් 26, අජිත් කුමාර බස්නායක 37, චනුක ඩිල්ශාන් 3/29, ශිරාන් ප්‍රනාන්දු 2/25, තරිඳු කෞෂාල් 2/18

මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 167 (19.3) පබසර වඩුගේ 43, ඉරෝෂ් සමරසූරිය 25, චාමර සිල්වා 25, රමේෂ් මෙන්ඩිස් 29, තරිඳු මධුශංක 3/33, විනෝද් පෙරේරා 2/29, චාරන නානායක්කාර 3/20


සී. සී. සී. සහ හලාවත මේරියන්ස් අතර තරගය (B කාණ්ඩය)

කොළඹ තර්ස්ටන් පිටියේ දී පැවති මෙම තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනා ගත් හලාවත මේරියන්ස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කරගනිමින් පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් නායක ගීත් කුරේ පන්දු 43කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී තම පන්දුවාර 4 ලකුණු 13කට සීමා කරමින් යැවූ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිමට සී. සී. සී. ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 152ක් පමණි. ඒ තවත් පන්දු 4ක් ඉනිමට ඉතිරිව තිබිය දී ය. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර ය. ඔහු පන්දු 14කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තේ ය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 168 (20) යසෝද ලංකා 34, ගීත් කුරේ 59, නිමේෂ් පෙරේරා 30, ලසිත් මධුශංක 2/39, මාලින්ද පුෂ්පකුමාර 4/13

සී. සී. සී. කණ්ඩායම; සියලුම දෙනා දැවී 152 (19.2) ඩිල්ෂාන් මුණවීර 29, මාධව වර්ණපුර 24, අශාන් ප්‍රියංජන් 26, මනෙල්ක ද සිල්වා 22, නිමසර අතරගල්ල 2/12, තික්ෂිල ද සිල්වා 2/33, පුලින තරංග 2/22, රොෂාන් ජයතිස්ස 2/32, නිමේෂ් පෙරේරා 2/24

නිශාන් මදුෂ්කගේ පිත්ත යළිත් ක්‍රියාත්මක වෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටය මේ වන විට අවසන් වී තිබෙන අතර


මීගමුව සහ පොලිස් අතර තරගය (B කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට මීගමු ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් මීගමු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 7ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තේ නායක ෂෙහාන් ජයසූරිය විසින් ලබා ගත් අර්ධ ශතකයකත් සමගිනි. ඔහු පන්දු 54කට මුහුණ දී හතරේ පහර 7ක් සමගින් ලකුණු 71ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පොලිස් ක්‍රීඩකයෝ පන්දු වාර අවසන් වෙන විට ලබා සිටියේ කඩුලු 9ක් දැවී ලකුණු 164ක් පමණි. එම ඉනිමේ දී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි මාලිංග මලිගස්පෙ පන්දු 34කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේ ය.

පොලිස් ඉනිම වරෙක කඩුලු 5කට ලකුණු 154ක් ලෙසින් ද පැවැතුණි. ඒ වෙද්දී ඔවුන්ට ජයග්‍රහණයට අවශ්‍ය වූයේ පන්දු 9ක දී ලකුණු 11කි. එහෙත් අවසන් පිතිකරුවෝ සිව්දෙනෙක්ම කිසිදු ලකුණක් නොලැබීම හේතුවෙන් පොලිස් ක්‍රීඩකයන්ගේ ඉරණම පරාජයකින් විසඳුණි.

පන්දු යැවීමේ දී උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

මීගමුව ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 165 (20) ෂෙහාන් ජයසූරිය 71, සහන් ආරච්චිගේ 37, ප්‍රසංසන ජයමාන්න 22, සනත් රංජන් 2/25, මහේෂ් ප්‍රියදර්ශන 2/38

පොලිස් ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 164 (20) මාලිංග මලිගස්පේ 54, පවන් ඩයස් 35, මංජුල ජයවර්ධන 31, උපුල් ඉන්ද්‍රසිරි 3/29, නිලක්ෂ සඳකැන් 2/22


රාගම සහ කුරුණෑගල යූත් අතර තරගය (C කාණ්ඩය)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 73ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Ragama CC v Kurunegala Youth CC | Major T20 Tournament 2018/19

කාසියේ වාසිය දිනූ රාගම ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 184ක් ලබා ගත්හ. එහි දී ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 90ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඉෂාන් ජයරත්න නොදැවී ලකුණු 48ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 111ක් පමණි. එම ඉනිමේ ද අර්ධ ශතකයක් වාර්තා විය. ඒ සමීර සඳමාල් විසිනි. පන්දු 28ක දී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟ සමීර ලකුණු 60ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී සහන් නානායක්කාර ලකුණු 24කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 184 (20) ෂෙහාන් ප්‍රනාන්දු 90, ඉෂාන් ජයරත්න නොදැවී 48, චන්දිම විජයබණ්ඩාර 3/21

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 111 (14.3) සමීර සඳමාල් 60, ඉෂාන් ජයරත්න 3/13, සහන් නානායක්කාර 5/24

වලියට බර ඕස්ට්‍රේලියානු පරෙවියා

2003 වසරේ දිනෙක කොදෙව්වන්ට එරෙහිව ඇන්ටිගුවාහී පැවති ටෙස්ට් තරගයේ සිව්වැනි ඉනිමේ


ටැමිල් යූනියන් සහ බී. ආර්. සී. අතර තරගය (D කාණ්ඩය)

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් බී. ආර්. සී. නායකයාගේ තීරණය අනුව පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 187ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තවත් පන්දු 7ක් ඉතිරිව තිබිය දී ලකුණු 191ක් ලබා ගත්තේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනි.

Photos: Tamil Union C & AC vs BRC | Major T20 Tournament 2018/19

බී. ආර්. සී. ඉනිම වෙනුවෙන් නායක රුමේෂ් බුද්ධික පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 93ක් ලබා ගත්තේ ය.

ජයග්‍රාහී ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් රමිත රඹුක්වැල්ල පන්දු 30ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේ ය. ඊට අමතරව තරගය ජයග්‍රහණය කරන විට මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 33ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබා සිටියේ ය.

බී. ආර්. සී. කණ්ඩායම; කඩුලු 5ක් දැවී 187 (20) ලසිත් ලක්ෂාන් 25, රුමේෂ් බුද්ධික 93, හෂේන් රාමනායක 30, ප්‍රමෝද් මධුශාන් 2/46, සචිත්‍ර සේරසිංහ 2/23

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 191 (18.5) රමිත රඹුක්වැල්ල 57, කිත්රුවන් විතානගේ 24,  මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 70, රුමේෂ් බුද්ධික 2/14


ගාල්ල සහ ලංකන් අතර තරගය (D කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ගාලු නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලංකන් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් නායක චානක රුවන්සිරි පන්දු 34කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේ ය. ඊට අමතරව එස්. කංකානම්ගේ ලකුණු 42ක් ලබා ගත්තේ ය.

Photos: Galle CC vs Lankan CC – Major T20 Tournament 2018/19

පිළිතුරු ඉනිමේ දී නිසල් රන්දික පන්දු 37කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ලක්ෂාන් රොද්‍රිගෝ (38) සහ සමීන් කඳනාරච්චි (35) ලකුණු අතර සිටිමින් තම කණ්ඩායමට අගනා සේවයක් ලබා දුන්හ.

ලංකන් ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 164 (20) එස්. කංකානම්ගේ 42, චානක රුවන්සිරි 63, ගීත් කුමාර 26

ගාල්ල ක්‍රිකට් සමාජය; කඩුලු 4ක් දැවී 165 (18.3) ලක්ෂාන් රොද්‍රිගෝ 38, නිසල් රන්දික 54, සමීන් කඳනාරච්චි 35, පූර්ණ චාරුක 2/17

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<