Aguero නැවතත් Manchester City ගැලවුමට

83

එංගලන්ත Premier League තරගාවලියේ 24 වන සතියේ වැදගත් තරග කිහිපයක් ඊයේ දිනයේ (21) දී පවත්වනු ලැබීය. 

Chelsea-Arsenal ලන්ඩන් සටන ජය-පැරදුමෙන් තොරයි

Premier League තරගාවලිය තුළ සිටින ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන Chelsea සහ Arsenal කණ්ඩායම් අතර ඊයේ ‘Stamford Bridge ක්‍රීඩාංගණයේ දී පැවති ‘ලන්ඩන් සටන’ ඉතා තියුණු තරගයකින් අනතුරුව කණ්ඩායම් දෙකම ගෝල 2 බැගින් වාර්තා කරමින් ජය-පැරදුමෙන් තොරව අවසන් විය. 

කණ්ඩායම් දෙක ම තරගයට ප්‍රවේගකාරී ආරම්භයක් ලබාගනු ලැබුවත් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ඔවුන් කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට සමත් වූයේ නැත. 

26 වන මිනිත්තුවේ දී Arsenal ක්‍රීඩක David Luiz විසින් ඔවුන්ගේ ගෝල රාමු කලාපය තුළ Tammy Abraham හමුවේ සිදු කළ ‘foul’ කිරීමක් හේතුවෙන් ඔහුට සෘජු රතු කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවරයා තීරණය කිරීමත් සමඟ ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදු වූ අතර ඒ අනුව තරගයේ ඉතිරි කාලය Arsenalට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කරන්නට සිදු විය. 

එහි දී පිරිනැමුණු දඬුවම් පහර ලබාගත් Jorginho සාර්ථකව පන්දුව ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. 

අනතුරුව දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ 18 හැවිරිදි Gabriel Martinelli සිය අර්ධයේ දී පන්දුව ලබා ගනිමින් එය ඉදිරියට රැගෙන යමින් ඉතා විශිෂ්ට ලෙස ගෝල රාමුව තුළට යොමුකරමින් Arsenal වෙනුවෙන් ලබා ගත් හුදෙකලා ගෝලයත් සමඟින් තරගයේ ලකුණු තත්වය නැවතත් සම වන්නට විය. 

Juventus තියුණු ජයග්‍රහණයකට යද්දී Manchester Cityගෙන් ගෝල 6ක්

එංගලන්ත Premier League, ඉතාලි Serie A සහ ප්‍රංශ Ligue ………

පසුව 84 වැනි මිනිත්තුවේ දී Hudson-Odoi ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් Arsenal දුර්වල ආරක්ෂක ක්‍රීඩා විලාශය හේතුවෙන් ලබා ගත් Chelsea නායක Cesar Azpilicueta ඉතා පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමු කළේ සිය කණ්ඩායම ජයග්‍රහණයට සමීප කරමිනි. 

කෙසේ නමුත් ඉන් අනතුරුව ඊට වහාම පිළිතුරු දැක්වූ Arsenal ක්‍රීඩකයින් ඔවුන්ගේ ද තරගයේ දෙවන ගෝලය වාර්තා කරගන්නට සමත් විය. Lucas Torreira ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් Hector Bellerin විසින් ගෝල රාමුව තුළට යොමුකරමින් වාර්තා වූ එම ගෝලයත් සමඟ මෙම තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

සම්පූර්ණ කාලය: Chelsea 2 – 2 Arsenal

ගෝල ලාභීන් 

  • Chelsea – Jorginho 28’ (P), Cesar Azpilicueta 84’
  • Arsenal – Gabriel Martinelli 63’, Hector Bellerin 87

රතු කාඩ්පත් 

  • Chelsea – David Luiz 26’

Manchester City නැවතත් ජයග්‍රහණ මාවතට

ප්‍රබල Manchester City සහ Sheffield United කණ්ඩායම් අතර ඊයේ Bramall Lane ක්‍රීඩාංගණයේ දී පැවති තරගය තියුණු තරගයකින් අනතුරුව ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට Manchester City ක්‍රීඩකයින් සමත් විය. 

පළමු අර්ධය පුරාවට Manchester City ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක් ම නිර්මාණය කර ගන්නට සමත් වුවත් ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගැනීමට සමත් වූයේ නැත. 

36 වැනි මිනිත්තුවේ දී Chris Basham විසින් සිය ගෝල රාමු කලාපය තුළ Manchester City ක්‍රීඩක Riyad Mahrez හමුවේ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් ඔවුන්ට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා තීරණය කළත් එහි දී එය ලබාගත් Gabriel Jesus එල්ල කළ පහර රැකගන්නට Sheffield United ගෝල රකින ක්‍රීඩක Dean Henderson සමත් විය. 

“බංගබන්ධු රන් කුසලාන” තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

“බංගබන්ධු රන් කුසලානය 2020” පාපන්දු තරගාවලිය යටතේ ….

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Manchester City ඉදිරිපෙළ ක්‍රීඩක Sergio Aguero විසින් Kevin De Bruyne ලබා දුන් පන්දුවක් ඉතා පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කරන්නට සමත් විය. 

ඊට අමතරව දෙවන අර්ධය පුරාවට කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවා සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත. 

ඒ අනුව මෙම තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට Manchester City ක්‍රීඩකයින් සමත් විය. 

සම්පූර්ණ කාලය: Manchester City 1 – 0 Sheffield United

ගෝල ලාභීන් 

  • Manchester City – Sergio Aguero 73’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<