අකිල, මිරංග, සොහාන් සහ පසිඳු දවස වර්ණවත් කරයි

SLC Major League Cricket Tournament 2022

428

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන්දින ක්‍රිකට් තරගාවලියේ 12 වැනි සතියේ දෙවැනි දිනය (05) නිමාවේ දී අකිල දනංජය, මිරංග, සොහාන් ද ලිවේරා සහ පසිඳු සූරියබණ්ඩාර කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

කෝල්ට්ස් නියෝජනය කරන දඟපන්දු යවන අකිල ඊයේ තම පළමු පෙළ තරගවල කඩුලු 200 වාර්තා කිරීමට සමත් වුනා. ඔහු කළුතර නාගරික කණ්ඩායමට එරෙහි තරගයේ දී මෙම කඩඉම සපුරා ගත්තේ තරිඳු සිරිවර්ධනගේ කඩුල්ල දවා ගැනීමත් සමඟයි.

අකිල මේ දක්වා පළමු පෙළ තරග 61කට ක්‍රීඩා කරමින් මෙම අවස්ථාව සපුරා ගනිද්දී, කඩුලු 4ක් සහ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 8 බැගින් වාර්තා කර තිබෙනවා.

පෙර දිනයේ නොදැවී ලකුණු 35ක් ලබා සිටි මූවර්ස් කණ්ඩායමේ 22 හැවිරිදි වමත් පිතිකරු සොහාන් ද ලිවේරා අද සෙබස්තියනයිට්ස්ට එරෙහිව ශතකයක් වාර්තා කළා. පන්දු 179කට මුහුණ දුන් සොහාන් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 125ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ මංගල ශතකයයි.

මේ අතර මූවර්ස් කණ්ඩායමේ 23 වියැති දකුණත් පිතිකරු පසිඳු සූරියබණ්ඩාර අද තම පළමු පෙළ තරගවල ලකුණු 1000 සම්පූර්ණ කිරීමට සමත් වුනා. ඔහු සෙබස්තියනයිට්ස්ට එරෙහිව පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත් අතර ඒ අතරතුර ඔහු මෙම කඩඉම පසු කළා.

ලංකන් කණ්ඩායමේ 21 හැවිරිදි වමතින් දඟපන්දු යවන මිරංග වික්‍රමගේ කැන්ඩි කස්ටම්ස්ට එරෙහිව ලකුණු 65කට කඩුලු 7ක් දවා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරගවල ඉහළ ම දක්ෂතාවයි.

බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ මධුක ලියනපතිරණගේ, CCC කණ්ඩායමේ පවන් පතිරාජ සහ චමිඳු විජේසිංහ, SSC කණ්ඩායමේ නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු සහ ක්‍රිශාන් සංජුල, යුද හමුදාවේ අසේල ගුණරත්න, මහේෂ් කුමාර සහ හිමාෂ ලියනගේ, මූවර්ස් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර, නාවික හමුදාවේ මාලිංග මලිගස්පේ සහ විනෝද් පෙරේරා තරගාවලියේ දෙවැනි දිනයේ දී අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.

මේ අතර CCC කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර පොලිස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගනිද්දී, ගුවන් හමුදාවේ මෝවින් සුබසිංහ යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 78කට කඩුලු 5ක් දවා ගත් අතර එය  ඔහුගේ පළමු පෙළ ඉහළ ම දක්ෂතාව ලෙසින් ද සටහන් වුනා.

මේ අතර පෙර දින ආරම්භ වීමට නියමිතව තිබූ තරග 2ක් වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයටත් එක් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු වුනා. එසේ වන්නේ, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පානදුර සහ ටැමිල් යූනියන් අතර තරගය සහ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කුරුණෑගල යූත් සහ BRC අතර තරගයයි.

Group A

CCC සහ පොලිසිය අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී.

  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (58.2) සොනාල් දිනූෂ 24, මිනෝද් භානුක 22, පවන් පතිරාජ 51, චමිඳු විජේසිංහ 68, නලින් ප්‍රියදර්ශන 6/72, මංජුල ජයවර්ධන 4/29
  • පොලිසිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 116 (38.5) නදීර බාලසූරිය 25, නිපුන කාරියවසම් 23, මාලින්ද පුෂ්පකුමාර 5/53, ලක්ෂාන් සඳකැන් 3/17
  • CCC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 224 (57) නිමේෂ ගුණසිංහ 25, මිනෝද් භානුක 31, පවන් පතිරාජ 71, චමිඳු විජේසිංහ නොදැවී 64, චතුර රන්දුණු 3/68

ලංකන් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය තර්ස්ටන් පිටියේ දී.

  • ලංකන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (89) ප්‍රසංසන ජයමාන්න 45, ඉසිවර දිසානායක 85, ගීත් කුමාර 37, සහන් අදීශ 2/30, සචිත්‍ර පෙරේරා 5/61
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 236 (64.1) ඉමේෂ් උදයංග 22, Ian Dev Singh 66, චානක විජේසිංහ නොදැවී 42, මිතුන් ජයවික්‍රම 63, මිරංග වික්‍රමගේ 7/46

මුවර්ස් සහ සෙබස්තියනයිට්ස් අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී.

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (64.2) ලොහාන් ද සොයිසා 39, සඳුන් ප්‍රනාන්දු 36, තරුෂ ප්‍රනාන්දු 44, චාමිකර එදිරිසිංහ නොදැවී 28, තිලංග උදේශන 3/35, රමේෂ් මෙන්ඩිස් 5/62, තීසාන් විතුසාන් 2/32
  • මුවර්ස් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 325 (87) මොහොමඩ් ශමාස් 26, සොහාන් ද ලිවේරා 125, පසිඳු සූරියබණ්ඩාර 62, රමේෂ් මෙන්ඩිස් නොදැවී 49, අයන සිරිවර්ධන නොදැවී 36, තරිඳු රත්නායක 3/127

Group B

බ්ලුම්ෆීල්ඩ් සහ බදුරලිය අතර තරගය බ්ලුම්ෆීල්ඩ් පිටියේ දී.

  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 400 (116.3) යොහොන් ද සිල්වා 111, චරිත කුමාරසිංහ 31, ගජිත කොටුවේගොඩ 42, Hasnain Bokhari 40, මාධව වර්ණපුර 20, ලහිරු මධුශංක 32, හර්ෂ විතාන 28, මධුක ලියනපතිරණගේ නොදැවී 56, චලන ද සිල්වා 2/110, නිර්මල රත්නායක 2/60, බුද්ධික සංජීව 2/66
  • බදුරලිය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 31 (6) මලිඳු මධුරංග නොදැවී 23

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී.

  • ගුවන් හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (48.1) කසුන් ඒකනායක 33, සුපේෂල ජයතිලක 48, රොස්කෝ තටිල් 21, මෝවින් සුබසිංහ 24, සීක්කුගේ ප්‍රසන්න 6/71, සුමින්ද ලක්ෂාන් 2/42
  • යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (92.2) අශාන් රන්දික 25, අසේල ගුණරත්න 72, මහේෂ් කුමාර 52, හිමාෂ ලියනගේ 54, සුමින්ද ලක්ෂාන් 44, ගයාන් සිරිසෝම 2/81, මෝවින් සුබසිංහ 5/78
  • ගුවන් හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 28 (12) සීක්කුගේ ප්‍රසන්න 2/09

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සැරසන්ස් අතර තරගය වැලිසර නාවික හමුදා පිටියේ දී.

  • සැරසන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 (103.5) නවිඳු විතානගේ 89, හෂේන් රාමනායක 55, මිලින්ද සිරිවර්ධන 48, ප්‍රමෝද් මදුවන්ත 45, යුරාන් නිමාෂ 4/90, නවින් කවිකාර 3/86, විනෝද් පෙරේරා 3/34
  • නාවික හමුදාව – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 152 (51) මාලිංග මලිගස්පේ 52, විනෝද් පෙරේරා නොදැවී 61, දුශාන් විමුක්ති 4/54

මීගමුව සහ නුගේගොඩ අතර තරගය කටුනායක FTZ පිටියේ දී.

  • මීගමුව – පළමු ඉනිම සියලුම ම දැවී 284 (94.4) පසිඳු ලක්ෂාන් 64, ඇන්ජලෝ ජයසිංහ 20, Jatin Saxena 97, උමේෂ් ලක්ෂාන් 32, රනිත ලියනාරච්චි 3/39, Karan Kaila 2/57, අරවින්ද ප්‍රේමරත්න 2/31
  • නුගේගොඩ – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 56 (18) අභිශේක් ලියනාරච්චි නොදැවී 46

NCC සහ Ace කැපිටල් අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී.

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 183 (54) කවින් බණ්ඩාර 32, සහන් ආරච්චිගේ 67, අහන් වික්‍රමසිංහ 34, රොෂාන් ජයතිස්ස 5/21, වනුජ සහන් 3/39
  • Ace කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (46.4) ලසිත් කෲස්පුල්ලේ 30, ප්‍රමුද් හෙට්ටිවත්ත 31, හර්ෂ කුරේ 34, ලසිත් ඇඹුල්දෙණිය 3/41, අම්ෂි ද සිල්වා 2/10, ඩිල්ශාන් නිපුණජිත් 3/43

ඊයේ ආරම්භ වූ තරග

Group A

ගාල්ල සහ SSC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • SSC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 247 (71) නිපුන් ධනංජය 60, නුවනිඳු ප්‍රනාන්දු 67, ක්‍රිශාන් සංජුල 63, ෂෙවෝන් ඩැනියෙල් 23, කවිඳු එදිරිවීර 2/17

කළුතර   නාගරික සහ කෝල්ට්ස් අතර තරගය මග්ගොන Surry ක්‍රීඩාංගණයේ දී.

  • කළුතර  නාගරික – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 50 (22.5) අකිල ධනංජය 3/28

මේ සියලු තරග 6 වැනිදා අවසන් සහ තෙවැනි දිනයට ක්‍රියාත්මක අතර දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ නවතම පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<