යුධ හමුදා බල බිඳිමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ජය ගනී

670

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය අද (9) ආරම්භ වූ අතර සිය පළමු තරගයේ දී ම යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 23-12ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. තරගය කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

2018/19 ‘Dialog’ රග්බි ලීගයට සියල්ල සූදානමින්

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම අනුග්‍රාහකයා වන ‘Dialog Axiata PLC’ සමාගම අඛණ්ඩව 7 වන වසරටත් ‘Dialog’ රග්බි ලීග් තරගාවලියට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙන…

පසුගිය තරග වාරයේ දී හැව්ලොක් කණ්ඩායම ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ තරගාවලිය අවසන් කළ අතර යුධ හමුදා කණ්ඩායම රැඳී සිටියේ ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ යි. මෙවර තරගාවලියේ දී ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් හතරට විදේශ ක්‍රීඩකයින් ඇතුලත් කර ගැනීමට  අවස්ථාව හිමි වන අතර ඒ අනුව අද තරගයට යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ෆීජි ජාතික ‘සෙනවතා උවලූලු’ ක්‍රීඩා කිරීම විශේෂත්වයක් විය.

හැව්ලොක් කණ්ඩායමේ පා පහරින් තරගය ආරම්භ වූ අතර දෙවන මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමට දඬුවම් පහරක් ලැබුණේ වාසනාවන්ත ආරම්භයක් ලබා දෙමිනි. රීසා මුබාරක් අලංකාර පා පහරකින් පන්දුව ගෝල කණු අතරින් යවන්නට සමත් විය. (හැව්ලොක් 03-00 යුධ හමුදා)

පළමු මිනිත්තු දහය තුළ යුධ හමුදා කණ්ඩායම හැව්ලොක් කණ්ඩායමට දඬුවම් පහර තුනක් ලබා දුන් අතර හත්වැනි මිනිත්තුවේ දී ලබා දුන් තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් අසමත් විය.

පළමු මිනිත්තු කිහිපයේ පන්දුව තමන් සතුවම තබා ගනිමින් සනත් මාටිස් පුහුණුකරුගේ හැව්ලොක් කණ්ඩායම යුද හමුදා කණ්ඩායමට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළ අතර සිය ඉදිරිපෙළ භාවිතා කරමින් 13 වන මිනිත්තුවේ දී ඔවුන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් වුවත් විනිසුරු එම අවස්ථාව නිශ්ප්‍රභ කළේය.

2018/19 ‘Dialog’ රග්බි ලීගයට සියල්ල සූදානමින්

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම අනුග්‍රාහකයා වන ‘Dialog Axiata PLC’ සමාගම අඛණ්ඩව 7 වන වසරටත් ‘Dialog’ රග්බි ලීග් තරගාවලියට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා…

අනතුරුව 14 වන මිනිත්තුවේ දී යුධ හමුදා කණ්ඩායම තරග ආරම්භයෙන් පසු පළමු වරට පන්දුව තමන් සතු කර ගැනීමට සමත් වූයේ උත්සාහක දිනුම් රේඛාව ආසන්නයේ දී ම හැව්ලොක් කණ්ඩායමේ පන්දුව උදුරා ගනිමිනි.

අනතුරුව 17 වන මිනිත්තුවේ දී නැවත වතාවක් හැව්ලොක් කණ්ඩායමට පහසු දඬුවම් පහරක් හිමි වූ අතර රීසා මුබාරක් පහසුවෙන් එම අවස්ථාව ද සාර්ථක කර ගැනීමට සමත් විය. (හැව්ලොක් 06-00 යුධ හමුදා)

අනතුරුව යුධ හමුදා ක්‍රීඩකයින් තරඟයට අවතීර්ණ කරමින් 24 වන මිනිත්තුවේ දී ඔවුන්ට ද දඬුවම් පහරක් හිමි වූ නමුත් යුධ හමුදාව එම අවස්ථාව සාර්ථක කර ගත්තේ නැත.

27 වන මිනිත්තුවේ දී චාමර දාබරේ වේගවත් ධාවනයක යෙදෙමින් පන්දුව සමඟ උත්සාහක දිනුම් සීමාව දෙසට යාමට උත්සාහක කළත් ඔහු හඹා ගිය යුධ හමුදාවේ මධුර බණ්ඩාර දක්ෂ ලෙස ඔහුව නැවත් වීමට සමත් විය.

29 වන මිනිත්තුවේ දී යුධ හමුදා කණ්ඩායමට තවත් දඬුවම් පහරක් හිමි වූ අතර ගයාන් සාලින්ද යුධ හමුදාව වෙනුවෙන් පළමු ලකුණු ත්‍රිත්වය ලකුණු පුවරුවට එක් කරන්නට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

37 වන මිනිත්තුවේ දී යුධ හමුදාවට හිමි වූ දඬුවම් පහර දක්ෂ ලෙස ගෝල කණු අතරින් පා කර හරිමින් ගයාන් සාලින්ද තරගයේ ලකුණු සම කළේ පළමු අර්ධය අවසන් කරමිනි.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 06 – 06 යුධ හමුදා ක්‍රීඩා සමාජය

යුද හමුදා කණ්ඩායම දෙවන අර්ධය ඉතා හොඳින් ආරම්භ කළේ හැව්ලොක් කණ්ඩායමට සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට 43 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් හිමි වූ අතර ගයාන් සාලින්ද එම අවස්ථාව පහසුවෙන් සාර්ථක කර ගනිමින් තරගයේ පළමු වරට යුධ හමුදාව පෙරමුණට ගෙන එන්නට සමත් විය. (හැව්ලොක් 06-09 යුධ හමුදා)

හැව්ලොක් කණ්ඩායම ඉතා හොඳින් තරගය ආරම්භ කළත් පළමු අර්ධය අවසන් වන විට ඔවුන් තරමක් මන්දගාමී ක්‍රීඩා විලාසයකට අවතීර්ණ වී සිටිය හ.

46 වන මිනිත්තුවේ දී යුධ හමුදා කණ්ඩායමේ ‘Prop’ ක්‍රීඩක සුගත් නානායක්කාර හට කහ කාඩ්පතක් ලබා දී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළ අතර එහි වාසිය සැනෙකින් ලබාගත් මිතුන් හපුගොඩ හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ හැව්ලොක් කණ්ඩායම නැවතත් පෙරමුණට ගෙන එමිනි. එහි ප්‍රවර්තනය මුබාරක් විසින් සාර්ථක කර ගත්තේ නැත. (හැව්ලොක් 11-09 යුධ හමුදා)

අඛණ්ඩව පස්වැනි තරගාවලි ජය සොයා යන මහනුවර ක්‍රීඩකයෝ

ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම ප්‍රබලතම ක්‍රීඩා සමාජයක් වන මහනුවර ක්‍රීඩා සමාජය මෙවර ඩයලොග් ලීග් රග්බි තරගාවලියට පිවිසෙන්නේ අඛණ්ඩව පස්වැනි තරගාවලි ජය…

51 වන මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායම දිගින් දිගටම කළ අතපසුවීම් නිසා යුධ හමුදාවට තවත් දඬුවම් පහරක් හිමි වූ අතර ගයාන් සාලින්ද එම ලකුණු තුන ද දක්ෂ ලෙස ලකුණු පුවරුවට එකතු කිරීමට සමත් විය. (හැව්ලොක් 11-12 යුධ හමුදා)

58 වන මිනිත්තුවේ දී ‘Line out’ අවස්ථාවකින් පන්දුව ලබා ගත් හැව්ලොක් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් රේඛාවට ඉතා ආසන්නයේ සිට උත්සාහක දිනුමක් කරා ප්‍රබල උත්සාහයක නිරත වුවත් යුධ හමුදා දැවැන්ත ඉදිරිපෙළ දක්ෂ ලෙස ඔවුන්ගේ එම උත්සාහය ව්‍යර්ථ කරන්නට සමත් විය.

61 වන මිනිත්තුවේ දී හැව්ලොක් උත්සාහය සාර්ථක වූ අතර රහල් දෙල්පචිත්‍ර ප්‍රමුඛ හැව්ලොක් ඉදිරිපෙළ සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මුබාරක් සමත් වූයේ නැත. (හැව්ලොක් 16-12 යුධ හමුදා)

Off Side අවස්ථාවක් මගින් නැවත වතාවක් යුධ හමුදා කණ්ඩායමට දඬුවම් පහරක් පූජා කරන්නට හැව්ලොක් කණ්ඩායම ක්‍රියා කළ නමුත් ගයාන් සාලින්ද මෙවර එම අවස්ථාව සාර්ථක කර ගත්තේ නැත.

අවසන් මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකම තියුණු සටනකට අවතීර්ණ වූ අතර 71 වන මිනිත්තුවේ දී යුධ හමුදාවේ අශාන් බණ්ඩාර හට කහ කාඩ්පතක් හිමි වූයේ අවසන් මිනිත්තු දහයේ දී යුධ හමුදාව දැඩි අර්බුදයකට ඇද දමමිනි.

හැව්ලොක් ක්‍රීඩකයින් සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් පියවරෙන් පියවර පන්දුව සමග ඉදිරියට ගිය අතර මිනිත්තු පහක පමණ උත්සාහය සාර්ථක කර ගනිමින් දුෂ්මන්ත ප්‍රියදර්ශන 75 වන මිනිත්තුවේ දී තෙවන හා ජයග්‍රාහි හැව්ලොක් උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. රීසා මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (හැව්ලොක් 23-12 යුධ හමුදා)

අමතර ප්‍රසාද ලකුණ සඳහා තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයින් ප්‍රබල උත්සාහයක නිරත වූ නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 23 (3T,2P,1C) – 12 (4P) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – දුෂ්මන්ත ප්‍රියදර්ශන (හැව්ලොක්)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – රිසා මුබාරක් (2P,1C), මිතුන් හපුගොඩ (1T), රහල් දෙල්පචිත්‍ර (1T), දුෂ්මන්ත ප්‍රියදර්ශන (1T)   
  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – ගයාන් සාලින්ද (4P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<