සහන්, සවින් සහ ප්‍රමුද් අර්ධ ශතක රැස් කරයි

SLC Major League Cricket Tournament 2022

164

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන් දින ක්‍රිකට් තරගාවලියේ 10 වැනි සතිය නිමා කරමින් අද (24) පැවති තරගවල දී අර්ධ ශතක වාර්තා කිරීමට සහන් කෝසල, සවින් ගුණසේකර සහ ප්‍රමුද් හෙට්ටිවත්ත සමත් වුනා.

Group B කාණ්ඩයෙන් කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී පැවති Ace කැපිටල් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය පමණක් අද ක්‍රියාත්මක වූ අතර එම තරගය ද විසඳුමකින් තොරව අවසන් වුනා. මෙම තරගයේ පළමු දිනයට නතර කරන විට  පන්දුවාර 18.3ක් පමණක් යවා තිබූ අතර දෙවැනි දිනයේ දී යවනු ලැබුවේ තවත් පන්දුවාර 10.3ක් පමණයි.

කෙසේ වෙතත් එම තරගයේ දී අද දවසේ දී අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා වීම කැපී පෙනුනා. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 හැවිරිදි දකුණත් පිතිකරු සහන් කෝසල පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් රැස් කළා. එය ඔහුගේ පළමු පෙළ තරගවල මංගල අර්ධ ශතකයයි.

ඊට අමතරව එම කණ්ඩායමේ ම සවින් ගුණසේකර පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 51ක් රැස් කළා.

පිළිතුරු ඉනිමේ දී Ace කැපිටල් කණ්ඩායමේ ප්‍රමුද් හෙට්ටිවත්ත පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් වාර්තා කරගත්තා.

මේ අතර විදෙස් ක්‍රීඩකයන් වූ Ace කැපිටල් කණ්ඩායමේ වමතින් දඟපන්දු යැවූ Mohammad Irfan ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 83කට දවා ගනිද්දී එම කණ්ඩායමේ ම Ninad Kadam පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් රැස් කළා.

පෙර දිනයේ සේ ම අද දිනය පුරා ද ඇද හැළුණු අධික වැසි හමුවේ තරග 4ක් එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමුනා. එසේ අතහැර දැමුනේ Group A කාණ්ඩයෙන් මුවර්ස් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතව තිබූ මුවර්ස් සහ රාගම අතර තරගයත්, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ ලංකන් සහ කලුතර අතර තරගයත්, Group B කාණ්ඩයෙන් මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ බදුරලිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගයත් සහ පානදුර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පානදුර සහ NCC අතර තරගයි.

  • Ace කැපිටල් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී

නාවික හමුදාව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 206 (60.2): සහන් කෝසල 71, අදීෂ නානායක්කාර 56, සවින් ගුණසේකර නොදැවී 51, සුපුන් ලීලාරත්න 18, Mohammad Irfan 6/83, රොහාන් ජයතිස්ස 3/27.

Ace කැපිටල් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 155 (38): Ninad Kadam 63, ප්‍රමුද් හෙට්ටිවත්ත 51, නවින් කවිකාර 3/67, විනෝද් පෙරේරා 2/27.

තරගයේ විසඳුමක් නොමැත.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<