Home Sinhala චන්දිමාල්ගේ සුපිරි ඉනිමේ නියම අවසානයට ලකුණක් හරස් වෙයි

චන්දිමාල්ගේ සුපිරි ඉනිමේ නියම අවසානයට ලකුණක් හරස් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

4002

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය අද (11) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ Dambulla Giants ලකුණක තියුණු ජයක් හිමිකර ගනිමින්.

ඔවුන් හමුවේ Colombo Stars පරාජයට පත්වුනු නමුත් තරගයේ අවසන් පන්දුව දක්වා සුපිරි ඉනිමක් දියත් කරන්නට දිනේෂ් චන්දිමාල් සමත් වුනා.

Giants නායක දසුන් ශානක නොකඩවා සිව්වැනි වරටත් කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වුනු අතර ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් එක් වෙනසක් සිදු කරමින් ඩිල්ශාන් මුණවීර වෙනුවට සචිත ජයතිලක කණ්ඩායමට කැඳවා තිබුණා.

අවසන් තරගය පරාජයට පත්වෙමින් මේ තරගයට පැමිණි Stars කණ්ඩායම Kemo Paul සහ තික්ෂිල ද සිල්වා වෙනුවට Ravi Rampaul සහ ජෙෆ්රි වැන්ඩර්සේ කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Giants වෙනුවෙන් සුපුරුදු පරිදි නැවත වතාවක් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට Solat සහ දික්වැල්ල සමත් වූ අතර ඔවුන් දෙදෙනා පන්දු 31ක් තුල ලකුණු 48ක සබඳතාවයක් ගොඩනැංවූවා.

එහි ප්‍රතිඵලයක් ලෙස Powerplay අවස්ථාව තුල දී කඩුලු 2ක් දැවී ලකුණු 53ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා. නියමිත පන්දුවාර 20 අවසානයේ නිලකුණු පන්දු 58ක් සමඟ කඩුලු 9ක් දැවී ඔවුන් ලබා ගත්තේ ලකුණු 138ක් පමණයි. ඒ අනුව අවසන් පන්දුවාර 14 තුල දී කඩුලු 7ක් දැවී ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 85ක් පමණයි.

ලකුණු 30ක් ලබාගෙන සිටි දික්වැල්ල සහ ලකුණු 21ක් ලබාගෙන සිටි Salt දෙදෙනාම 6 වැනි පන්දුවාරය තුල දවා ගැනීමට සීක්කුගේ සමත් වීමත් සමඟම ඔවුන්ගේ ඉනිමේ කඩා වැටීම ආරම්භ වුනා.

තරිඳු රත්නායක අංක 4 පිතිකරු ලෙස පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබා පිටියට එක් වූ නමුත්, ඒ සඳහා නිසි වටිනාකමක් ලබා දීමට ඔහුට හැකි වුනේ නැහැ.

ඔහු පන්දු 15ක දී ලකුණු 5ක් ලබාගෙන දැවී යාමත් සමඟම ගොඩනැංවුණු පීඩනය නිසාවෙන් ඔවුන්ගේ මැදපෙළ කඩුලු 4ක් ලකුණු 32ක් වැනි සුළු ලකුණු ප්‍රමාණයක් තුල දවා ගැනීමට Starsට හැකි වුනා. Maqsood ඔවුන්ගේ ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 24ක් ලබා ගත්තා.

තරගාවලිය පුරාවට Giants කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ දික්වැල්ල – Salt, නායක දසුන් ශානක සහ පසුපෙළ පිතිකරුවන් ලෙස චාමික සහ රමේෂ් මෙන්ඩිස් යම් මට්ටමක සාර්ථකත්වයක් ලබා ගැනීමට සමත් වූ නමුත්, ඔවුන්ගේ අනෙකුත් පිතිකරණ ස්ථාන තවමත් විශාල ගැටලුවක් වී තිබෙන බවක් පෙනෙන්නට තිබුණා.

දකුණතින් පා දඟපන්දු යවන වැන්ඩර්සේ සහ Rampaul කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුනු අතර සීක්කුගේ කඩුලු 2ක් සඳහා හිමිකම් කීවා.

ලකුණු 139ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Stars කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 38ක් තුල දවා ගැනීමට තරිඳු සහ Thahir සමත් වුනා.

කෙසේ නමුත් ඉන්පසුව පිටියේ එක්වුණු චන්දිමාල් සහ ධනංජය 5 වැනි කඩුල්ල සඳහා ස්ථාවර වෙමින් ලකුණු 32ක සබඳතාවයක් Stars ලකුණු සටහනට එකතු කළා.

Giants නායක දසුන් පළමු පන්දුවාර 9ම දඟපන්දු යවන්නන් 4 දෙනාගෙන් ක්‍රීඩා කර එතැන් සිට ඔවුන්ගේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වුනු ප්‍රදීප් කැඳවීමට තීරණය කළා. චන්දිමාල් සෙමින් සිය ඉනිම ආරම්භ කරමින් Stars ඉනිමේ අවසන් පන්දුව දක්වා සුපිරි සටනක් ලබා දුන් අතර එම සටන්කාමී බව දෙගුණ තෙගුණ වුනේ අවසන් පන්දුවාර 4 තුලයි.

Stars ඉනිමේ පන්දුවාර 16ක් අවසන් වන විට ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 51ක ඉලක්කයක් හඹා යාමට නියමිතව තිබුණු අතර ඒ වන විට තරගයේ පැහැදිලි වාසිය තිබුණේ Giants සතුවයි.

නමුත් ප්‍රදීප් ක්‍රියාත්මක කළ 17 වැනි පන්දුවාරයට ලකුණු 21ක් ලබා ගත් චන්දිමාල් එතැන් සිට ඒ දක්වා ඔහු දියත් කළ පිතිකරණ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා.

චාමික යොමු කළ අවසන් පන්දුවාරය සඳහා ලකුණු 12ක් ලබා ගැනීමට නියමිතව තිබුණු නමුත් චන්දිමාල්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 11ක් පමණයි. ඒ අනුව මෙවර LPL තරගාවලියේ දැනට පැවති තියුණුම තරගය එක් ලකුණකින් ජය ගැනීමට Giants සමත් වුනේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය නැවතත් තමන් සතුකර ගනිමිනුයි.

සටන්කාමී ඉනිමක් දියත් කළ චන්දිමාල් පන්දු 40ක් සඳහා මුහුණ දෙමින් නොදැවී ලකුණු 60*ක් ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහර 3ක් එල්ල කරමින්. පන්දු යැවීමේ දී සිය පන්දුවාර 4 තුල නිලකුණු පන්දු 15ක් සමඟ ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත් තරිඳු රත්නායක තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

LPL තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Colombo Stars
137/8 (20)

Dambulla Aura
138/9 (20)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Kusal Perera b Seekkuge Prasanna 30 15 6 0 200.00
Phil Salt c Kusal Perera b Seekkuge Prasanna 21 18 4 0 116.67
Sohaib Maqsood lbw b Jeffrey Vandersay 24 22 4 0 109.09
Tharindu Rathnayake c Ashan Priyanjan b Jeffrey Vandersay 5 15 0 0 33.33
Najibullah Zadran lbw b Jeffrey Vandersay 11 15 1 0 73.33
Dasun Shanaka c Jeffrey Vandersay b Ravi Rampaul 16 15 2 0 106.67
Ramesh Mendis c Dhananjaya de Silva b Ravi Rampaul 8 7 0 0 114.29
Chamika Karunaratne lbw b Ravi Rampaul 12 10 0 1 120.00
Sachitha Jayathilake run out (Dinesh Chandimal) 1 1 0 0 100.00
Nuwan Pradeep not out 0 0 0 0 0.00


Extras 10 (b 4 , lb 3 , nb 0, w 3, pen 0)
Total 138/9 (20 Overs, RR: 6.9)
Did not bat Imran Tahir,

Fall of Wickets 1-48 (5.1) Niroshan Dickwella, 2-53 (5.5) Phil Salt, 3-88 (11.4) Tharindu Rathnayake, 4-88 (11.5) Sohaib Maqsood, 5-109 (15.2) Najibullah Zadran, 6-120 (17.4) Dasun Shanaka, 7-134 (19.1) Ramesh Mendis, 8-136 (19.4) Sachitha Jayathilake, 9-138 (19.6) Chamika Karunaratne,

Bowling O M R W Econ
Ravi Rampaul 4 0 27 3 6.75
Dushmantha Chameera 2 0 26 0 13.00
Seekkuge Prasanna 4 0 17 2 4.25
Dhananjaya de Silva 2 0 13 0 6.50
Naveen Ul Haq 3 0 15 0 5.00
Ashan Priyanjan 1 0 8 0 8.00
Jeffrey Vandersay 4 0 25 3 6.25


Batsmen R B 4s 6s SR
Kusal Perera b Tharindu Rathnayake 5 7 1 0 71.43
Tom Banton lbw b Imran Tahir 8 11 1 0 72.73
Ashan Priyanjan lbw b Imran Tahir 3 5 0 0 60.00
Dhananjaya de Silva c Chamika Karunaratne b Tharindu Rathnayake 33 30 3 1 110.00
Sherfane Rutherford c Niroshan Dickwella b Tharindu Rathnayake 4 8 1 0 50.00
Dinesh Chandimal not out 65 40 4 3 162.50
Jeffrey Vandersay c Imran Tahir b Ramesh Mendis 7 11 0 0 63.64
Seekkuge Prasanna c Phil Salt b Nuwan Pradeep 7 7 1 0 100.00
Dushmantha Chameera c & b Chamika Karunaratne 0 1 0 0 0.00
Naveen Ul Haq not out 0 0 0 0 0.00


Extras 5 (b 0 , lb 1 , nb 0, w 4, pen 0)
Total 137/8 (20 Overs, RR: 6.85)
Fall of Wickets 1-14 (2.2) Tom Banton, 2-17 (3.2) Kusal Perera, 3-32 (5.6) Ashan Priyanjan, 4-38 (7.5) Sherfane Rutherford, 5-70 (12.1) Dhananjaya de Silva, 6-86 (15.5) Jeffrey Vandersay,

Bowling O M R W Econ
Tharindu Rathnayake 4 0 18 3 4.50
Ramesh Mendis 4 0 23 1 5.75
Imran Tahir 4 0 19 2 4.75
Sachitha Jayathilake 3 0 19 0 6.33
Nuwan Pradeep 4 0 46 1 11.50
Chamika Karunaratne 1 0 11 1 11.00