56 වැනි සහෝදර ගැටුම තීරණයකින් අවසන් වන ලකුණු?

1015

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 56 වැනි වතාවටත් පැවැත්වීමට නියමිත “සහෝදරයින්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමය” මේ මස 22 සහ 23 කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

පිළිමළුන් පිටුදැකීමේ සටන ඇරඹේ; වේල්ස් කුමරුන්ට වැඩි වාසි!

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා එළිදැක්වීමට අපූරු තෝතැන්නක් වන සිංගර් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ…

ඉසිපතන ක්‍රීඩකයින් අවසන් වරට මහා තරගයක් ජයග්‍රහණය කර ඇති අතර මේ දක්වා ඔවුන් විසින් පවත්වා ගෙන එන ආධිපත්‍ය බිඳ දැමීමේ අරමුණින් ප්‍රබල තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම මෙවර තරගයට පිවිසෙනු ඇත.

පසුගිය වසරේ දී ඔවුන්ගේ තරග ආකෘතියේ වෙනසක් සිදු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව තරගය අවසානයේ තීරණයක් ලබා ගැනීමේ අරමුණින් කණ්ඩායම් දෙකේම පළමු ඉනිම පන්දුවාර 60කට සීමා කර ඇත.

අතීතාවර්ජනය

ඉතිහාසය පුරාවට තීරණයක් සහිතව තරග අවසන් වී ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි. එයට හොඳම නිදසුන වන්නේ මේ දක්වා පවත්වා ඇති තරගවලින් තරග 46ක් අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරව වීමයි.

ඒ අනුව අවසන් වරට තරගයක් තීරණයක් සහිතව අවසන් වී ඇත්තේ 1999 වසරේ දී වන අතර එහි දී ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ ඉසිපතන විද්‍යාලයයි. තර්ස්ටන් විද්‍යාලය අවසන් වරට ලබා ගත් ජයග්‍රහණය 1992 වසරේ දී මැකන්සි පෙරේරාගේ නායකත්වය යටතේ වාර්තා කරගෙන ඇත.

ඒ අනුව තීරණයක් සහිතව අවසන් වූ මුළු තරග ගණන 9ක් වන අතර ඉන් තරග 5ක් තර්ස්ටන් විද්‍යාලයත් ඉතිරි තරග 4 ඉසිපතන විද්‍යාලයත් ජයග්‍රහණය කර ඇත.

තවද ක්‍රීඩකයෙක් එක් ඉනිමක දී වාර්තා කර ගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස 2002 වසරේ දී ඉසිපතන විද්‍යාලයේ සමන් නිශාන්ත නොදැවී වාර්තා කර ගත් ලකුණු 150 සටහන්ව ඇති අතර අනෙක් පසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා 1996 වසරේ දී වාර්තා කර ගත් කඩුලු 10 පන්දු යවන්නෙක් වාර්තා කර ගත් ඉහළම දක්ෂතාවය ලෙස සටහන් වී ඇත.

තර්ස්ටන් විද්‍යාලය

සඳරු ඩයස්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරනු ලබන තර්ස්ටන් විද්‍යාලය 2018/19 තරග වාරයේ දී ඔවුන් සහභාගී වී ඇති මූලික වටයේ තරග 8න්, පූර්ණ ජයග්‍රහණ ලබා ගත් තරග 4ක්, පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගත් තරග දෙකක් සමඟින් තවත් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. එ් දස්කම් සමඟින් D කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයට හැකි විය.

මෙම තරග වාරයේ ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභියා වන ආරම්භක පිතිකරු යොහාන් ලියනගේ (අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 523) පෙන්වා තිබෙන දක්‍ෂතා ඔවුන්ට මෙවර සංග්‍රාමයේ දී බෙහෙවින් වැදගත් වනු ඇති අතර අනෙක් පසින් මෙම තරග වාරය තුළ ලකුණු 395කට හිමිකම් කියන ජයවිහාන් මහවිතානගේ (අර්ධ ශතක 1, ශතක 1) දායකත්වය ද ඔවුන්ට තීරණාත්මක සාධකයක් වනු ඇත.

Video – නවක කණ්ඩායමක් සමඟ සටන් වදින – තර්ස්ටන් විද්‍යාලය 2018/19 Preview

පසුගිය වසරේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය…

තරග 14ක් (පළමු වටයේ තරග හා සුහද තරග ද ඇතුළත්ව) තුළ කඩුලු 71ක් දවා ගැනීමට සමත්ව ඇති වමතින් පා දඟපන්දු යවන අයෙෂ් හර්ෂණ පන්දුවෙන් ඉහළ දක්‍ෂතා දැක්වීමට සමත්ව ඇති අතර නායක සඳරු ඩයස් (කඩුලු 59ක්) සහ බවන්ත ජයසිංහ (කඩුලු 23ක්) තවදුරටත් ඔවුන්ගේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරනු ඇත.

තර්ස්ටන් විද්‍යාලයීය සංචිතය: සඳරු ඩයස් (නායක), අයේෂ් හර්ෂණ, ජයවිහන් ප්‍රදීප්ත, බිම්ර රණතුංග, නිමේෂ් පෙරේරා, යොහාන් ලියනගේ, රශ්මික හිරිපිටිය , ශලක බණ්ඩාර, අවිශ්ක කෞශල්‍, බවන්ත ජයසිංහ, පෘතුවි හෙට්ටිආරච්චි, අංජු කරුණානායක, රනේෂ් සිල්වා, සනුත් මනුතුංග, දසුන් ජයවර්ධන, උදිත් වික්‍රමාරච්චි, නුලක්ෂ මලිත්.

ඉසිපතන විද්‍යාලය

ඉසිපතන විද්‍යාලය මෙම තරග වාරයේ දී ඉහළ දක්‍ෂතා දැක්වීමට අපොහොසත් වී ඇති අතර ඔවුන් තරග 8කින් (පළමු වටයේ) පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් පමණක් වාර්තා කරගනිද්දී, තරග දෙකක් පූර්ණ ලෙස පරාජයට පත්ව ඇත. එසේම තවත් තරග 4ක පළමු ඉනිම පරාජයට පත්වීමට ඉසිපතන විද්‍යාලයට සිදුව තිබේ.

තරග 14ක දී (පළමු වටයේ තරග හා සුහද තරග) ලකුණු 750කට අධික ප්‍රමාණයක් වාර්තා කරගෙන ඇති රවිඳු රත්නායක මෙවර පාසල් ක්‍රිකට් තරග වාරය තුල ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වන අතර ඊට අමතරව තෙවිඳු දික්වැල්ල හා අශේන් ගුණවර්ධන පිළිවෙළින් ලකුණු 528ක් හා ලකුණු 457ක් බැගින් ලබාගෙන තිබේ. මෙම තරගයේ ප්‍රතිඵලය සිය කණ්ඩායම දෙසට යොමු කර ගැනීමට නම් මෙම ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා ඉසිපතන විද්‍යාලයට ඉතාමත් වැදගත් හා තීරණාත්මක සාධක වනු ඇත.

Video – ශූරතාවය වෙනුවෙන් දැඩි ආශාවකින් පසුවෙන ඉසිපතන විද්‍යාලය – 2018/19 Preview

“අපට ඕනේ එක්දින ක්‍රිකට් තරගාවලියට කොහොම හරි සුදුසුකම්…

තරග 14ක දී (පළමු වටයේ තරග හා සුහද තරග) කඩුලු 55කට හිමිකම් කියන වමතින් පා දඟපන්දු යවන නායක මදුෂික සඳරුවන් මෙවර තරග වාරය තුල ඉසිපතන විද්‍යාලය සතුව සිටින දක්ෂතම පන්දු යවන්නා වන අතර ඔහුට අමතරව රවිඳු රත්නායක හා සවිඳු උත්සර පිළිවෙළින් කඩුලු 27ක් හා කඩුලු 26 බැගින් දවා ගැනීමට සමත්ව ඇත.

ඉසිපතන විද්‍යාලයීය සංචිතය: මදුෂික සඳරුවන් (නායක), ලෙශාන් අමරසිංහ, කාලික් අමත්, දිනත් දිසානානයක, රවිඳු රත්නායක, තෙවිඳු දික්වැල්ල, අශේන් ගුණවර්ධන, එෂාන් ප්‍රනාන්දු, සවිඳු වික්‍රමසිංහ, සවීන් දම්මල්ගේ, චලන සිල්වා, ලෝමිත රවීන්දිත්, මන්දීප් ගුණසේකර, අමාන් ටහා, යසිරු කස්තුරිආරච්චි, ඉසුරු සඳමාල්

අවසන් වශයෙන්

මෙම තරග වාරය තුළ කණ්ඩායම් දෙකම දැක්වූ දක්‍ෂතා පිළිබඳව සලකා බලන විට තර්ස්ටන් විද්‍යාලයට වැඩි වාසි හිමි වන නමුත් අවිනිශ්චිත ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඉසිපතන විද්‍යාලයට ද මෙම තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව පවතී.

පෙබරවාරි 22 හා 23 දිනවල SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 56 වැනි සහෝදරයින්ගේ සංග්‍රාමය පෙරවරු 9 සිට ThePapare.com, Dialog TV නාලිකා අංක 77 සහ My TV හරහා සජීව ලෙස නැරඹීම හැකියාව ඔබට සලසා දී ඇත.

සජීවී තරග විකාශයට අමතරව පන්දුවෙන් පන්දුව යාවත්කාලීන වන සජීවී ලකුණු පුවරුව, තරග වාර්තා, එසැණ ඡායාරූප සමඟින් අනෙක් සියලුම විශේෂාංග ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Live : Thurstan College vs Isipathana College – 56th Battle of the Brothers

The 56th Battle of the Brothers annual cricket encounter between…