ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම දකුණු ආසියාවට පෙර අග්නිදිගට

240

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර පුහුණුවක් වශයෙන් ඉන්දුනීසියානු ජනාධිපති කුසලාන බොක්සිං තරගාවලියට සහ තායිලන්ත විවෘත බොක්සිං තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කොට තිබෙනවා. ඊට ක්‍රීඩකයන් සිව්දෙනෙකු සහ ක්‍රීඩිකාවක ඇතුළත්.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඉෂාන් බණ්ඩාර, R. M. P. ධර්මසේන, සජීව නුවන් කුමාර සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඉන්දික බණ්ඩාර පිරිමි කණ්ඩායමට ඇතුළත් වන අතර මීට සහභාගී වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන්නේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සජීවනී කුරේ.

Video – ක්‍රිකට් දේවත්වයට පත්වූ “ලිට්ල් මාස්ටර්” – Sachin Tendulkar

සචින් ටෙන්ඩුල්කාර් ….

23 වැනි වරට පැවැත්වෙන ඉන්දුනීසියානු ජනාධිපති කුසලාන තරගාවලිය සඳහා රටවල් 27කින් පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචි වී තිබෙනවා. ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, චීනය, ඉන්දියාව, ඉරාකය ආදී රටවල් ඊට ඇතුළත්. තායිලන්ත විවෘත බොක්සිං තරගාවලිය සැලකෙන්නේ ආසියාව තුළ පැවැත්වෙන තරගකාරීම තරගාවලියක් වශයෙන්. ඊට ජපානය, රුසියාව, මොන්ගෝලියාව, පිලිපීනය ආදී රටවල් වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස වරෙන්තු නිලධාරි සම්පත් ජයතිලක සහ කළමනාකරු ලෙස කර්නල් ප්‍රසන්න ගුණරත්න සහභාගී වනවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<