හිටපු එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකුට නයිට් තනතුරු

79
Andrew Strauss

හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයන් වන ජෙෆ්රි බෝයිකොට් හා ඇන්ඩෲ ස්ට්‍රෝස් හට නයිට් පදවි පිරිනමා තිබේ. ඒ එරට හිටපු අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මියගේ ඉල්ලා අස්වීමට අදාලව ඉදිරිපත් කළ ගෞරව ලැයිස්තුව යටතේයි. 

එංගලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන විට මෙලෙස ගෞරව ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකි අතර එම ලැයිස්තුව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ පසුව එම ලැයිස්තුවේ පුද්ගලයන්ට නයිට් පදවිය ප්‍රදානය කිරීම සිදු කෙරේ. තෙරේසා මේ මහත්මිය එලෙස ඉදිරිපත් කළ 57 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවට ස්ට්‍රෝස් හා බෝයිකොට් ද ඇතුලත්ව ඇත. 

කොදෙව් සීමිත පන්දුවාර නායකත්වයේ වෙනසක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වය..

බෝයිකොට් 78 හැවිරිදි වන අතර ඔහු 1964 සිට 1982 දක්වා කාලය තුල එංගලන්තයේ ප්‍රබල ක්‍රීඩකයෙකුව සිටියේය. පිතිකරණ සාමාන්‍ය 47.72ක් ලෙස තබා ගනිමින් ලකුණු 8114ක් ලබා ගැනීමට බෝයිකොට් සමත්ව ඇත. 1959 වසරේ බාර්න්ස්ලි කණ්ඩායම වෙනුවෙන් ලීඩ්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භක පිතිකරුවෙකු ලෙස ඔහු ලබා ගත් ලකුණු 88න් අනතුරුව ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා පිවිසීමට වරම් හිමි විය. ඒ එම තරගයේ දී ලීඩ්ස් කණ්ඩායමේ නායකයා වූ හර්බට් සුට්ක්ලිෆ්ගේ මඟපෙන්වීම ‍යටතේය. 

1962 වසරේ දී යෝක්ශයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ බෝයිකොට් පාකිස්තානය සමඟින් සංචාරක තරගයක් සඳහා ද සහභාගී විය. පළමු පෙළ තරගවල දී කැපී පෙනෙන දස්කම් දක්වන බෝයිකොට් 1963 හා 1964 ප්‍රාන්ත තරගාවලියේ දී ලකුණු 1628ක් හා 2110ක් ලබා ගනිමින් එංගලන්ත ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගත්තේය. 1964 වසරේ දී බොබ් සිම්සන්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට බෝයිකොට් සමත් විය. 

1967 – 1968 කාලයේ දී තම උපරිම දක්ෂතාවලට ළඟා වන බෝයිකොට් කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 463ක් ලබා ගනිමින් එම තරගාවලියේ ජයග්‍රහණය එංගලන්තයට හිමිකර දුන්නේය. 1969 දී ද කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 270ක් ලබා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට බෝයිකොට් සමත් විය. 

ආරක්ෂාව පිළිබඳ සැහීමකට පත්නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගෙදර නවතියි

මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය කෙරෙහි..

1970 – 1971 වසරවල දී අළුබඳුන තරගාවලියේ දී ප්‍රබල දස්කම් දැක්වීමට බෝයිකොට් සමත් වන්නේ ඩෙනිස් ලිලී, ග්‍රැහැම් මැකෙන්සි වැනි ප්‍රබල පන්දු ‍යවන්නන් හමුවේ ලකුණු 657ක් වාර්තා කරමිනි. 1980 වසරේ අළුබඳුන තරගාවලියේ දී ද ඩෙනිස් ලිලී හා ලෙන් පැස්කෝ වැනි ප්‍රබල පන්දු ‍යවන්නන් හමුවේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ බෝයිකොට් වාර්තා කළ ලකුණු 128 අළුබඳුන තරගාවලියේ ප්‍රබලම ඉනිමක් ලෙස සැලකේ. 

1967 දී තම ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන නොදැවී 246ක් ඉන්දියාවට එරෙහිව වාර්තා කිරීමට සමත් වන බෝයිකොට්ට මීළඟ තරගය අහිමි වන්නේ ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු වීම නිසාවෙනි. ටෙස්ට් තරග 4ක දී එංගලන්තය මෙහෙය වීමේ වරම් දිනා ගන්නා බෝයිකොට් එහි දී එක් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර එක් තරගයක් පරාජය වී ඇත. ක්‍රීඩාවෙන් සමුගත් පසුව ඔහු ප්‍රචාරකයෙකු ලෙස කටයුතු කරන ලදි. 

එංගලන්තය බිහි කළ ප්‍රබලතම පිතිකරුවෙකු හා සාර්ථකම නායකයෙකු ලෙස සැලකෙන ඇන්ඩෲ ස්ට්‍රෝස් 2009 හා 2010/11 අළුබඳුන තරගාවලි වලදී ජයග්‍රාහී එංගලන්තයට නායකත්වය සැපයීය. 

එංගලන්තය 2010/11 දී ඕස්ට්‍රේලියාවේ දී ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ලබා ගත් ජයග්‍රහණය 1986න් පසුව එංගලන්තය ඕස්ට්‍රේලියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව විය. ඇන්ඩෲ ස්ට්‍රෝස් යටතේ එංගලන්ත කණ්ඩායම 2011 වසරේ දී ඉන්දියාව තරග 4-0ක් ලෙස පරාජය කළ අතර එම ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට ඔසවා තැබීමට සමත් විය. 

2004 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගන්නා මේ වමත් ආරම්භක පිතිකරුවා තම ටෙස්ට් දිවිය තුල ලකුණු 7037ක් ලබා ගැනීමට සමත්ව ඇත්තේ 40.91ක් සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඔහු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස නවසීලන්තයට එරෙහිව 2008 දී වාර්තා කළ ලකුණු 177 සඳහන් වේ. 

42 හැවිරිදි ඇන්ඩෲ එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 127කට ක්‍රීඩා කර ඇත. එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු ලෙස 2019 ලෝක කුසලානය එංගලන්තයට හිමිකරදීම සඳහා ඇන්ඩෲ ස්ට්‍රෝස් ලබා දුන් දායකත්වය විශාලය. 

හිටපු එංගලන්ත පුහුණුකරු වන ඇන්ඩි ෆ්ලවර් ඇන්ඩෲගේ මෙම ගෞරව නාමය පිළිබඳව අදහස් දක්වා තිබුණි. 

“මේ ගෞරවය සඳහා ඇන්ඩෲට වඩා සුදුසු පුද්ගලයෙක් නෑ. ක්‍රීඩකයෙක් විදිහට ඔහු දරදඬු වගේම නම්‍යශීලී ක්‍රීඩකයෙක්. නායකයෙකු විදිහට ඔහු සමබර වගේම නොසැලෙන අධිෂ්ඨානයක් ඔහුට තිබුණා. ඔහුට කණ්ඩායමේ ක්‍රීඩකයන් වගේම අනෙකුත් නිලධාරීන් පවා ආදර කළා.”

රෂීඩ් ඇතුළු ඇෆ්ගන් ක්‍රීඩකයෝ ලෝක ක්‍රිකට් ඉතිහාසය අලුත් කරති

රෂීඩ් ඛාන් ඇතුළු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ වාර්තා කිහිපයක්ම..

මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියා වන ටොම් හැරිසන් ද අදහස් දක්වා තිබේ. 

“අපේ හෘදයාංගම සුබාශිංශන එක් කරනවා සර් ජෙෆ්රි බෝයිකොට් හට ඔහුගේ දීර්ඝ ක්‍රිකට් දිවියට හා ක්‍රීඩාව වෙනුවෙන් ඔහුගේ දායකත්වය සඳහා. 2015 වසරේ මැයි මාසයේ දී ඇන්ඩෲට අපි ආරාධනා කළා අධ්‍යක්ෂකවරයෙකු ලෙස එංගලන්ත ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වීමට. 

ඒ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ අනාගත අභිවෘද්ධිය හා ජාත්‍යන්තර තලයේ දියුණුව සඳහා වගේම 2019 ලෝක කුසලානයට ප්‍රබල කණ්ඩායමක් ලෙස පිවිසීමට හැකි වටපිටාවක් නිර්මාණය කරගැනීමට. පසුගිය මාස කීපය තුල අපි දැක්කේ ඇන්ඩෲගේ මහන්සියේ ප්‍රතිඵල. 

ඇන්ඩෲ හා ඔහුගේ පවුලේ සියලු දෙනා එක්ව දුර්ලභ පිළිකා රෝගයක් නිසා අහිමි වූ රූත් ස්ට්‍රෝස් වෙනුවෙන් රූත් ස්ට්‍රෝස් පදනම නිර්මාණය කළා. එමඟින් පිළිකා රෝගීන් වෙනුවෙන් අරමුදල් එක්‍ රැස්කිරීම සිදු වෙනවා. 

ඇන්ඩෲ ක්‍රිකට් පිටියේ දී වගේම ඉන් පිටත දීත් ආදර්ශමත් පුද්ගලයෙක්. ඇන්ඩෲ අපගේ ක්‍රීඩාවේ සුවිශේෂී පුද්ගලයෙකු ලෙස පුළුල් ලෙස සලකනු ලබන අතර මෙම අපූරු සම්මානය ක්‍රිකට් ලෝකය පුරා සමරනු ඇත.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<