ලහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්

SLC Major League Cricket Tournament 2022

820

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන් දින ක්‍රිකට් තරගාවලියේ 12 වැනි සතියේ අවසන් දිනය වූ අද (06) දවස නිමාවේ දී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට NCC කණ්ඩායමේ 28 හැවිරිදි දකුණත් පිතිකරු ලහිරු උදාර සමත් වුනා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ දෙවැනි ද්විත්ව ශතකයයි.  

Ace කැපිටල් කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද මෙම ද්විත්ව ශතයකට පන්දු 155ක් වැය වූ අතර හතරේ පහර 15ක් සහ හයේ පහර 8ක් ඇතුළත් වුනා. එය මෙවර තරගාවලියේ වාර්තා වූ 6 වැනි ද්විත්ව ශතකයයි.   

මේ අතර කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ සචිත්‍ර පෙරේරා, ලංකන් කණ්ඩායමට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 28කට කඩුලු 7ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 89කට කඩුලු 12ක් දවා ගත්තා. එම දක්ෂතාව ඔහුගේ පළමු පෙළ තරගවල ඉනිමක සහ තරගයක ඉහළම දක්ෂතාවයි. එමෙන්ම ඔහු මෙම තරගයේ දී තම පළමු පෙළ තරගවල ලකුණු 1000 සම්පූර්ණ කිරීමට සමත් වීම ද කැපී පෙනුනා.  

එමෙන්ම පෙර දින නොදැවී ලකුණු 64ක් රැස් කරගෙන සිටි CCC කණ්ඩායමේ 22 හැවිරිදි දකුණත් පිතිකරු චමිඳු විජේසිංහ අද පොලිස් කණ්ඩායමට එරෙහිව පන්දු 171කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 102ක් රැස් කරගත්තා. එය ඔහුගේ පළමු පෙළ මංගල ශතකයයි.  

පන්දු යැවීමේ දී කෝල්ට්ස් කණ්ඩායමේ දඟපන්දු යවන අකිල දනංජය කලුතර නාගරික සමාජයට එරෙහිව ලකුණු 53කට කඩුලු 8ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 61ක හොඳම පන්දු යැවීමයි.   

එමෙන්ම සැරසන්ස් කණ්ඩායමේ 30 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන දුශාන් විමුක්ති නාවික හමුදාවට එරෙහිව ලකුණු 75කට කඩුලු 8ක් දවා ගත්තා. ලංකන් කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන මිරංග වික්‍රමගේ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ දී ලකුණු 88කට කඩුලු 10ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරගයක හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වුනා.  

යුද හමුදාවේ සීක්කුගේ ප්‍රසන්න ද ගුවන් හමුදාවට එරෙහිව තරගයේ දී කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.   

බදුරලිය කණ්ඩායමේ මලිඳු මදුරංග, පොලිස් කණ්ඩායමේ නදීර බාලසූරිය, කෝල්ට්ස් කණ්ඩායමේ හෂාන් දුමිඳු, ගුවන් හමුදාවේ කෙමිර විජේනායක, මුවර්ස් කණ්ඩායමේ රමේෂ් ප්‍රනාන්දු, නුගේගොඩ කණ්ඩායමේ රුමේෂ් බුද්ධික, Ace කැපිටල් කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ, NCC කණ්ඩායමේ කවින් බණ්ඩාර සහ සහන් ආරච්චිගේ අද අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.   

මේ අතර කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කුරුණෑගල යූත් සහ BRC අතර තරගයත් සහ පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පානදුර සහ ටැමිල් යුනියන් කණ්ඩායම් අතර තරගයත් වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දමනු ලැබුවා.  

 Group A 

CCC සහ පොලිසිය අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී  

  • CCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 191 (58.2): චමිඳු විජේසිංහ 68, පවන් පතිරාජ 51, සොනාල් දිනූෂ 24, මිනෝද් භානුක 22, නලින් ප්‍රියදර්ශන 6/72, මංජුල ජයවර්ධන 4/29.
  • පොලිසිය – පළමු ඉනිම සියලු දෙනා දැවී 116 (38.5): නදීර බාලසූරිය 25, නිපුන කාරියවසම් 23, මාලින්ද පුෂ්පකුමාර 5/53, ලක්ෂාන් සඳකැන් 3/17.
  • CCC – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 293 (80.3): චමිඳු විජේසිංහ නොදැවී 102, පවන් පතිරාජ 71, නිමේෂ ගුණසිංහ 25, මිනෝද් භානුක 31, චතුර රන්දුණු 4/110, නුවන් ප්‍රදීප් 3/43, නිපුන කාරියවසම් 2/16.
  • පොලිසිය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 130 (36): නදීර බාලසූරිය නොදැවී 70, හේෂාන් ධනුශ්ක 25, මාලින්ද පුෂ්පකුමාර 4/46.

තරගයේ විසඳුමක් නොමැත.  


ලංකන් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය තර්ස්ටන් පිටියේ දී  

  • ලංකන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 210 (89): ඉසිවර දිසානායක 85, ප්‍රසංසන ජයමාන්න 45, ගීත් කුමාර 37, සචිත්‍ර පෙරේරා 5/61, සහන් අදීශ 2/30.
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 254 (72.1): Ian Dev Singh 66, මිතුන් ජයවික්‍රම 63, චානක විජේසිංහ නොදැවී 42, ඉමේෂ් උදයංග 22, මිරංග වික්‍රමගේ 7/75, කසුන් අබේරත්න 2/22.
  • ලංකන් – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 76 (26.1): කසුන් අබේරත්න 21, සචිත්‍ර පෙරේරා 7/28.
  • කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 34 (7.5): මිරංග වික්‍රමගේ 3/13, දමිත සිල්වා 2/08.

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයක්.  


මුවර්ස් සහ සෙබස්තියනයිට්ස් අතර තරගය මුවර්ස් ක්‍රීඩා පිටියේ දී  

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 197 (64.2): තරුෂ ප්‍රනාන්දු 44, ලොහාන් ද සොයිසා 39, සඳුන් ප්‍රනාන්දු 36, චාමිකර එදිරිසිංහ නොදැවී 28, රමේෂ් මෙන්ඩිස් 5/62, තිලංග උදේශන 3/35, තීසාන් විතුසාන් 2/32.
  • මුවර්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 355 (99.4): සොහාන් ද ලිවේරා 125, පසිඳු සූරියබණ්ඩාර 62, රමේෂ් මෙන්ඩිස් නොදැවී 65, අයන සිරිවර්ධන 38, මොහොමඩ් ශමාස් 26, තරිඳු රත්නායක 5/146, චාමිකර එදිරිසිංහ 3/111.
  • සෙබස්තියනයිට්ස් – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 212 (59): සචිත ජයතිලක 47, චාමිකර එදිරිසිංහ නොදැවී 24, ලහිරු ප්‍රනාන්දු 34, තීසාන් විතුසාන් 4/63, තිලංග උදේශන 3/46.

තරගයේ විසඳුමක් නොමැත.  


ගාල්ල සහ SSC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  

  • SSC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 308 (84.1): නුවනිඳු ප්‍රනාන්දු 67, ක්‍රිශාන් සංජුල 63, නිපුන් ධනංජය 60, ෂෙවෝන් ඩැනියෙල් 24, ලක්ෂිත මනසිංහ 20, රනිඳු සෝමරත්න 23, චතුර ලක්ශාන් 4/78, කවිඳු එදිරිවීර 3/31.
  • ගාල්ල – පළමු ඉනිම කඩුල්ලක් දැවී 36 (14):

තරගයේ විසඳුමක් නොමැත.  


කලුතර නාගරික සහ කෝල්ට්ස් අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී  

  • කලුතර නාගරික – පළමු ඉනිම සියලු දෙනා දැවී 96 (41): සවන් කංකානම්ගේ 42, අකිල ධනංජය 8/53.
  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 142 (34): හෂාන් දුමිඳු නොදැවී 83, සංගීත් කුරේ 33, සාරංග රාජගුරු 3/43.

තරගයේ විසඳුමක් නොමැත.  


 Group B 

බ්ලූම්ෆීල්ඩ් සහ බදුරලිය අතර තරගය බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී  

  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 400 (116.3): යොහොන් ද සිල්වා 111, මධුක ලියනපතිරණගේ නොදැවී 56, ගජිත කොටුවේගොඩ 42, Hasnain Bokhari 40, චරිත කුමාරසිංහ 31, මාධව වර්ණපුර 20, ලහිරු මධුශංක 32, හර්ෂ විතාන 28, චලන ද සිල්වා 2/110, නිර්මල රත්නායක 2/60, බුද්ධික සංජීව 2/66.

බදුරලිය – පළමු ඉනිම සියලු දෙනා දැවී 182 (38.2): මලිඳු මධුරංග 59, රනේෂ් සිල්වා 36, චලන ද සිල්වා 37, Hasnain Bokhari 3/57, Usman Ishak 2/51, මධුක ලියනපතිරණගේ 2/16.  

බදුරලිය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 22 (4):  

තරගයේ විසඳුමක් නොමැත.  


ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී  

  • ගුවන් හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 204 (48.1): සුපේෂල ජයතිලක 48, කසුන් ඒකනායක 33, රොස්කෝ තට්ටිල් 21, මොවින් සුබසිංහ 24, සීක්කුගේ ප්‍රසන්න 6/71, සුමින්ද ලක්ෂාන් 2/42.
  • යුද හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 309 (92.2): අසේල ගුණරත්න 72, මහේෂ් කුමාර 52, හිමාෂ ලියනගේ 54, සුමින්ද ලක්ෂාන් 44, අශාන් රන්දික 25, මොවින් සුබසිංහ 5/78, ගයාන් සිරිසෝම 2/81.
  • ගුවන් හමුදාව – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 211 (66.5): කෙමිර විජේනායක 51, රොස්කෝ තට්ටිල් 47, මොවින් සුබසිංහ 31, සුපේෂල ජයතිලක 27, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 20, සීක්කුගේ ප්‍රසන්න 5/23, අසේල ගුණරත්න 3/34.
  • යුද හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 109 (24): අශාන් රන්දික 37, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 31, ගයාන් සිරිසෝම 3/37, මොවින් සුබසිංහ 2/44.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක්.  


ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සැරසන්ස් අතර තරගය වැලිසර නාවික හමුදා පිටියේ දී  

  • සැරසන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 278 (103.5): නවිඳු විතානගේ 89, හෂේන් රාමනායක 55, මිලින්ද සිරිවර්ධන 48, ප්‍රමෝද් මදුවන්ත 45, යුරාන් නිමාෂ 4/90, නවින් කවිකාර 3/86, විනෝද් පෙරේරා 3/34.
  • නාවික හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 196 (60.2): විනෝද් පෙරේරා නොදැවී 61, මාලිංග මලිගස්පේ 52, රශ්මික මෙවන් 23, දුශාන් විමුක්ති 8/75, මොහොමඩ් ඩිල්ශාඩ් 2/50.
  • සැරසන්ස් – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 204 (38): මිලින්ද සිරිවර්ධන 60, නවිඳු විතානගේ 57, දුශාන් විමුක්ති නොදැවී 36, නිපුන් කරුණානායක නොදැවී 23, නවින් කවිකාර 2/93.
  • නාවික හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 28 (9.5):

තරගයේ විසඳුමක් නොමැත.  


මීගමුව සහ නුගේගොඩ අතර තරගය කටුනායක FTZ පිටියේ දී  

  • මීගමුව – පළමු ඉනිම සියලු දෙනා දැවී 284 (94.4): Jatin Saxena 97, පසිඳු ලක්ෂාන් 64, උමේෂ් ලක්ෂාන් 32, ඇන්ජලෝ ජයසිංහ 20, රනිත ලියනාරච්චි 3/39, Karan Kaila 2/57, අරවින්ද ප්‍රේමරත්න 2/31.
  • නුගේගොඩ – පළමු ඉනිම සියලු දෙනා දැවී 294 (94.5): රුමේෂ් බුද්ධික 63, අභිශේක් ලියනාරච්චි 60, පැතුම් ඩිල්ශාන් 27, Murtaza Trunkwala 31, Karan Kaila 41, නවීන් ප්‍රනාන්දු 23, උපුල් ඉන්ද්‍රසිරි 4/76, Jatin Saxena 3/52.
  • මීගමුව – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 36 (8):

තරගයේ විසඳුමක් නොමැත.  


NCC සහ Ace කැපිටල් අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී  

  • NCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 183 (54): සහන් ආරච්චිගේ 67, අහන් වික්‍රමසිංහ 34, කවින් බණ්ඩාර 32, රොෂාන් ජයතිස්ස 5/21, වනුජ සහන් 3/39.
  • Ace කැපිටල් – පළමු ඉනිම සියලු දෙනා දැවී 151 (46.4): හර්ෂ කුරේ 34, ලසිත් කෲස්පුල්ලේ 30, ප්‍රමුද් හෙට්ටිවත්ත 31, ලසිත් ඇඹුල්දෙණිය 3/41, ඩිල්ශාන් නිපුණජිත් 3/43, අම්ෂි ද සිල්වා 2/10.
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 372 (47.2): ලහිරු උදාර නොදැවී 201, කවින් බණ්ඩාර 56, සහන් ආරච්චිගේ නොදැවී 51, සඳුන් වීරක්කොඩි 41.
  • Ace කැපිටල් – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 210 (46): ලසිත් කෲස්පුල්ලේ 62, තනුක දාබරේ 46, වනුජ සහන් නොදැවී 42, හර්ෂ කුරේ 25, ප්‍රමුද් හෙට්ටිවත්ත 23, නිපුන් රන්සික 2/72, සහන් ආරච්චිගේ 2/22.

තරගයේ විසඳුමක් නොමැත.  

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<