සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන පෙළ තවත් තරග කිහිපයක් ගෙවී ගිය සතියේ ක්‍රියාත්මක විය. එම තරග කිහිපයෙන් තරග 4ක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වීම කැපී පෙනුණි.
තවත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට මානසික ගැටලුවක්!
මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා කිහිපයක් මත ග්ලේන්…..
නොවැම්බර් මාසය සඳහා ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත් කළුතර විද්‍යාලය ඔවුන් සහභාගී වූ සුහද තරගයක දී කළුතර විද්‍යාලය ලකුණු 57කින් පරාජයට පත් කරන ලදි. එහි දී තරගය පුරාවට දස්කම් දැක්වූ රුචිර ගුණතුංග ලකුණු 27කට කඩුලු 10ක් දවාලමින් දස්කම් දක්වන ලදි.
ඊට අමතරව නාඋල දී පැවති මාතලේ සාන්ත තෝමස් – මීගමුව සාන්ත පීතර විද්‍යාල තරගයේ දින දෙක පුරාවටම ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 107කුත් පන්දු 4ක් පමණි. ඒ තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසයි.
පසුගිය සතියේ දී යාපනය සාන්ත ජෝන් විද්‍යාලය පරාජය කළ ශ්‍රී දේවානන්ද විද්‍යාලය මේ සතිය තුල දී කරන්දෙණිය මාධ්‍ය මහා විද්‍යාලය හමුවේ කඩුලු 7කින් පරාජයට පත් විය. එහි දී තරගය පුරාවටම සුපිරි දස්කම් දැක්වූ සමිට් ඉසුරු සිය තුන් ඉරියව් දස්කම් දැක්විය.
තරගාවලියේ බොහෝ අවධානයකට ලක්වූ කටුනේරිය සාන්ත සෙබස්තියන් – ජා ඇල ක්‍රයිස්ට් කිං විද්‍යාල තරගයෙන් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 70ක ජයක් හිමි විය. තරගය පුරාවට අඩු ලකුණු වාර්තා වූවත් පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ තරගයේ වැඩි දස්කම් අතරට පැමිණි නිසා මේ තරගය ඉතාමත් උණුසුම් අයුරින් නිමාව දිටීය. එහි දී ඉනිම දෙකේ දී ම කඩුලු 7ක් දවා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිතුම් අකලංක පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ප්‍රධාන ක්‍රීඩකයා විය.
නාලන්දාවේ රවීන්ගෙන් කඩුලු 9ක දඩයමක්
නාලන්දා පිටියේ දී ඊයේ (10) ආරම්භ වූ මෙම C කාණ්ඩයේ පාසල් ක්‍රිකට්…..
මේ සතියේ වැඩිම වාසිය හිමිකරගත් පාසල වූ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය මේ සතිය තුල තරග දෙකක් පූර්ණ ලෙස ජයග්‍රහණය කළ අතර ඔවුන් ජය ගත් දෙවන තරගය වූයේ මීගමුව සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව පැවති තරගයයි. එම තරගයෙන් ලකුණු 101ක විශිෂ්ට ජයක් හිමිකරගත් කරන්දෙණිය විද්‍යාලයේ සමිත් ඉසුරු මේ තරගයේ දීද සිය තුන් ඉරියව් දස්කම් දැක්විය.
කළුතර විද්‍යාලය සහ පානදුර රාජකීය විද්‍යාලය – සුහද තරගය
(නොවැම්බර් 1-2 | කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය)
කළුතර විද්‍යාලය – 146 (52.3): හිරුන මදුශාන් 54, කවිඳු ජයවික්‍රම 29, ඔෂාන් විරංග 2/11, ජයෝද් චාමර 2/25, මිලින්ද සංජය 2/34.
පානදුර රාජකීය විද්‍යාලය – 36 (28): රුචිර ගුණතුංග 4/05, කවිඳු ජයවික්‍රම 3/05, ප්‍රබෝද් වනිගසිංහ 2/04. සහ 53 (29.1): (F/O) රුචිර ගුණතුංග 6/22, විශ්මික කොස්තා 2/13.
කළුතර විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 57ක ජයක්
මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය හා මීගමුව සාන්ත පීතර විද්‍යාලය – සුහද තරගය
(නොවැම්බර් 3-4 | කාසියේ වාසිය – සාන්ත තෝමස්)
සාන්ත පීතර විද්‍යාලය – 164/8d (55.4): පසිඳු නවෝද් 64, දුල්සර මදුසංක 2/02, ඉන්දික පසිඳු 2/53.
සාන්ත තෝමස් විද්‍යාලය – 122/7 (52): චතුර නිමල්සර 33, රවිශංක ලක්ෂාන් 24, ඉමේෂ් සත්සර 3/40.
තරගය ජය පරාජයෙන් තොරව අවසන්
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය හා අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය – සුහද තරගය
(නොවැම්බර් 4-5 | කාසියේ වාසිය – ශ්‍රී දේවානන්ද)
ශ්‍රී දේවානන්ද විද්‍යාලය – 86 (24.3): ශෙරන් හිනිදුමගේ 27, ශවිඳු උමේෂ් 5/15, සමිත් ඉසුරු 3/25. සහ 117 (28.1): චාමික පෙරේරා 52, කවීෂ කල්පන 24, සමිත් ඉසුරු 5/67, මනූෂ මධුභාෂිත 4/33.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය – 182 (60.3): සමිත් ඉසුරු 43, ජනෙත් කෞෂාල් 28, මනීෂ මධුහාෂිත 27, ධනේෂ් මදුසංක 26, සමිඳු ප්‍රමෝද් 4/54, නිලක්ෂ සේනාරත්න 2/44. සහ 25/3 (4.5): නිලක්ෂ සේනාරත්න 2/09.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 7ක ජයක්
උමයංග, ලහිරු සහ අවිශ්ක අර්ධ ශතකවලින් වැඩ පෙන්වයි
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස….
කළුතර විද්‍යාලය හා කොළඹ අශෝක විද්‍යාලය – D කාණ්ඩයේ තරගය
(නොවැම්බර් 8-9 | කාසියේ වාසිය – කළුතර විද්‍යාලය)
අසෝක විද්‍යාලය – 190 (70.5): නෙත්සිලු ගුණතිලක 54, සනුෂ් මදීෂ 52, ජනුල ඉඳුසර 33, කවිඳු ජයවික්‍රම 4/33, විශ්මික කොස්තා 3/52, නිනිඳු සිල්වා 2/05.
කළුතර විද්‍යාලය – 105/6 (22): ඉෂාර ප්‍රනාන්දු 46, කවිඳු ජයවික්‍රම 28*, රාහුල් චන්ද්‍රසේකර 3/23, ජනුල ඉඳුසර 3/24.
තරගය ජය පරාජයෙන් තොරව අවසන්
කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ජා ඇල ක්‍රයිස්ට් කිං විද්‍යාලය – D කාණ්ඩයේ තරගය
(නොවැම්බර් 9-10 | කාසියේ වාසිය – ක්‍රයිස්ට් කිං)
සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 105 (45.4): තිසර මධුශාන් 35, රශ්මික හිරුශාන් 3/21, ඉශාන් රාජ්කුමාර් 2/08, අදීශ දිදුරංග 2/31. සහ 102 (40.4): ධම්සර පෙරේරා 25, ශෙවෝන් ජොනතන් 23, රශ්මික හිරුශාන් 3/12, උදාර රවිඳු 3/27, කිෂාන් රාජ්කුමාර් 2/16, අනූෂ ආකර්ෂණ 2/29.ෙ
ක්‍රයිස්ට් කිං විද්‍යාලය – 46 (28.5): දුලාජ් අශේන් 3/08, සිතුම් අකලංක 3/11. සහ 91 (46.1): දර්ශන චතුරංග 24, සිතුම් අකලංක 4/18, අශේන් වීරසිංහ 2/20, ඉසුරු සම්පත් 2/21ෙ
සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 70ක ජයක්
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය හා මීගමුව සාන්ත පීතර විද්‍යාලය – සුහද තරගය
(නොවැම්බර් 9-10 | කාසියේ වාසිය – කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය – 335/9d (52.4): හංසන ද සිල්වා 118, ජනෙත් කෞෂාල් 99, සමිත් ඉසුරු 61, සනිඳු මදුසංක 2/46, බ්‍රයන් ජූලියන් 2/60, ප්‍රමෝද් කවිඳු 2/34, චානුක නිමේෂ් 3/45. සහ106/6d (28.1): දිලීප ජයකොඩි 35, නිර්මාල් යශෝධ 21, චානුක නිමේෂ් 4/23.
සාන්ත පීතර විද්‍යාලය – 141 (40.3): පසිඳු සංදීප 32, ඉසුරු උත්පල 21, සමිත් ඉසුරු 5/43. සහ 199 (43.2): බ්‍රයන් ජූලියන් 54, පසිඳු සංදීප 42, ඉසුරු උත්පල 33, චානුක නිමේෂ් 32, සමිත් ඉසුරු 4/71, හංසන ද සිල්වා 3/19, මනූෂ මධුභාෂිත 3/47.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 101ක ජයක්
වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර පැවැත්වීමට තිබූ B කාණ්ඩයේ තරගය පැවැත්වීමට නොහැකි විය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<