ආසියානු මලල ක්‍රීඩා දින්නොත් මුදල් තෑගි

81

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු මහද්වීපික මලල ක්‍රීඩා තරගාවලි සඳහා සියලුම ආකාරයේ තරගකරුවන් සහභාගි කර ගැනීමේ අරමුණින් ත්‍යාග මුදලක් හඳුන්වා දීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් තීරණය කර ඇත.

තරගාවලි කල්යාම ගැන ලෝක ශූරයාගේ අප්‍රසාදය

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය සහ සුප්‍රකට බොස්ටන් ……..

2020 ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ලබන වසරේ මැයි මාසයේ චීනයේ දී ආරම්භ වීමට නියමිත අතර මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සාමාජික සී. කේ. වෙල්සන් ප්‍රකාශ කර සිටියේ මෙම ත්‍යාග මුදල් ප්‍රදානය මගින් ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩකයන් තරගාවලියට සහභාගි නොවී සිටීම වළක්වා ගැනීමට හැකි බවයි.

“මෙම ත්‍යාග මුදල් ප්‍රදානය නිසා සියලුම ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් මෙයට සහභාගි වේවි යැයි නිගමනය කරන්න පුළුවන්. ඒ මඟින් මෙම තරගාවලිය ඉතා හොඳ තරගකාරීත්වයකින් යුත් තරගාවලියක් බවට පත් කරගැනීමට අපිට හැකි වේවි.”

“ලෝක මලල ක්‍රීඩා සංගමයේ උපදෙස් පරිදි මෙම මහද්වීපික තරගාවලිවල රන් මට්ටමේ එක්දින තරගාවලියක් (Gold label one-day competition) සඳහා ඇමරිකන් ඩොලර් 200,000 සහ රිදී මට්ටමේ තරගාවලියක් සඳහා ඇමරිකානු ඩොලර් 75,000 මුදල් ත්‍යාගයක් පිරිනැමීමට හැකියාව තියෙනවා.”

“මෙම තරගාවලි සජීවීව විකාශ කිරීම අනිවාර්ය අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට සහ 2022 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට මෙම තරගාවලි ක්‍රීඩකයන්ට ඉතා වැදගත් වනු ඇත” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙම තරගාවලි පැවැත්වෙන දිනයේ අවම ප්‍රේක්ෂක සහභාගීත්වය 5000ක් විය යුතු අතර මුළු ප්‍රේක්ෂක ධාරිතාවෙන් 60% පැමිණීම අනිවාර්ය වේ. මෙම තීරණ මගින් ආසියානු මලල ක්‍රීඩාවේ විශාල වෙනසක් සිදු වෙතැයි බලධාරීන් අපේක්ෂා කෙරේ.

ජපානය, චීනය සහ චීන තායිපේ යන රටවල් කේන්ද්‍ර කර ගනිමින් මෙම තරගාවලි වැඩි වශයෙන් ලබන වසරේ දී පැවැත්වීමට නියමිත අතර කොරෝනා වසංගතය නිසාවෙන් අපහසුතාවට පත්ව ඇති මලල ක්‍රීඩකයන්ට ද මෙය මහත් සහනයක් වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<