ලහිරු මදුශංකගේ තුන් ඉරියව් දස්කම් Bloomfieldට ජය ගෙනයි

අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2023

701

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (06) පැවැත්වුණා.

තරග කිහිපයක් වර්ෂාව නිසා ප්‍රතිඵලයක් රහිතව අවසන් වෙද්දී, පැවති තරගවලින් Bloomfield C & AC, Colts CC සහ CCC කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නට සමත් වුනා.

පන්දුවාර 9කට සීමා වූ තරගයෙන් රාගම ක්‍රීඩකයින් කඩුලු 8කින් පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට Colts ක්‍රීඩකයින් සමත් වුනා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ යසෝද ලංකා පන්දු 13ක් තුළ නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා.

Bloomfield නායක ලහිරු මදුශංකගේ තුන් ඉරියව් දස්කම් නිසා (50* සහ 4/17) Nugegoda S & WC ක්‍රීඩකයින් ලකුණු 57කින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ඔවුන් සමත් වුනා.

චමිඳු විජේසිංහගේ (3/22) පන්දු යැවීමත්, නායක මිනෝද් භානුක (36) සහ අංජල බණ්ඩාරගේ (35) ඉනිම් නිසා Kandy Customs ක්‍රීඩකයින් පරාජය කරමින් කඩුලු 5ක ජයක් ලබා ගන්නට CCC ක්‍රීඩකයින් සමත් වුනා.

Bloomfield C & AC සහ Nugegoda S & WC

  • Bloomfield C & AC– 162/6 (20): ලහිරු මදුශංක 50*, මනෙල්කර් ද සිල්වා 34, ගජිත කොටුවගොඩ 23, චලන ද සිල්වා 2/24.
  • Nugegoda S & WC– 105/9 (20): කෙවින් පෙරේරා 35, ලහිරු ගමගේ 4/17.

Bloomfield කණ්ඩායමට ලකුණු 57ක ජයක්.

Kandy Customs SC සහ CCC

  • Kandy Customs SC – 122/6 (20): හරිඳු ජයසේකර 46, නිම්න ප්‍රනාන්දු 21*, චමිඳු විජේසිංහ 3/22.
  • CCC– 123/5 (14.5): මිනෝද් භානුක 36, අංජල බණ්ඩාර 35.

CCC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Colts CC සහ Ragama CC

  • Ragama CC– 55/5 (09): චමත් ගෝමස් 27, රන්මිත් ජයසේන 12, මුදිත ලක්ෂාන් 2/8.
  • Colts CC– 59/2 (3.5): යසෝද ලංකා 41*, සංගීත් කුරේ 13.

Colts කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

අන්තර සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<