රොනාල්ඩෝගේ 500 සම්පූර්ණයි

173
FILE PHOTO: Soccer Football - Al Nassr unveil new signing Cristiano Ronaldo - Mrsool Park, Riyadh, Saudi Arabia - January 3, 2023 New Al Nassr signing Cristiano Ronaldo during his presentation REUTERS/Ahmed Yosri

සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo (ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ) සිය ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ 500 වැනි ගෝලය වාර්තා කළා. ඒ අල් නස්ර් කණ්ඩායම වෙනුවෙන් ගෝල 4ක් වාර්තා කරමින්.

Saudi Pro League තරගාවලියේ දී අල් වෙහ්දා කණ්ඩායමට එරෙහිව 4-0ක් වශයෙන් රොනාල්ඩෝ ක්‍රීඩා කරන අල් නස්ර් කණ්ඩායම තරගය ජය ගත්තා. මේ ගෝල 4ම ඔහු විසින් වාර්තා කළේ මිනිත්තු 30ක කාල පරාසයක් ඇතුළත දීයි.

මේ වන විට රොනාල්ඩෝ වෙනස් වෙනස් ලීගයන් 5ක දී කණ්ඩායම් 5ක් වෙනුවෙන් ගෝල 503ක් වාර්තා කරගෙන සිටිනවා.

EPL, La Liga, Serie A, Premeira Liga සහ Saudi Pro League ඔහු විසින් ක්‍රීඩා කර ඇති ලීග් තරගාවලි වනවා. මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ගෝල 103ක්, රියාල් මැඩ්රිඩ් වෙනුවෙන් ගෝල 311ක්, ජුවෙන්ටස් වෙනුවෙන් ගෝල 81ක්, ස්පෝටින් ලිස්බන් වෙනුවෙන් ගෝල 3ක් සහ දැනට අල් නස්ර් වෙනුවෙන් ගෝල 5ක් රොනාල්ඩෝ විසින් වාර්තා කරගෙන තිබෙනවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<