පළමු දිනය ලොරෙන්සුහේවා සහ කවිඳු නමින් ලියැවෙයි

SLC Major Clubs T20 Tournament 2022

718

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වූ අතර දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නන් බවට පත්වීමට Moors ක්‍රීඩා සමාජයේ තිලාන් ප්‍රශාන් ලොරෙන්සුහේවා සහ SSC කණ්ඩායමේ කවිඳු නදීශාන් සමත් වුනා.

23 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන තිලාන් ප්‍රශාන් Galle ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පන්දුවාර 3ක් යවමින් ලකුණු 15කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එය ඔහුගේ දෙවැනි විස්සයි විස්ස තරගය වන අතර දැක්වූ දක්ෂතාව ඔහුගේ පෞද්ගලික ඉහළම දක්ෂතාව බවට ද පත්වුනා.

SSC නියෝජනය කරන 20 හැවිරිදි පා දඟපන්දු යවන කවිඳු නදීශාන් Baduraliya කණ්ඩායමට එරෙහිව පන්දුවාර 4ක් යවමින් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තා. එය ඔහුගේ තරග දෙකක විස්සයි විස්ස ඉතිහාසයේ හොඳම පන්දු යැවීමයි.

තරගාවලියේ පළමු දිනයේ අර්ධ ශතක 4ක් වාර්තා වූ අතර ඒ අතරින් දවසේ කැපී පෙනෙන පිතිකරු වූයේ Sri Lanka Army කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු අශාන් රන්දික. ඔහු Sri Lanka Navy කණ්ඩායමට එරෙහිව පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 65ක් රැස් කරගත්තා.

ඊට අමතරව SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් Baduraliya කණ්ඩායමට එරෙහිව පන්දු 38කට මුහුණ දෙමින් හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 59ක් වාර්තා කිරීමට සමත් වුනා.

Moors කණ්ඩායමේ ආරම්භක පිතිකරු කිත්රුවන් විතානගේ Galle කණ්ඩායමට එරෙහිව පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් රැස් කරගන්නා විට Sri Lanka Air Force කණ්ඩායමේ 19 හැවිරිදි සිතිජ චමෝද් Saracens කණ්ඩායමට එරෙහිව පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් වාර්තා කරගනිමින් දවසේ කැපී පෙනෙන පිතිකරුවන් බවට පත්වුනා.

SSC සහ Baduraliya SC අතර තරගය (CCC ක්‍රීඩා පිටියේ දී)

SSC – කඩුලු 6ක් දැවී 146 (20): ධනුෂ්ක ගුණතිලක 44, ෂෙවෝන් ඩැනියෙල් නොදැවී 59, අනුක් ප්‍රනාන්දු 3/33, මිතිර තෙනුර 2/32.

Baduraliya SC – සියලු දෙනා දැවී 94 (15.1): මලිඳු මධුරංග 46, කවිඳු නදීශාන් 4/18, දසුන් ශානක 3/06, ලක්ෂිත මනසිංහ 2/02.

SSC කණ්ඩායමට ලකුණු 52ක ජයග්‍රහණයක්.


Saracens SC සහ Sri Lanka Air Force SC අතර තරගය (Colts ක්‍රීඩා පිටියේ දී)

Sri Lanka Air Force SC – කඩුලු 7ක් දැවී 128 (20): චාමර ප්‍රනාන්දු 21, සිතිජ චමෝද් නොදැවී 52, මොවින් සුබසිංහ 23, ප්‍රවීන් සඳමාල් 2/17, මල්ෂ තරුපති 2/17.

Saracens SC – කඩුලු 5ක් දැවී 132 (19.5): තවීෂ කහදූවආරච්චි 45, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 38, මොවින් සුබසිංහ 2/31, දුලාංජන මෙන්ඩිස් 2/19.

Saracens කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක්.


CCC සහ Lankan CC අතර තරගය (SSC ක්‍රීඩා පිටියේ දී)

Lankan CC – සියලු දෙනා දැවී 86 (16.3): රවින් සේයර් 18, ලක්ෂාන් සඳකැන් 3/09, මාලින්ද පුෂ්පකුමාර 2/16.

CCC – කඩුලු 5ක් දැවී 90 (16.2): නිමේෂ් ගුණසිංහ නොදැවී 31, පවන් පතිරාජ 19, පූර්ණ වන්නිතිලක 2/14.

CCC කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක්.


Kurunegala YCC සහ Bloomfield C & AC අතර තරගය (CCC ක්‍රීඩා පිටියේ දී)

Bloomfield C & AC – සියලු දෙනා දැවී 103 (19.5): මාධව වර්ණපුර 25, දක්ෂිත ප්‍රනාන්දු 21, ලහිරු ජයරත්න 2/15, නිලංක ප්‍රේමරත්න 2/19, අසිත වන්නිනායක 2/26.

Kurunegala YCC – කඩුලු 6ක් දැවී 105 (18.2): ගයාන් මනීශාන් 33, දුලාජ් රණතුංග 23, රමේෂ් නිමන්ත 2/25, චමත් වික්‍රමසිංහ 2/14.

Kurunegala YCC කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක්.


Moors SC සහ Galle CC අතර තරගය (Colts ක්‍රීඩා පිටියේ දී)

Moors SC  – කඩුලු 6ක් දැවී 179 (20): පබසර වඩුගේ 31, කිත්රුවන් විතානගේ 52, දිනුක ඩිල්ශාන් 34, අයන සිරිවර්ධන 27, කවිඳු රාජපක්ෂ 3/26.

Galle CC – සියලු දෙනා දැවී 112 (19.1): කවිඳු එදිරිවීර 29, රවිශ්ක විජේසිරි 31, තිලාන් ප්‍රශාන් ලොරෙන්සුහේවා 5/15.

Moors කණ්ඩායමට ලකුණු 67ක ජයග්‍රහණයක්.


Sri Lanka Army SC සහ Sri Lanka Navy SC අතර තරගය (SSC  ක්‍රීඩා පිටියේ දී)

Sri Lanka Navy SC – කඩුලු 7ක් දැවී 109 (20): අරවින්ද අකුරුගොඩ 20, සුපුන් ලීලාරත්න 25, සහන් කෝසල 27, අසේල ගුණරත්න 3/23.

Sri Lanka Army SC – කඩුලු 2ක් දැවී 110 (13.3): අශාන් රන්දික නොදැවී 65, සීක්කුගේ ප්‍රසන්න 20, අසේල ගුණරත්න නොදැවී 21, රශ්මික දුලාංජන 2/19.

Sri Lanka Army කණ්ඩායමට කඩුලු 8ක ජයග්‍රහණයක්.

හෙට (23) තරගාවලියේ දෙවැනි දිනය වන අතර තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<