පෙරළිකාර ජයග්‍රහණ කිහිපයක් සමඟ තෙවැනි සතිය අවසන්

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලිය 2023

342
Free, Cricket, Club Cricket, Angelo Mathews, Damith Silva, Janith Laiyanage, Chaturanga de Silva, Moors SC, Colts CC, Ragama CC, Dilum Sudeera, Ace Capital CC, Dinesh Chandimal, Lakshan Edirisinghe, Wanuja Kumara, Colts CC,SLC Major Clubs 3-Day Tournament 2023, SLC Major Clubs 3-Day Tournament, Featured, Thanuka Dabare

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තරග අද (9) නිමාවට පත්වුනා.

එහි දී බ්ලූම්ෆීල්ඩ්, කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය, පොලිස්, CCC, ACE කැපිටල් සහ බදුරලිය කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත් අතර ඔවුන් හමුවේ පිළිවෙළින් මුවර්ස්, ගුවන් හමුදාව, ටැමිල් යූනියන්, ගාල්ල, NCC සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් පරාජයට පත්වුනා.

පැවති තරග 10න් 6ක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වන විට, තවත් තරග 4ක් ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ඒ අනුව තරග දෙකම ඉනිම් ජයග්‍රහණ ලබාගෙන බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව තරග කළ මුවර්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු පූර්ණ තරග පරාජය අද දිනයේ දී උරුම වුනු අතර ACE කැපිටල් සිය පළමු පූර්ණ තරග ජයග්‍රහණය ලබාගෙන B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දැනට පළමු ස්ථානයේ පසුවෙනවා.

කෝල්ට්ස් කණ්ඩායම ඔවුන් සහභාගී වුනු පළමු තරග දෙකම ජයගෙන පානදුර ක්‍රීඩා සමාජයට එරෙහි සිය තෙවැනි තරගයට ක්‍රීඩා කළ නමුත්, එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. කෙසේ නමුත් දැනට A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින්නේ කෝල්ට්ස් කණ්ඩායමයි.

තෙවැනි සතියේ තරගවල අවසන් දිනය වුනු අද දිනය තුල දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් එදිරිසිංහ, තනුක දාබරේ, අශේන් බණ්ඩාර සහ අසන්ත බස්නායක ශතක ලබාගෙන දස්කම් දැක්වූ අතර පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා, මලින්ද පුෂ්පකුමාර, සන්තුෂ් ගුණතිලක සහ වමතින් දඟපන්දු යවන වනුජ සහන් කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

Group A

CCC සහ ගාල්ල අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී.

CCC පළමු ඉනිම – 219 (74.4) අශාන් ප්‍රියංජන් 73, ලක්ෂාන් සඳකැන් 55, උමේග චතුරංග 3/77, රුවන්ත කැල්ලපොත 4/57

ගාල්ල පළමු ඉනිම – 196 (60.2) ඔෂඳ ප්‍රනාන්දු 49, විශ්ව ප්‍රනාන්දු 3/27, අසිත ප්‍රනාන්දු 2/46, චතුරංග ද සිල්වා 2/34

CCC දෙවැනි ඉනිම – 287/9d (64): චතුරංග ද සිල්වා 79, ලසිත් කෲස්පුල්ලේ 50, උමේග චතුරංග 4/61

ගාල්ල දෙවැනි ඉනිම – 96 (26.5): චතුරංග ද සිල්වා 5/30, ලක්ෂාන් සඳකැන් 4/27

CCC කණ්ඩායමට ලකුණු 214ක ජයක්

කැන්ඩි කස්ටම්ස් සහ නුගේගොඩ අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම – 198 (66.3): ඉමාල් ලියනගේ 35, තිලකරත්න සම්පත් 4/47, ලහිරු ගමගේ 3/57, චලන ද සිල්වා 3/81

නුගේගොඩ පළමු ඉනිම – 211 (82.3): දුලීක තිස්සකුට්ටිගේ 52, ගයාන් සිරිසෝම 5/78, මිතුන් ජයවික්‍රම 2/48

කැන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම – 222 (76.4) යොහාන් මැදගේ 49, ලහිරු ගමගේ 4/65, තිලකරත්න සම්පත් 3/36

නුගේගොඩ දෙවැනි ඉනිම – 153/6 (48): Murtaza Trunkwala 54, කෙවින් පෙරේරා 52*

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

SSC සහ රාගම අතර තරගය SSC පිටියේ දී 

රාගම පළමු ඉනිම – 345 (85.1): ජනිත් ලියනගේ 106, සංජය චතුරංග 58, නිසල තාරක 3/59, කළණ පෙරේරා 3/60

SSC පළමු ඉනිම – 296 (96.1): ශෙවෝන් ඩැනියෙල් 111, කවිඳු නදීශාන් 72, නිපුන් ධනංජය 44, සන්තුෂ් ගුණතිලක 5/60

රාගම දෙවැනි ඉනිම – 324/7 (83): ජනිත් ලියනගේ 94, සන්තුෂ් ගුණතිලක 58*, නිශාන් මදුෂ්ක 54, නිම්නක ජයතිලක 3/104

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

කෝල්ට්ස් සහ පානදුර අතර තරගය කෝල්ට්ස් පිටියේ දී

කෝල්ට්ස් පළමු ඉනිම – 317 (105.1): ඇන්ජලෝ මැතිව්ස් 164, විශාද් රන්දික 51, රජීව වීරසිංහ 3/35, අසේල සම්පත් 3/68, නිමේෂ් විමුක්ති 3/118

පානදුර පළමු ඉනිම – 196 (61.4): විශ්ව ලහිරු 24, කවිශ්ක අංජුල 3/46, අකිල ධනංජය 5/91

කෝල්ට්ස් දෙවැනි ඉනිම – 240/5d (58): යශෝද ලංකා 93, ජෙහාන් ඩැනියල් 51*, නිමේෂ් විමුක්ති 4/80

පානදුර දෙවැනි ඉනිම – 137/6 (38): අකිල දනංජය 3/71

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

යුද හමුදාව සහ BRC අතර පනාගොඩ දී.

යුද හමුදාව පළමු ඉනිම – 164 (67.1): අශාන් රන්දික 43, දිනේෂ් චන්දිමාල් 39, දුවිඳු තිලකරත්න 6/43, දිල්රුවන් පෙරේරා 3/35

BRC පළමු ඉනිම – 120 (46.2): උමේෂ්ක මොරායස් 30, කෞමාල් නානායක්කාර 6/42

යුද හමුදාව – 260/2d (69.5): දිනේෂ් චන්දිමාල් 105*, ලක්ෂාන් එදිරිසිංහ 104*

BRC දෙවැනි ඉනිම – 151/3 (41): රිසිර වීරසූරිය 63*, ලක්ෂාන් ගමගේ 45*

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Group B

මූවර්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය මූවර්ස් පිටියේ දී.

මූවර්ස් පළමු ඉනිම – 183 (46.2) පබසර වඩුගේ 33, සොහාන් ද ලිවේරා 28, සහන් නානායක්කාර 4/65, අසිත වන්නිනායක 3/18, මනෙල්කර් ද සිල්වා 3/42

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම – 272 (81.5): නිපුන් කරුණානායක 92*, අසිත වන්නිනායක 54, මනෙල්කර් ද සිල්වා 48, අදීශ තිලංචන 42, තීසාන් විතුසාන් 6/51

මූවර්ස් දෙවැනි ඉනිම – 130 (32.5): මොහොමඩ් ශමාස් 51*, ජෙෆ්රි වැන්ඩසේ 3/22, සඳුන් වීරක්කොඩි 3/34

බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම – 45/6 (10.1): තීසාන් විතුසාන් 4/22

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට කඩුලු 4ක ජයක්

ACE කැපිටල් සහ NCC අතර තරගය කටුනායක දී.

NCC පළමු ඉනිම – 167 (39.5): නිරෝෂන් දික්වැල්ල 36, අහන් වික්‍රමසිංහ 32, අම්ෂි ද සිල්වා 28, නිම්සර අතරගල්ල 4/48, රොෂාන් ජයතිස්ස 3/52

ACE කැපිටල් පළමු ඉනිම – 171 (42.2): රවිඳු රත්නායක 51, කවිඳු අමන්ත 45, අම්ෂි ද සිල්වා 3/40

NCC දෙවැනි ඉනිම – 297 (80.3): චාමික ගුණසේකර 53, අශේන් ඩැනියල් 49*, නිරෝෂන් දික්වැල්ල 44, කමිල් මිෂාර 40, වනුජ සහන් 5/101, සිතුම් දිසානායක 3/57

ACE කැපිටල් දෙවැනි ඉනිම – 294/4 (63.4): තනුක දාබරේ 130, පවන්ත වීරසිංහ 51, අශේන් ඩැනියල් 3/52

ACE කැපිටල් කණ්ඩායමට කඩුලු 6ක ජයක්

බදුරලිය සහ හලාවත මේරියන්ස් අතර තරගය මග්ගොන දී.

හලාවත මේරියන්ස් පළමු ඉනිම – 271 (74.3): කසුන් විදුර 44, නිර්මාල් රත්නායක 2/53, චානක කොමසාරු 2/63

බදුරලිය පළමු ඉනිම – 280/9d (64): Parvez Rasool 100, Adil Reshi 52, කේශර නුවන්ත 3/71

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම – 67 (20.3): නිර්මාල් රත්නායක 3/12, Parvez Rasool 3/18, චානක කොමසාරු 3/35

බදුරලිය දෙවැනි ඉනිම – 5/0 (0.3):

බදුරලිය කණ්ඩායමට කඩුලු 10ක ජයක්

පොලිසිය සහ ටැමිල් යූනියන් අතර පොලිස් ක්‍රීඩාංගණයේ දී.

පොලිසිය පළමු ඉනිම – 202 (57.1): ප්‍රියමාල් පෙරේරා 52, දිලුම් සුධීර 5/77, රවිඳු ප්‍රනාන්දු 3/52

ටැමිල් යූනියන් පළමු ඉනිම – 244 (78.2): දසිස් මංචනායක 111,  රවිඳු ප්‍රනාන්දු 65, නලින් ප්‍රියදර්ශන 3/68, මලින්ද පුෂ්පකුමාර 3/94

පොලිසිය දෙවැනි ඉනිම – 303/7d (77): අශේන් බණ්ඩාර 113*, හේෂාන් ධනුෂ්ක 66, ප්‍රියමාල් පෙරේරා 43, රවිඳු ප්‍රනාන්දු 3/87

ටැමිල් යූනියන් දෙවැනි ඉනිම – 204 (55.1): කමේෂ් නිර්මාල් 46, රවීන් ද සිල්වා 40, මලින්ද පුෂ්පකුමාර 6/101, නලින් ප්‍රියදර්ශන 3/61

පොලිස් ක්‍රීඩා සමාජයට ලකුණු 57ක ජයක්

කුරුණෑගල සහ ගුවන් හමුදාව වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී

කුරුණෑගල පළමු ඉනිම – 443/8d (128.2): දමිත් පෙරේරා 120, අසන්ත බස්නායක 113, දිල්හාර පොල්ගම්පොල 77, අභිෂේක් ආනන්දකුමාර් 3/28

ගුවන් හමුදා පළමු ඉනිම – 191 (55.2): ප්‍රවීන් ද සිල්වා 51, චමින්ද බණ්ඩාර 3/49, Dilanka Auwardt 3/81

ගුවන් හමුදා දෙවැනි ඉනිම (F/O) – 196 (72.4): Abhimanyu Chauhan 58, අභිෂේක් ආනන්දකුමාර් 49

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට ඉනිමක සහ ලකුණු 56ක ජයක්

තරගාවලියේ උණුසුම ඒ ආකාරයෙන් විඳ ගැනීමේ අවස්ථාව ThePapare.com විසින් සපයනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<