මැතිව්ස්, දමිත් සහ ජනිත්ගෙන් ශතක

අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලිය 2023

1954

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තවත් තරග රැසක් අද (7) ආරම්භ වුනා. 

තෙවැනි සතියේ තරගවල ආරම්භක තරග වූ අද දිනය තුල පැවති තරග බොහෝමයකට වර්ෂාවෙන් බාධා එල්ල වීම් සිදු වුණ නමුත් සමස්තයක් ලෙස ඉතාමත් හොඳ තරග දිනයක් ක්‍රියාත්මක කෙරුණා. 

එහි දී දිනය තුල ශතක 3ක් වාර්තා වුනු අතර කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී ලකුණු 129*), රාගම වෙනුවෙන් ජනිත් ලියනගේ (ලකුණු 106) සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය වෙනුවෙන් දමිත් පෙරේරා (නොදැවී ලකුණු 106)ක් ලබාගෙන දස්කම් දැක්වූවා. 

දැනට මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන මැතිව්ස් මේ වන විට නොකඩවා තරග 3ක් තුල ඉනිම් 3ක දී ශතක 3ක් ලබාගෙන දැනට ලකුණු 425ක් ලබාගෙන සුපිරි පිතිකරණ රිද්මයක සිටිනවා. එය මැතිව්ස් ලබා ගත් 29 වැනි පළමු පෙළ ශතකයයි.  

වාර්තා වූ එම ශතකවලට අමතරව අශාන් ප්‍රියන්ජන්, ලක්ෂාන් සඳකැන්, Anureet Singh, සංජය චතුරංග, විශාද් රන්දික, ප්‍රියමාල් පෙරේරා සහ  දිල්හාර පොල්ගම්පොල දිනය තුල අර්ධ ශතක ලබා ගත් ක්‍රීඩකයින් වුනා. 

පන්දු යැවීමේ දී රුවන්ත කැල්ලේපොත, TM සම්පත් සහ නිම්සර අතරගල්ල කඩුලු 4 බැගින් දවාගෙන පළමු දිනය තුල දස්කම් දැක්වූ අතර දිනයේ කැපී පෙනුණ පන්දු යැවීමේ දස්කම් පෙන්වූ වමතින් දඟපන්දු යවන ටැමිල් යූනියන් කණ්ඩායමේ දිලුම් සුධීර කඩුලු 5ක් දවාගෙන පොලිස් පළමු ඉනිම ලකුණු 202කට සීමා කළා. 

පළමු තරග දෙකම ඉනිම් ජයග්‍රහණ ලබාගෙන ඉතාමත් හොඳ දස්කම් අතර සිටින මුවර්ස් පළමු ඉනිම ලකුණු 188කට සීමා කරමින්, ඔවුන්ට යම් අභියෝගයක් ලබා දීමට සහන් නානායක්කාර, අසිත වන්නිනායක සහ මනෙල්කර් ද සිල්වා ඇතුළු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් සමත් වීම කැපී පෙනුණා. 

ලකුණු සාරාංශයන්, 

CCC සහ ගාල්ල ක්‍රිකට් සමාජය 

  • CCC – 219 (74.4): අශාන් ප්‍රියන්ජන් 73, ලක්ෂාන් සඳකැන් 55, රුවන්ත කැල්ලේපොත 4/57, උමේඝ චතුරංග 3/77 

කැන්ඩි කස්ටම්ස් සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය 

  • කැන්ඩි කස්ටම්ස් – 198 (66.3): Anureet Singh 88, TM සම්පත් 4/47, ලහිරු ගමගේ 3/57, චලන ද සිල්වා 3/81 
  • නුගේගොඩ ක්‍රීඩා සමාජය – 65/2 (27) 

යුද හමුදාව සහ BRC 

  • යුද හමුදාව – 88/3 (40): අශාන් රන්දික 43 

රාගම සහ SSC 

  • රාගම – 345 (85.1): ජනිත් ලියනගේ 106, සංජය චතුරංග 58, කලන පෙරේරා 3/60 
  • SSC – 0/1 (2): 

කෝල්ට්ස් සහ පානදුර ක්‍රීඩා සමාජය 

  • කෝල්ට්ස් – 274/8 (90): ඇන්ජලෝ මැතිව්ස් 129*, විශාද් රන්දික 51, අසේල සම්පත් 3/53 

පොලිස් ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් 

  • පොලිස් – 202 (57.1): ප්‍රියමාල් පෙරේරා 52*, දිලුම් සුධීර 5/77 
  • ටැමිල් යූනියන් – 133/6 (39): රවිඳු ප්‍රනාන්දු 46* 

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය වෙනුවෙන් සහ ගුවන් හමුදාව 

  • කුරුණෑගල – 289/4 (90): දමිත් පෙරේරා 106*, දිල්හාර පොල්ගම්පොල 77, 

මුවර්ස් සහ බ්ලූම්ෆීල්ඩ් 

  • මුවර්ස් – 183 (46.2): සහන් නානායක්කාර 4/65, අසිත වන්නිනායක 3/18, මනෙල්කර් ද සිල්වා 3/42 
  • බ්ලූම්ෆීල්ඩ් – 41/3 (12): 

NCC සහ ACE කැපිටල් 

  • NCC – 167 (39.5): නිම්සර අතරගල්ල 4/48, රොහාන් ජයතිස්ස 3/52 
  • ACE කැපිටල් – 93/2 (18): 

හලාවත මේරියන්ස් සහ බදුරලිය 

  • හලාවත මේරියන්ස් – 163/2 (47): කසුන් විදුර 44 

මේ තරග සියල්ලම හෙට (8) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<