Home Sinhala ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා තරගයට!

ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා තරගයට!

World Cup Qualifiers 2023

4114

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 වටයේ අවසන් තරගය අද (07) ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වුනා.

ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් 

සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයට මෙතෙක් තරගාවලියේ එක ම අපරාජිත කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව සහභාගී වුනේ පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් ද්විත්වයක් ද සිදු කරමිනුයි. 

ඒ අනුව තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා වෙනුවට අද තරගයට දුශාන් හේමන්ත සහ සිය මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වෙනුවෙන් සහන් ආරච්ච්ගේ කැඳවා තිබුණා. 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබා දුන්නා. 

ඒ අනුව කොදෙව්වන් වෙනුවෙන් Brandon King සහ Johnson Charles විසින් ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණු අතර ඔවුන් දෙදෙනාට වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ.

මහීෂ් නැවතත් කඩුලු දඩයමේ

මෙතෙක් තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීම අතිශයින් ම සාර්ථක එකක් වූ අතර ඉන් වැඩි බරක් ඇදීමට උර දුන් මහීෂ් තීක්ෂණ විසින් අද දිනයේ ද සාර්ථක පන්දු යැවීමක නිරත වුනේ ලකුණු 34ක් පමණක් ලබා දෙමින් කොදෙව් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වෙමිනුයි. කොදෙව් ඉනිමේ ආරම්භක කඩුලු 3ම මහීෂ් සතු වූ අතර ඔවුන්ගේ කඩුලු 5ක් ලකුණු 81ක් තුළ දැවී ගියා.

ඉන්පසුව හෝ සිය ඉනිම ගොඩ නැංවීමට කොදෙව් පිතිකරුවන්ට පහසු නොවූ අතර ඔවුන්ගේ ලකුණු පුවරුවේ ලකුණු තත්වයට 155ක් වන විට කඩුලු 8ක් දැවී ගොස් තිබුණා. නමුත් ඉන්පසුව කඩුල්ලේ එක් වූ Kevin Sinclair සහ Keacy Carty විසින් ඉනිමේ නව වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් පිහිටුවීමත් සමඟ කොදෙව්වන්ට තරමක් හෝ ගෞරවාන්විත ලකුණු ප්‍රමාණයක් කරා යෑමට හැකියාව ලැබුණා.

ඒ අනුව පන්දුවාර 48 එක් පන්දුවක දී කොදෙව් ඉනිම ලකුණු 243කට සීමා වූ අතර එහි දී කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු Keacy Cartyගේ (ලකුණු 87) පිත්තෙන් වාර්තා වුනා. 

පන්දු යැවීමේ දී මහීෂ්ට අමතරව දුශාන් හේමන්ත කඩුලු දෙකක් සහ ඩිල්ශාන්, දසුන්, මතීෂ සහ සහන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පැතුම්ගේ පිත්ත නැවතත් ශතකයක පහස ලබයි 

කොදෙව්වන් විසින් ලබා දුන් ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි සුපුරුදු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක විසින් ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 190ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙම තරගාවලියේ පැතුම් නිස්සංකගේ පිත්තෙන් වාර්තා වූ දෙවැනි ශතකය අද කොදෙව් පන්දු යවන්නන්ට එරෙහිව වාර්තා වූ අතර ඔහු ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 113කින් ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

එමෙන්ම පැතුම්ගේ ඉනිමට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් විසින් ද තවත් ශතකයක් වෙත ආසන්න වූ නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ ඉනිම ලකුණු 83කින් නතර වූයේ Akeal Hoseinගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසායි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දැවී යාම තරගයේ තීරණයට කිසිදු බලපෑමක් සිදු නොකළ අතර පන්දුවාර 44 පන්දු දෙකක් පමණක් වැය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කරා පහසුවෙන් ලඟා වීමට සමත් වුනා.

ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 17ක් ලබා සිටියා.

මේ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වුණු තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් මහා තරගය වෙත අපරාජිතව පිවිසීමට සමත් වුනා. 

තරගය ආරම්භයේ දී ම තරගයේ වාසිය ශ්‍රී ලංකාව වෙතට නැඹුරු කරමින් කොදෙව් ඉනිම බිඳ හෙළීමට සමත් වූ මහීෂ් තීක්ෂණ හට මෙම තරගයේ වීරයා සම්මානය හිමි වුනා. 

  • බටහිර ඉන්දීය කොදෙව් 243/10 (48.1) Keacy Carty 87, Johnson Charles 39, මහීෂ් තීක්ෂණ 4/34, දුශාන් හේමන්ත 2/49 
  • ශ්‍රී ලංකාව 244/2 (44.2) පැතුම් නිස්සංක 104, දිමුත් කරුණාරත්න 83, Kevin Sinclair 1/52 

එමෙන්ම අද මහීෂ් විසින් දවා ගැනීමට සමත් වූ කඩුලු හතරත් සමඟින් මෙම තරගාවලිය තුළ ඔහු විසින් කඩුලු 17ක් බිඳ හෙළීමට සමත් වී ඇති අතර ඔහුට ඉදිරියෙන් පසු වන්නේ වනිඳු හසරංග (කඩුලු 20) පමණයි.

මේ අතර අද දිනයේ පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූ  පැතුම් නිස්සංක (ලකුණු 394) සහ දිමුත් කරුණාරත්න (ලකුණු 369) පිළිවෙළින් මෙතෙක් තරගාවලියේ ඉහළ ම ලකුණු ලාභීන් අතර දෙවන සහ තෙවන ස්ථාන වල රැඳී සිටිනවා.

තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා (09) ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය පිළිබඳව ද සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
244/2 (44.2)

West Indies
243/10 (48.1)

Batsmen R B 4s 6s SR
Brandon King b Mahesh Theekshana 10 18 1 0 55.56
Johnson Charles lbw b Matheesha Pathirana 39 38 3 2 102.63
Shamarh Brooks c Kusal Mendis b Mahesh Theekshana 2 4 0 0 50.00
Shai Hope lbw b Mahesh Theekshana 2 5 0 0 40.00
Nicholas Pooran c Pathum Nissanka b Dushan Hemantha 14 20 1 0 70.00
Keacy Carty c Dilshan Madushanka b Dasun Shanaka 87 96 6 1 90.62
Kyle Mayers b Sahan Arachchige 18 36 1 0 50.00
Roston Chase lbw b Dushan Hemantha 1 3 0 0 33.33
Romario Shepherd b Mahesh Theekshana 26 21 3 0 123.81
Kevin Sinclair b Dilshan Madushanka 25 36 2 0 69.44
Akeal Hosein not out 6 13 0 0 46.15


Extras 13 (b 0 , lb 5 , nb 1, w 7, pen 0)
Total 243/10 (48.1 Overs, RR: 5.04)
Fall of Wickets 1-36 (6.2) Brandon King, 2-42 (8.1) Shamarh Brooks, 3-55 (10.1) Shai Hope, 4-62 (11.4) Johnson Charles, 5-81 (16.5) Nicholas Pooran, 6-122 (27.4) Kyle Mayers, 7-123 (28.1) Roston Chase, 8-155 (34.4) Romario Shepherd, 9-218 (44.2) Kevin Sinclair, 10-243 (48.1) Keacy Carty,

Bowling O M R W Econ
Dilshan Madushanka 10 0 49 1 4.90
Dasun Shanaka 3.1 0 27 1 8.71
Mahesh Theekshana 10 0 34 4 3.40
Matheesha Pathirana 10 1 61 1 6.10
Dushan Hemantha 10 0 49 2 4.90
Sahan Arachchige 5 0 18 1 3.60


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Roston Chase b Kevin Sinclair 104 113 14 0 92.04
Dimuth Karunaratne lbw b Akeal Hosein 83 92 7 0 90.22
Kusal Mendis not out 34 43 3 0 79.07
Sadeera Samarawickrama not out 17 18 1 0 94.44


Extras 6 (b 0 , lb 1 , nb 0, w 5, pen 0)
Total 244/2 (44.2 Overs, RR: 5.5)
Fall of Wickets 1-190 (33.3) Pathum Nissanka, 2-204 (36.5) Dimuth Karunaratne,

Bowling O M R W Econ
Kyle Mayers 6 0 30 0 5.00
Romario Shepherd 6.2 0 44 0 7.10
Kevin Sinclair 10 0 52 1 5.20
Akeal Hosein 10 0 52 1 5.20
Roston Chase 9 0 39 0 4.33
Keacy Carty 3 0 18 0 6.00