Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි

SLC Major Club T20 Tournament 2026

4
SLC Major Club T20 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මැයි මස 13 වැනිදා සිට පැවැත්වීමට යෝජිතයි. කාණ්ඩ 2කින් කණ්ඩායම් 14ක් සහභාගී වීමට නියමිත මෙම තරගාවලිය මැයි 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා.

තරගාවලියේ පළමු වටයේ තරග මැයි මස 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරගය මැයි 27 වැනිදා කොළඹ P.Sara Oval සහ CCC ක්‍රීඩාංගණවල දී පැවැත් වීමට නියමිතයි.

>>පාකිස්තානය දෙසින් හමන මෙන්ඩිස් මාරුතය<<

තරගාවලියේ අවසන් පූර්ව තරග රාත්‍රී තරග ලෙසින් කොළඹ CCC සහ SSC ක්‍රීඩාංගණවල දී මැයි මස 29 වැනිදා පැවැත්වීමට යෝජිත අතර අවසන් මහා තරගය මැයි 31 වැනිදා රාත්‍රී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙන්නේ නම් ඒ සඳහා පමණක් අමතර දිනයක් යෝජිත ව තිබේ.

මෙම තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම් අතුරින් පසුගිය වසරේ ශූරයන් බවට පත් වූ CCC කණ්ඩායම A කාණ්ඩයෙන් ද සහ පසුගිය වසරේ අනුශූරයන් බවට පත් වූ Panadura SC කණ්ඩායම B කාණ්ඩයෙන් ද තරගාවලියට එක් වීමට නියමිතයි.

තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම්

Group A Group B
CCC Panadura SC
Moors SC NCC
BRC Colts CC
Tamil Union C & AC Bloomfield C & AC
Nugegoda S & WC ACE Capital CC
Kurunegala YCC Police SC
Badureliya SC SSC

තරගාවලියේ කාලසටහන

Date Time Host Opponent Venue
 

13th May 2026

9.45am – 12.55pm Moors SC Badureliya SC P.Sara
2.00pm – 5.10pm SSC NCC
9.45am – 12.55pm BRC Kurunegala YCC CCC
2.00pm – 5.10pm Police SC Colts CC
9.45am – 12.55pm Nugegoda S & WC Tamil Union C & AC SSC
2.00pm – 5.10pm ACE Capital CC Bloomfield C & AC
 

15th May 2026

9.45am – 12.55pm Panadura SC SSC P.Sara
2.00pm – 5.10pm Badureliya SC CCC
9.45am – 12.55pm Moors SC Nugegoda S & WC Colts
2.00pm – 5.10pm ACE Capital CC NCC
9.45am – 12.55pm Tamil Union C & AC BRC SSC
2.00pm – 5.10pm Bloomfield C & AC Colts CC
 

17th May 2026

9.45am – 12.55pm Kurunegala YCC CCC Colts
2.00pm – 5.10pm Police SC Panadura SC
9.45am – 12.55pm Nugegoda S & WC Badureliya SC CCC
2.00pm – 5.10pm SSC ACE Capital CC
9.45am – 12.55pm Moors SC BRC P.Sara
2.00pm – 5.10pm Colts CC NCC
 

19th May 2026

9.45am – 12.55pm CCC Nugegoda S & WC SSC
2.00pm – 5.10pm Panadura SC ACE Capital CC
9.45am – 12.55pm Tamil Union C & AC Kurunegala YCC NCC
2.00pm – 5.10pm Bloomfield C & AC Police SC
9.45am – 12.55pm BRC Badureliya SC CCC

 21st May 2026 9.45am – 12.55pm CCC Tamil Union C & AC SSC
2.00pm – 5.10pm Panadura SC Bloomfield C & AC
9.45am – 12.55pm Nugegoda S & WC BRC P.Sara
2.00pm – 5.10pm ACE Capital CC Colts CC
9.45am – 12.55pm NCC Police SC CCC
2.00pm – 5.10pm Kurunegala YCC Moors SC
 

23rd May 2026

9.45am – 12.55pm BRC CCC P.Sara
2.00pm – 5.10pm Colts CC Panadura SC
9.45am – 12.55pm NCC Bloomfield C & AC CCC
2.00pm – 5.10pm Tamil Union C & AC Moors SC
9.45am – 12.55pm Baduraliya CC Kurunegala YCC NCC
2.00pm – 5.10pm SSC Police SC
 

25th May 2026

9.45am – 12.55pm NCC Panadura SC P.Sara
2.00pm – 5.10pm CCC Moors SC
9.45am – 12.55pm Baduraliya CC Tamil Union C & AC CCC
2.00pm – 5.10pm Bloomfield C & AC SSC
9.45am – 12.55pm Kurunegala YCC Nugegoda S & WC NCC

 අර්ධ අවසන් පූර්ව වටය       

 

27th May 2026

9.45am – 12.55pm A1 B4 P.Sara
2.00pm – 5.10pm B1 A4
9.45am – 12.55pm A2 B3 CCC
2.00pm – 5.10pm B2 A3
අවසන් පූර්ව වටය
29th May 2026 7.00pm – 10.10pm Winner – QF 1 Winner – QF 4 CCC
7.00pm – 10.10pm Winner – QF 2 Winner – QF 3 SSC
අවසන් මහා තරගය
31st May 2026 7.00pm – 10.10pm Winner – SF 1 Winner – SF 2  

RPICS, Colombo

1st June

2026

9.45am – 12.55pm Rain Reserve Day

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<