ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය වගකීම්වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව Newswire වෙබ් අඩවිය වාර්තා කරනවා.
අද (28) දිනයේ පැවැත්වුණු විශේෂ කමිටු රැස්වීමකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති අතර, මේත් සමඟ ශම්මි සිල්වා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස වගකීම් දැරූ වසර 07ක ධුර කාලය නිමාවට පත් වනු ඇති.
මීට පෙර පළ වූ මාධ්‍ය වාර්තා විසින් සඳහන් කරනු ලැබුවේ වත්මන් රජයේ ඉල්ලීමක් මත ශම්මි සිල්වා ප්‍රමුඛ ප්‍රමුඛ විධායක කමිටුව ඉල්ලා අස්වීමට නියමිත බවයි.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මේ අතර එම මාධ්‍ය වාර්තා විසින් සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහත අන්තර් කාලීන ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කරනු ඇති බවයි.
කෙසේ වෙතත් තවමත් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් වී නැහැ.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















