වර්ෂාව බිලි ගත් දේශීය T20 තරග නැවතත්

SLC Major Club T20 Tournament 2022

473

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින් වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවා නතර කරන ලද සහ විසඳුමකින් තොරව අවසන් වූ සියලු තරග නැවත පැවැත්වීමට සූදානම් වෙනවා. ඒ අනුව නිකුත් කරන ලද නවතම කාලසටහනට තරග 32ක් ඇතුළත්.

මීට පෙර මේ මස 6 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය ඒ අනුව තවත් සති දෙකක් පුරා පැවැත්වෙනවා. නව කාලසටහන අනුව අවසන් පූර්ව තරග මේ මස 15 වැනිදා P. Sara Oval ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට යෝජිතයි. අවසන් මහා තරගය ඊට දින දෙකකට පසු එනම් මේ මස 17 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

නැවත පැවැත්වෙන තරග අනුව A කාණ්ඩයේ SSC සහ CCC කණ්ඩායම්වලට තරග 3ක් ද, Saracens SC, Lankan CC සහ Baduraliya SC කණ්ඩායම්වල තරග 2 බැගින් ද සහ Ace Capital CC සහ Sri Lanka Air Force SC කණ්ඩායමට තරගය බැගින් ද හිමි වෙනවා.

B කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් අතුරින් Ragama CC සහ Chilaw Marians CC තරග 4ක් බැගින් ද, BRC සහ NCC තරග 3 බැගින් ද Panadura SC සහ Nugegoda S & WC කණ්ඩායම්වලට තරග 2 බැගින් ද හිමි වෙනවා.

C කාණ්ඩයේ කණ්ඩායම් අතරින් Colts CC, Negombo CC සහ Kandy Customs CC කණ්ඩායම්වල තරග 4 බැගින් ද Police SC සහ Sebastianites C & AC කණ්ඩායම්වලට තරග 3 බැගින් ද සහ Tamil Union C & AC කණ්ඩායමට තරගයක් ද බැගින් හිමියි.

D කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් අතරින් Sri Lanka Army SC කණ්ඩායමට තරග 3ක්, Galle CC, Kurunegala Youth CC සහ Kalutara TC කණ්ඩායම්වලට තරග 2 බැගින් ද සහ Moors SC, Bloomfield C & AC සහ Sri Lanka Navy SC කණ්ඩායමට තරගය බැගින් ද හිමි වෙනවා.

නැවත සැකසුණ තරග කාලසටහන

ජුනි 5

  • Galle CC සහ Kalutara TC අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී
  • Baduraliya SC සහ Lankan CC අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී

ජුනි 6

  • Sri Lanka Air Force SC සහ CCC අතර තරගය Sara Oval ක්‍රීඩා පිටියේ දී
  • Ragama CC සහ Chilaw Marians CC අතර තරගය Sara Oval ක්‍රීඩා පිටියේ දී
  • Negombo CC සහ Kandy Customs CC අතර තරගය Colts ක්‍රීඩා පිටියේ දී
  • Galle CC සහ Sri Lanka Army SC අතර තරගය Colts ක්‍රීඩා පිටියේ දී
  • Colts CC සහ Police SC අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී
  • Saracens SC සහ SSC අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

ජුනි 8

  • BRC සහ Ragama CC අතර තරගය Sara Oval ක්‍රීඩා පිටියේ දී
  • Chilaw Marians CC සහ Nugegoda S & WC අතර තරගය Sara Oval ක්‍රීඩා පිටියේ දී
  • Kandy Customs CC සහ Sebastianites C & AC අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී
  • Colts CC සහ Negombo CC අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී
  • Sri Lanka Army SC සහ Kurunegala Youth CC අතර තරගය Colts ක්‍රීඩා පිටියේ දී
  • Panadura SC සහ NCC අතර තරගය Colts ක්‍රීඩා පිටියේ දී

ජුනි 10

  • Sebastianites C & AC සහ Police SC අතර තරගය BRC ක්‍රීඩා පිටියේ දී
  • Colts CC සහ Kandy Customs CC අතර තරගය BRC ක්‍රීඩා පිටියේ දී
  • BRC සහ Chilaw Marians CC අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී
  • Tamil Union C & AC සහ Negombo CC අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී
  • CCC සහ SSC අතර තරගය Sara Oval ක්‍රීඩා පිටියේ දී
  • NCC සහ Ragama CC අතර තරගය Sara Oval ක්‍රීඩා පිටියේ දී

ජුනි 12

  • Saracens SC සහ Baduraliya SC අතර තරගය Colts ක්‍රීඩා පිටියේ දී
  • Moors SC සහ Bloomfield C & AC අතර තරගය Colts ක්‍රීඩා පිටියේ දී
  • Kurunegala Youth CC සහ Sri Lanka Navy SC අතර තරගය Sara Oval ක්‍රීඩා පිටියේ දී
  • SSC සහ Lankan CC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී
  • CCC සහ Ace Capital CC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

ජුනි 13

  • Colts CC සහ Tamil Union C & AC අතර තරගය BRC ක්‍රීඩා පිටියේ දී
  • Kandy Customs CC සහ Police SC අතර තරගය BRC ක්‍රීඩා පිටියේ දී
  • Nugegoda S & WC සහ Ragama CC අතර තරගය Colts ක්‍රීඩා පිටියේ දී
  • Chilaw Marians CC සහ Panadura SC අතර තරගය Colts ක්‍රීඩා පිටියේ දී
  • BRC සහ NCC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී
  • Sebastianites C & AC සහ Negombo CC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

මේ නව කාලසටහන නැවත නිකුත් වීමත් සමඟින් මෙතෙක් ප්‍රකාශිත ප්‍රසාද ලකුණු පුවරුව අහෝසි වෙන අතර මේ හේතුවෙන් නැවත එය උණුසුම් වන තත්ත්වයක් උදා වෙමින් පවතිනවා. දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ තතු විත්ති දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<