හරීන් බුද්ධිල නාවිකයන්ට එරෙහිව දස්කම් දක්වයි

SLC Major Cup T20 Tournament 2020

290

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දින දෙකක තරග 12ක් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමෙන් පසුව උදා වූ අද (02) දවසේ දී පැවති තරගවල දී කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වීමට හරීන් බුද්ධිල සමත් වුනා.

Galle CC නියෝජනය කරන 23 හැවිරිදි වමතින් පා දඟපන්දු යවන හරීන් බුද්ධිල, Sri Lanka Navy SC කණ්ඩායමට එරෙහිව ලකුණු 16කට කඩුලු 4ක් දවා ගත්තා. එය තරග 12කින් යුත් ඔහුගේ විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීමයි.

මේ අතර පැවති අනෙක් තරගවල දී අර්ධ ශතක තුනක් වාර්තා වුනා. Moors SC කණ්ඩායමේ චතුරංග ද සිල්වා Sri Lanka Army SC කණ්ඩායමට එරෙහිව පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 61ක් රැස් කරගත්තා.

එමෙන්ම එහි ප්‍රතිවාදී ඉනිමේ දී Sri Lanka Army SC කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් Moors SC කණ්ඩායමට එරෙහිව ලකුණු 53ක් රැස් කරගැනීමට සමත් වුනා.

Baduraliya SC කණ්ඩායමේ ගිහාන් රූපසිංහ Ace Capital CC කණ්ඩායමට එරෙහිව පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 51ක් රැස් කරගත්තා.

Ace Capital CC සහ Baduraliya SC අතර තරගය – SSC ක්‍රීඩා පිටියේ දී 

Ace Capital CC – කඩුලු 6ක් දැවී 181 (20): ලසිත් කෲස්පුල්ලේ 39, ෂෙහාන් ප්‍රනාන්දු 43, ඕෂඳ ප්‍රනාන්දු නොදැවී 44, සකුන් ලියනගේ 28, ලසිඳු අරෝෂ 2/31, අනුක් ප්‍රනාන්දු 2/44.

Baduraliya SC – කඩුලු 8ක් දැවී 89 (20): ගිහාන් රූපසිංහ නොදැවී 51, චානක දේවින්ද 3/12, සිතුම් දිසානායක 2/23, නිම්සර අතරගල්ල 2/12.

Ace Capital CC කණ්ඩායමට ලකුණු 92ක ජයග්‍රහණයක්.


Moors SC සහ Sri Lanka Army SC අතර තරගය – P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

Moors SC – සියලු දෙනා දැවී 131 (19.2): මොහොමඩ් ශමාෂ් 29, චතුරංග ද සිල්වා 61, ලක්ෂාන් ගමගේ 2/15, යසෝද මෙන්ඩිස් 2/22, සුමින්ද ලක්ෂාන් 3/37.

Sri Lanka Army SC – කඩුලු 3ක් දැවී 132 (16.4): අශාන් රන්දික 39, දිනේෂ් චන්දිමාල් නොදැවී 53, තිසර පෙරේරා නොදැවී 19, සඳකැන් පතිරණ 1/20.

Sri Lanka Army SC කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක්.


Galle CC සහ Sri Lanka Navy SC අතර තරගය – CCC ක්‍රීඩා පිටියේ දී

Galle CC – සියලු දෙනා දැවී 98 (19.3): රවිශ්ක විජේසිරි 27, නුවන් ප්‍රියදර්ශන 35, සචිත්‍ර සේනානායක 3/15, ඩිලංක අවුවර්ඩ් 2/10.

Sri Lanka Navy SC – සියලු දෙනා දැවී 61 (14.4): සචිත්‍ර සේනානායක 20, රවිශ්ක විජේසිරි 3/07, හරීන් බුද්ධිල 4/12.

Galle CC කණ්ඩායමට ලකුණු 37ක ජයග්‍රහණයක්.


Kalutara Town Club සහ Bloomfield C & AC අතර තරගය – SSC ක්‍රීඩා පිටියේ දී

Kalutara Town Club – කඩුලු 2ක් දැවී 45 (9.1): විශාර ප්‍රනාන්දු 15, රොමේෂ් නල්ලපෙරුම නොදැවී 11, Usman Ishak 2/12.

Bloomfield C & AC – කඩුලු 7ක් දැවී 48 (8): හසිත පෙරේරා 20, තරිඳු සිරිවර්ධන 2/07, ජනිඳු ඉනුවර 2/15.

Kalutara Town Club කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක ජයග්‍රහණයක්.


CCC සහ Saracens SC අතර තරගය – P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

CCC – කඩුලු 5ක් දැවී 49 (7): අශාන් ප්‍රියංජන් 23, කමිඳු මෙන්ඩිස් 16, මල්ෂ තරුපති 2/06.

Saracens SC – කඩුලු 5ක් දැවී 50 (6.1): නවිඳු නිර්මාල් නොදැවී 16, ඉසිත විජේසුන්දර නොදැවී 14, විශ්ව ප්‍රනාන්දු 2/04.

Saracens SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 5ක ජයග්‍රහණයක්.


Lankan CC සහ Sri Lanka Air Force SC අතර තරගය – CCC ක්‍රීඩා පිටියේ දී

Lankan CC – කඩුලු 7ක් දැවී 48 (12): කසුන් අබේරත්න 12, මෝවින් සුබසිංහ 3/09.

Sri Lanka Air Force SC – කඩුලු 6ක් දැවී 52 (11.5): කලණ විජේසිරි 13, රජීව වීරසිංහ 2/08, මිරංග වික්‍රමගේ 2/10.

Sri Lanka Air Force SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 4ක ජයග්‍රහණයක්.

තරගාවලිය පෙර ලැයිස්තු ගත කර තිබූ ආකාරය අනුව අද තරගාවලියේ පළමු වටයේ අවසන් දිනය වූවත්, වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමුණු තරග නැවත පැවැත්වීමට යෝජනා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. ඒ අනුව තරගාවලිය ඉදිරි දිනවල දීද සක්‍රීය වීමට නියමිත අතර එහි දින තවමත් ප්‍රකාශයට පත් වී නැත.

දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ තතු විත්ති දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<