ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියේ ක්‍රීඩාංගණ සහ දවස් වෙනස් වෙයි

19481

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල යම් වෙනසක් සිදුව තිබේ. තරගාවලියේ ටෙස්ට් තරග දෙක සුපුරුදු ලෙස ගාල්ලේ දී සහ කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එන නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලාංකික පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලාන් සමරවීර …

නමුත් තරගාවලියේ ප්‍රථම විස්සයි විස්ස තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් නව තරග සැලැස්මට අනුව එම තරග දෙක මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වෙත ගෙන ඒමට තීරණය කර ඇත. ඒ අනුව නවසීලන්ත සංචාරයේ විස්සයි විස්ස තරග තුනම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. 

නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවේ තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත අතර ලෝක ටෙස්ට් ශූරතාව අද (01) ඕස්ට්‍රේලියා – එංගලන්ත අළුබඳුන තරගාවලියෙන් ආරම්භ විය. 

>> ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියේ HUB එකට මෙතැනින් පිවිසෙන්න <<

තරගාවලියේ පෙර පැවති කාලසටහනට අනුව විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අගෝස්තු 31 වැනිදා සහ දෙවැනි තරගය සැප්තැම්බර් මස 02 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබුණි. නව තරග කාල සටහන අනුව එම තරග දෙක සැප්තැම්බර් මස 01 වැනිදා හා 03 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. තුන්වැනි තරගය පැවැත්වෙන දිනයේ වෙනසක් සිදුව නැත. එය සැප්තැම්බර් මස 06 වැනිදා පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතය. 

සංචාරක නවසීලන්ත කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඔවුන් හයවැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හයවැනි ස්ථානය සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානය හිමිව ඇත. 

ශ්‍රී ලංකාව තුළ සිටින සියලු ක්‍රීඩාලෝලීන්ට මෙම නවසීලන්ත – ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග ThePapare.com ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව උදාවී ඇත. 

ශ්‍රී ලංකාවට එන නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලාංකික පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු…….

ශ්‍රී ලංකා – නවසීලන්ත නව තරග කාල සටහන 

  • අගෝස්තු 08 – 10: තුන්දින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<