තර්ස්ටන් විද්‍යාලය පූර්ණ ජයක් කරා

U19 Division 1 Schools Cricket Tournament 2024/25

69
U19 Division 1 Schools Cricket Tournament 2024/25

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (02) දිනයෙන් අවසන් වුනා.

මෙම තරග අතුරින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය පූර්ණ ජයග්‍රහණයක් කරා යාමට සමත් වූ අතර, ඊට අමතරව කොළඹ ලුම්බිණි විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

මෙම තරගවල දී කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ප්‍රවීන් මනීෂ කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා. එමෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් උරුම කර දීමේ වැඩි බරක් කරට ගත් කිත්ම විතානපතිරණ තුන් ඉරියව්වෙන් ම කැපී පෙනීමට සමත් වුනා.

මේ අතර තර්ස්ටන් විද්‍යාලය ලැබූ ජයේ කොටස් කරුවන් ලෙස තනුග පලිහවඩන පළමු ඉනිමේ කඩුලු 6ක දස්කමක් දක්වන අතරේ, සෙත්රූ ප්‍රනාන්දු දෙවැනි ඉනිමේ කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා.

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

(බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • ලුම්බිණි විද්‍යාලය – 180/10 (58.4) අශාන් ශනිල්ක 60, අයේශ් ගජනායක 4/41, මෙවන් දිසානායක 3/42 & 119/4 (41) පසිඳු මහීෂ 50
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 170/10 (62.3) ශරුජන් ශන්මුගනාදන් 66, ප්‍රවීන් මනීෂ 5/70, යශෝද් කවිඳු 3/34

තරගය ජය පැරදුමෙන් තොරයි, කොළඹ ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිමේ ජයක්.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

(සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • සාන්ත ජෝසප් විද්‍යාලය -196/10 (58.1) සෙනුජ වකුණුගොඩ 71, අභීත් පරණවිදාන 4/53, ආරෝන් ද සිල්වා 4/41 & 22/1 (5)
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 193/10 (77.3) මිතිල චාර්ල්ස් 47, යෙනුල දෙව්තුස 4/51, ඩේමියන් ද සිල්වා 3/63

තරගය ජය පැරදුමෙන් තොරයි, සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කළුතර තිස්ස විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

(තිස්ස විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • තිස්ස විද්‍යාලය – 165/10 (58.1) නෙත්සර යස්මිත 54, අශින්ස නයිනායක 4/40, කිත්ම විතානපතිරණ 3/23 & 110/4 (32)
  • ආනන්ද විද්‍යාලය – 223/10 (54.4) නෙතුල එදිරිමාන්න 71, කිත්ම විතානපතිරණ 64, මලිඳු ඩිල්ශාන් 5/67

තරගය ජය පරාජයෙන් තොරයි, ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

(සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • තර්ස්ටන් විද්‍යාලය – 136/10 (42.2) තනුජ රාජපක්ෂ 40, විහඟ තීක්ෂණ 3/32, තාරුක මනරම් 3/24 & 199/8 (54) විහස් තෙව්මික 53, රචින්ත ද සිල්වා 50, තාරුක මනරම් 2/52
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 59/10 (25) දිනිඳු ඩිලාන් 18, තනුග පලිහවඩන 6/22 & 230/10 (49.2) දිනිඳු ඩිලාන් 62, සුපුන් ලියනගේ 65, සෙත්රූ ප්‍රනාන්දු 5/45

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 46ක ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<