ඉතිහාසගත තරගාවලියට SLC සූදානම් වෙයි

614

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් T10 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සූදානමින් සිටින අතර ඒ සඳහා නිල අනුග්‍රාහකත්වය ඇතුළු අනුග්‍රාහකයින් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ටෙන්ඩර් කැඳවා තිබේ. 

තරගාවලිය සැලසුම් කර පරිදි පවත්වන්නේ නම්  ICC පූර්ණ සාමාජික රටවල් අතර T10 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලොව පළමු රට ශ්‍රී ලංකාව වෙනු ඇත.

ඒ අනුව මෙලෙස ටෙන්ඩර් පත් කැඳවා වැඩිම ලංසුවක් තබන ආයතනයට එම තරගාවලියේ සම්පූර්ණ කළමනාකරණ කටයුතු සහ නිල විකාශන අයිතිය ඇතුළු වරප්‍රසාද කිහිපයක් ලැබෙනු ඇත. ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී එම සියලු කටයුතු සඳහා අනුග්‍රාහකත්වය දරන්නේ IPG ආයතනය විසිනි.

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගී කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් සිටින අතර අවසන් මහා තරගය, අවසන් පූර්ව තරගය ඇතුළු තරග 17ක් මෙම තරගාවලියේ තරග කාලසටහන සඳහා ඇතුළත් වනු ඇත. 

තරග වදිනු ලබන සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත අතර ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇතුළත් කිරීමට හැකිය. එසේම එක් කණ්ඩායමක පුහුණු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් (උපරිම විදේශිකයින් දෙකයි) ද මේ සඳහා නම් කිරීමට හැකිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් මෙම T10 තරගාවලිය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නොමැති නමුත් ඒ සඳහා අදාළ වැඩකටයුතු සිදුවන බව පෙනෙන්නට තිබේ. ඒ අනුව තරගාවලිය ලබන වසරේ ආරම්භයේ දී පැවැත්වීමට වැඩි ඉඩක් ඇති නමුත් අනෙක් රටවල්වලට සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට තිබෙන අනෙක් තරගාවලි ද පැවැත්වෙන දින වකවානු සලකා බලා එම දිනයන් යොදා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යම් අභියෝගයක් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන පරිදි ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසරේ නොවැම්බර් – දෙසැම්බර් කාලය තුල පැවැත්වීමට නියමිත නමුත් ශ්‍රී ලංකාව තුල නැවතත් කොරෝනා තෙවැනි රැල්ලක අවදානමක් මතුව තිබෙන නිසා එම කාලවකවානුව තුල ද එම තරගාවලිය පැවැත්වීම දැඩි අවිනිශ්චිත බවක් පැන නැගී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<