ශ්‍රී ලංකා Legends ස්වයං නිරෝධායනයට

353
Pic Credits - Twitter

පසුගිය දා නිමා වුන Road Safety Worlds Series ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා Legends කණ්ඩායම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ තරගාවලිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබීමයි.

ඉන්දියාවේ දී පැවැත්වූ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත් අතර ජයග්‍රාහී කණ්ඩායමේ නායකයා වන Sachin Tendulkar ඇතුළුව Yusuf Pathan, S. Badrinath සහ Irfan Pathan හට මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් සියලු දෙනා මද රෝග ලක්ෂණ සමඟ මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් විසින් ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා ලබන සෙනසුරාදා දක්වා ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස දැනුම් දී තිබෙන අතර නිරෝධායන කාලසීමාවෙන් අනතුරුව ඔවුන්ව PCR පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි.

තරගාවලියේ දෙවැනි අදියර මෙම වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කරන බව Knockout Facebook පිටුව සමඟ පැවති සංවාධයකට එක් වූ ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ Shyam Impett මහතා පවසා තිබෙනවා. 

Knock Facebook පිටුව සමඟ පැවති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්👇

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<