සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා

201
Sachin Tendulkar tests positive

ඉන්දීය සුපිරි ක්‍රීඩක Sachin Tendulkarට Covid-19 වැළඳී ඇතැයි වාර්තා වෙනවා. මේ පිළිබඳව ඔහු Twitter පණිවිඩයක් නිකුත් කරමින් සෙනසුරාදා (27) සඳහන් කර තිබුණා. 

තමාගේ රෝග ලක්ෂණ තවමත් ප්‍රාථමික බවත්, ඔහුගේ පවුලේ කිසිවෙකුටවත් රෝගය වැළඳී නැති බවත් ඔහු එම පණිවිඩයේ සටහන් කර තිබුණා. Tendulkar මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

Tendulkar පසුගිය සතියේ දී Road Safety World Series තරගාවලියට ද ක්‍රීඩා කළා. Tendulkarගේ නායකත්වයෙන් තරග වැදුණු ඉන්දීය ප්‍රවීණයින්ගේ කණ්ඩායම අවසන් මහා තරගයේ දී T. M ඩිල්ශාන්ගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම පරාජය කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<