Mumbai Indians ප්‍රබලයන් සංචිතයට එක්වෙයි

875
Mumbai Indians Twitter

නිමා වූ ඉන්දියා – එංගලන්ත තරගාවලිය නියෝජනය කළ ඉන්දියානු ක්‍රීඩකයන් වන Suryakumar Yadav, Hardik Pandya සහ Krunal Pandya ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය කණ්ඩායම වන Mumbai Indians සංචිතය සමඟ එක්ව ඇත.

ඔවුන්ගේ පැමිණීම පිළිබඳව තහවුරු කරමින් Mumbai Indians කණ්ඩායමේ නිල twitter ගිණුමේ සටහනක් තබමින් එම කණ්ඩායම් බලධාරීන් ප්‍රකාශ කර සිටියේ සිය සගයන් නැවතත් සිය නිවහන වෙත පැමිණි බවයි.

එමෙන්ම ඔවුන් විසින් එම ක්‍රීඩකයන් නිමා වූ තරගාවලිය පිළිබඳව අදහස් දක්වන වීඩියෝ පටයක් ද නිකුත් කර තිබූ අතර එහි දී අදහස් දක්වමින් Suryakumar Yadav ප්‍රකාශ කර සිටියේ ඉන්දියානු කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම ගැන තමන් හට විශාල සතුටක් මෙන්ම ගෞරවයක් බවයි.

“රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක හැම විටම සිහිනයක්. ඇත්තෙන්ම එවැනි පුදුමාකාර කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන්න ලැබීම පිළිබඳව ගොඩක් සතුටු වෙනවා. ඒත් දැන් මගේ රාජකාරිය අවසන්, ඒ නිසා මම නැවතත් Mumbai Indians පවුල වෙත පැමිණියා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්: 

ඉන්දියානු ප්‍රිමියර් ලීග් 2021 තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ශූරයන් වන Mumbai Indians කණ්ඩායම සහ Virat Kohli නායකත්වය දරන Royal Challengers Bangalore කණ්ඩායම අප්‍රේල් මස 09 වැනිදා තරග වැදීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<