සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉණිමේ ජයක්

313
U19 Schools Cricket

සිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම අද (03) ආරම්භ වූ අතර ඊයේ (02) ආරම්භ වූ තරගයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

පසුගිය ලිපි: නිපුන්ගේ තුන් ඉරියව් දස්කම් ජයග්‍රහණයට පාර කපයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරඟය

සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඊයේ (02) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඩී. එස්. සේනානායක කණ්ඩායම පළමුව පන්දු යවන ලදි.

අද දිනය ආරම්භ කරන විට ඩී. එස්. සේනානායක විද්‍යාලය තම පළමු ඉණිම සඳහා ලකුණු 28ක් ලබාගෙන සිටියේය. අනතුරුව තම විද්‍යාලයේ ලකුණු පුවරුව ලකුණු 116ක් දක්වා ගෙන යාමේදී දසුන් පෙරේරා ලකුණු 45ක් ලබා ගනිමින් ඉණිමේ වැඩිම ලකුණු ලාභියා විය. පවිත් රත්නායක හා ඩිලෝන් පීරිස් සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉණිම – 116/10 (45): දසුන් පෙරේරා 45, ශෙෂාඩ් අමීන් 31, පවිත් රත්නායක 4/33, ඩිලෝන් පීරිස් 4/42

ලකුණු 67ක වාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල සාන්ත තෝමස් විද්‍යාලයේ දෙවන ඉණිමට මංචිල විජේරත්න ලකුණු 42ක් ලබා ගන්නා ලදි. අනතුරුව ලකුණු 155ක අභියෝගයක් ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙත ලබා දෙමින් තම දෙවන ඉණිම අත්හිටුවීමට ඔවුන් තීරණය කරන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉණිම – 87/06 dec(34): මංචිල විජේරත්න 42, ඩිනුර ගුණවර්ධන 31*, මුදිත ලක්ෂාන් 4/29

ඩී. එස්. සේනානායක විද්‍යාලයේ  දෙවන ඉණිම සඳහා අද දිනය අවසන් වන විට එහිද වැඩිම ලකුණු ලාභියා වීමට දසුන් සමත් වූ අතර ඔහු පළමු ඉණිම තුලද දස්කම් දක්වන ලදි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉණිම – 59/03 (27): දසුන් පෙරේරා 21, ඩිලෝන් පීරිස් 2/34

තරගයේ සාරාංශය,

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – 183/10 (78.2): මොහොමඩ් ඉශාක් 39, රවිදු කොඩිතුවක්කු 34, විහාන් ගුණසේකර 5/50

සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයක්


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය අද (03) මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදි ආරම්භ වූ අතර තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි.

ධර්මාශෝක විද්‍යාලයේ පළමු ඉණිම රාහුල විද්‍යාලයට එදිරිව ශතකයකින් වර්ණවත් කිරීමට කවිශ් කුමාර සමත් වූ අතර ඔහු ලකුණු 107ක් ලබා ගන්නා ලදි. රාහුල විද්‍යාලය වෙනුවෙන් පසන් සමරතුංග ලකුණු 52ක් තුල කඩුලු 5ක් දවාලමින් දස්කම් දක්වන ලදි.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – 215/10 (62.3): කවිශ් කුමාර 107, රවිදු රසන්ත 22, පසන් සමරතුංග 5/52

දිනය අවසන් වන විට රාහුල විද්‍යාලය තම පළමු ඉණිම ස්ථාවර මට්ටමකට ගෙන එන ලද අතර, නොදැවී ක්‍රීඩා කරන ලකිඳු චමෝද් ලකුණු 24*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි.

රාහුල විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 83/4 (39): ලකිදු චමෝද් 24*

මෙම තරගයේ දෙවන දිනය හෙට (04) පැවැත්වීමට නියමිතව ඇත.


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරඟය

අද (03) ආරම්භ වූ මෙම තරගයේ දී පිටියේ වාසිය ද ඇතිව කාසියේ වාසිය ජයග්‍රහණය කල තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

පළමු ඉණිම තුල ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් ලකුණු 34ක් ලබා ගත් හෂාන් ප්‍රියදර්ශන එම ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, සචිත ලියනගේ ලකුණු 30ක් ලබාගෙන තම විද්‍යාලයේ ඉණිම ගොඩනැංවීමට හෂාන් හට සහය ලබාදෙන ලදි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉණිම ලකුණු 119කට සීමාවිය.

ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – 119/10 (45.1): හෂාන් ප්‍රියදර්ශන 34, සචිත ලියනගේ 30, චරණ නානායක්කාර 2/17, සඳරු ඩයස් 2/20

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 66/03 (22): රිෆාස් මයුරස් 2/22

මෙම තරගයේ දෙවන දිනය හෙට (04) පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට