රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!

308

2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකක පමණ සුළු කාලයක් පමණි. නමුත් මේ දිනවල දී ශ්‍රී ලාංකික රග්බි රසිකයන්ගේ ඇති විශාලතම ගැටලුව වන්නේ මෙම තරගය පැවැත්වෙන වේලාවන් ගැනයි.

Video – ලෝකයට ආදර්ශයක් වන Beauden Barrett පවුල

ලෝකයටම ආදර්ශයක් වෙමින් Down Syndrome රෝගයෙන් පෙළෙන ළමුන් සදහා නිසි ප්‍රතිපාදන ලබා දීම පිණිස ලෝක ප්‍රකට රග්බි ක්‍රීඩකයෙකු වන බියුඩන් බැරට්

කෙටියෙන් කියනවා නම් රග්බිලෝලීන් දෙදෙනෙකු මුණ ගැසුණු විට ලෝක කුසලානය ගැන කතා කරන්නේ නම් ඔවුන් අතර පැන නැගෙන මුල් ප්‍රශ්නය වන්නේ “ජපානයේ වේලාව මේක නම් ලංකාවේ වේලාවෙන් කීය ද?” යනුවෙනි.

ඉතින් ThePapare.com අපි හිතුවා එළඹෙන 20 වැනි දින ආරම්භ වීමට නියමිත රග්බි ලෝක කුසලානයේ තරග කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්ම ලබා දෙන්නට. ඉතින් අපි බලමු රග්බි ලෝක කුසලානයේ තරග පැවැත්වෙන වේලාවන් කොහොමද කියලා.

මුලින් පොඩ්ඩක් දැනගමු 2019 රග්බි ලෝක කුසලානය ගැන. 

2019 රග්බි ලෝක කුසලානය පැවැත්වෙන්නේ ජපානයේ දී. ආසියාවේ දී රග්බි ලෝක කුසලානය පැවැත්වෙන්නේ පළමු වතාවටයි. ඒකයි ආසියානුවන් වන අපට 2019 රග්බි ලෝක කුසලානය විශේෂ වෙන්නේ.

Video – ලෝකය දිනන්න යන All Blacks කණ්ඩායම නම් කෙරේ

2019 රග්බි ලෝක කුසලානය සදහා ජපානයට යන නවසීලන්ත කණ්ඩායම නම් කෙරේ

A, B, C, D යනුවෙන් කාණ්ඩ 4කට කණ්ඩායම් 20ක් බෙදී තිබෙනවා. මෙම කාණ්ඩ 4න් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකි වන්නේ එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකකින් පමණයි. 

එම කාණ්ඩ 4පහතින් – 

A අයර්ලන්තය, ජපානය, ස්කොට්ලන්තය, රුසියාව, සැමෝවා රාජ්‍යය
B නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉතාලිය, නැමීබියාව, කැනඩාව
C එංගලන්තය, ප්‍රංශය, ආජන්ටීනාව, එක්සත් ජනපදය, ටොන්ගා රාජ්‍යය
D ඕස්ට්‍රේලියාව, වේල්ස් රාජ්‍යය, ජෝර්ජියාව, ෆීජි රාජ්‍යය, උරුගුවේ

තරග කාලසටහන පහතින් – 

දිනය තරගය ස්ථානය වෙලාව
20 සැප් ජපානය v රුසියාව ටෝකියෝ ප.ව.4.15
21 සැප් නවසීලන්තය v දකුණු අප්‍රිකාව යෝකෝහාමා ප.ව.3.15
21 සැප් ප්‍රංශය v ආජන්ටිනාව ටෝකියෝ ප.ව.12.45
21 සැප් ඕස්ට්‍රේලියාව v ෆීජි රාජ්‍යය සැපොරෝ පෙ.ව10.15
22 සැප් එංගලන්තය v ටොන්ගා රාජ්‍යය සැපොරෝ ප.ව.3.45
22 සැප් අයර්ලන්තය v ස්කොට්ලන්තය යෝකෝහාමා ප.ව.1.15
22 සැප් ඉතාලිය v නැමීබියාව යෝකෝහාමා ප.ව.2.15
23 සැප් වේල්ස් රාජ්‍යය v ජෝර්ජියාව ටොයෝටා ප.ව.3.45
24 සැප් රුසියාව v සැමෝවා රාජ්‍යය කුමාගයා ප.ව.3.45
25 සැප් ෆීජි රාජ්‍යය v උරුගුවේ කමයිෂි පෙ.ව.10.45
26 සැප් ඉතාලිය v කැනඩාව ෆුකුඔකා ප.ව.1.15
26 සැප් එංගලන්තය v එක්සත් ජනපදය කොබේ ප.ව.3.15
28 සැප් ජපානය v අයර්ලන්තය ශිසෞකා ප.ව.12.45
28 සැප් දකුණු අප්‍රිකාව v නැමීබියාව ටොයෝටා ප.ව.3.15
28 සැප් ආජන්ටිනාව v ටොන්ගා රාජ්‍යය ඔසාකා පෙ.ව.10.15
29 සැප් ජෝර්ජියාව v උරුගුවේ කුමාගයා පෙ.ව.10.45
29 සැප් ඕස්ට්‍රේලියාව v වේල්ස් රාජ්‍යය ටෝකියෝ ප.ව.1.15
30 සැප් ස්කොට්ලන්තය v සැමෝවා රාජ්‍යය කොබේ ප.ව.3.45
2 ඔක් නවසීලන්තය v කැනඩාව ඔයිටා ප.ව.3.45
2 ඔක් ප්‍රංශය v එක්සත් ජනපදය ෆුකුඔකා ප.ව.1.15
3 ඔක් අයර්ලන්තය v රුසියාව කොබේ ප.ව.3.45
3 ඔක් ජෝර්ජියාව v ෆීජි රාජ්‍යය ඔසාකා පෙ.ව.10.45
4 ඔක් දකුණු අප්‍රිකාව v ඉතාලිය ශිසෞකා ප.ව.3.15
5 ඔක් එංගලන්තය v ආජන්ටිනාව ටෝකියෝ ප.ව.1.30
5 ඔක් ජපානය v සැමෝවා රාජ්‍යය ටොයෝටා ප.ව.4.00
5 ඔක් ඕස්ට්‍රේලියාව v උරුගුවේ ඔයිටා පෙ.ව.10.45
6 ඔක් ප්‍රංශය v ටොන්ගා රාජ්‍යය කුමාමොටෝ ප.ව.1.15
6 ඔක් නවසීලන්තය v නැමීබියාව ටෝකියෝ පෙ.ව.10.15
8 ඔක් දකුණු අප්‍රිකාව v කැනඩාව කොබේ ප.ව.3.45
9 ඔක් ස්කොට්ලන්තය v රුසියාව ශිසෞකා ප.ව.12.45
9 ඔක් ආජන්ටිනාව v එක්සත් ජනපදය කුමාගයා පෙ.ව.10.15
9 ඔක් වේල්ස් රාජ්‍යය v ෆීජි රාජ්‍යය ඔයිටා ප.ව.3.15
11 ඔක් ඕස්ට්‍රේලියාව v ජෝර්ජියාව ශිසෞකා ප.ව.3.45
12 ඔක් අයර්ලන්තය v සැමෝවා රාජ්‍යය ෆුකුඔකා ප.ව.4.15
12 ඔක් නවසීලන්තය v ඉතාලිය ටොයෝටා පෙ.ව.10.15
12 ඔක් එංගලන්තය v ප්‍රංශය යෝකෝහාමා ප.ව.1.45
13 ඔක් ජපානය v ස්කොට්ලන්තය යෝකෝහාමා ප.ව.4.15
13 ඔක් නැමීබියාව v කැනඩාව කමයිෂි පෙ.ව.8.45
13 ඔක් එක්සත් ජනපදය v ටොන්ගා රාජ්‍යය ඔසාකා පෙ.ව.11.15
13 ඔක් වේල්ස් රාජ්‍යය v උරුගුවේ කුමාමොටෝ ප.ව.1.45
19 ඔක් පළමු අර්ධ අවසන් පූර්ව තරගය – C කාණ්ඩයේ පළමුවැනි කණ්ඩායම v  D කාණ්ඩයේ දෙවැනි කණ්ඩායම ප.ව.12.45
19 ඔක් දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – B කාණ්ඩයේ පළමුවැනි කණ්ඩායම v A කාණ්ඩයේ දෙවැනි කණ්ඩායම ප.ව.3.45
20 ඔක් තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – D කාණ්ඩයේ පළමුවැනි කණ්ඩායම v C කාණ්ඩයේ දෙවැනි කණ්ඩායම ප.ව.12.45
20 ඔක් සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය – A කාණ්ඩයේ පළමුවැනි කණ්ඩායම v B කාණ්ඩයේ දෙවැනි කණ්ඩායම ප.ව.3.45
26 ඔක් පළමු අවසන් පූර්ව තරගය ප.ව.1.30
27 ඔක් දෙවැනි අවසන් පූර්ව තරගය ප.ව.2.30
1 නොවැ තෙවැනි ස්ථාන තරගය ප.ව.2.30
2 නොවැ අවසන් මහා තරගය ප.ව.2.30

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<